Pages

Tuesday 29 April 2014

නිරුවත් දෙපයට තක්සලාව තහනම්ද.....?





නිරුවත් දෙපයට
තක්සලාව තහනම්ද.....?
හොඳින් ඇඳ ගත්තෝ
රඟද්දී නිරුවතින්..
අකුරක් ඉගැනුමට
කලිසමත් අඩුවක්ද..?

එබෙනු පුත
විවර දොර පලු තුළින්....
සිතට ගනු මැන
පිටුපස පෙළටත් පිටුපස
තවත් ඉඩ ඇති බව...

කොතැන සිට ලැබුවද 
ඇතිද වෙනසක් දැනුමෙහි....?
ලැබගත් පසුව,
ජාතකය කවුරු සොයත්ද.....??

සේයාරුව සුපුන් අත්තනායක සොයුරාගෙනි...

-චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය



49 comments:

  1. ශ්‍රේෂ්ඨයන් බිහිවෙන්නේ පසුපස පේලි වලිනි.

    :) කවි පෙල රහයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නංගී! ස්තූතියි ගොඩක් මගේ නිසඳැස රස වින්ඳට. ජය!

      Delete
  2. පාසල් විනය, නිල ඇඳුම සහ ඉගෙනුම පිළිඹඳ යම් කතිකාවතක් ඇතිවිය යුතුයි. ඉස්ටයිල් එකට සෙරෙප්පු දාන අය ඉන්න එහෙම ආව කියලා හිතලා දුප්පත් කෙනාටත් සෙරෙප්පු දැමීමට දඬුවම් කිරීම නේ දැන් වෙන්නේ. පසුගිය දිනවල අහපු කතාවේ වගේ පාසල් විනය තකා සෙරෙප්පු බෙල්ලේ එල්ලීම කොතරම් යුක්ති සහගතද?

    ReplyDelete
    Replies
    1. විනයක් සහ ආචාර ධර්ම පද්ධතියක් වගේම නිල ඇඳුමත් වැදගත්. ඇඳුමේ පිළිවෙළ අපට ජීවිතය පිළිවෙළකට හැඩගසා ගැනීමටත් උදව්වක්. ඇති හැකි අයට නැති බැරි අයට උදව් කරන්න පුළුවන්. එය තමයි නොවෙන්නෙත්.

      Delete
  3. මේ සිදුවීමට මුල් වෙච්ච ගුරුතුමියට දැන් ස්ථාන මාරුවක් ලැබිලා...ඒ වගේම විනය පරීක්ෂණයකටත් මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා...මගේ අදහස නම් ගුරුකමේ වගකිම දන්නෙ නැති මේ වගේ මීහරක් ගෙදරම යවන එක හොදයි කියලයි. ආර්ථික ප්‍රශ්න කියන්නෙ දරුවෙකුගේ වැරදි නෙමෙයි. කුඩා දරුවෙකු පෙළන එවැනි ගැටලුවක් ඇය පන්තියේ අන් අය ඉදිරියේ අවඥාවට ලක් කිරීමට යොදැගැනීමෙන්ම ගුරුවරියගේ ගොන්කම පැහැදිලි වෙයි. මම ඉතාමත් කම්පා උනා මේ පුවත් කියවලා පුවත් වෙබ් අඩවියකින්....ගුරුවරු කිව්වාට හැමෝම ගුරුවරු නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවනම් සිරා මල්ලී උඹ කියනකං මම මේ පුවත දැනගෙන හිටියේ නෑ. මේක නම් මට ලියන්න හිතුනේ මේ පිංතූරේ මුහුණු පොතේ දැක්කාම.
      ඒ ගුරැවරිය නම් ගුරැ පරපුරටම නින්ඳාවක්. මම දන්නවා සමහර ගුරැවරැ ඉන්නවා තමන්ගේ පඩියෙන් දුප්පත් දරැවන්ට සලකන.

      Delete
  4. මම ගියේ පොඩි ඉස්කෝලෙකට.. ඒ දවස් වල අපේ පන්තියේ හිටියා සපත්තු දෙකක් වත් නැති ළමයෙක්.. මම මේ කියන්නේ අපි 4වසර වගේ කාලෙදි.. අපේ පන්තියෙම ළමයින්ගේ අම්මලා එකතු වෙලයි ඒ ළමයට ඉගෙන ගන්න උදවු කලේ.. පොත් පත්, නිල ඇදුම සපත්තූ මේ දේවල් හැමෝම එක්තු වෙලා කරලා දුන්නා.. ඔය ඒකා අපි එක්කම හිටියේ උසස් පෙල වෙනකන්ම හොදට..

    ReplyDelete
    Replies
    1. ඇත්ත දිනේෂ් මල්ලි! ලස්සන නෙළුම් මඩේ උපදින්නේ. මැණික් හොයාගන්නේ පොලොවෙන්. ඒ වගේ තමයි මෙවැනි ළමයින්.එයාලා සතු දක්ෂකම් හා සමාජයට ගත හැකි ප්‍රයෝජන එයාලගේ ආර්ථික අපහසුතා නිසා නැතිවෙලා යනවා. හරිම ශෝකජනක සිදුවීමක් මේක.

      Delete
  5. ගුරු ගීතයේ දුයිෂෙන්ලා දැන් පොත්වල විතරමයි. ඒත් හැංගිලා ඉන්න දුයිෂෙන්ලා කොහොමහරි හොයාගන්න දැන් කාලෙ ඇවිත්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මනෝෂ්! ඔබව සඳුන් සෙවනටත් ආදරයෙන් පිළිගන්නවා. අපේ රටේ සියළුම අංශ වෙනස් වෙන්න ඕනේ. විශේෂයෙන්ම මිනිසුන් හිතන විදිහ. එය පටන් ගන්න ඕනේ පාසලෙන්මයි. එය කවදා පටන් ගනීද?

      Delete
  6. වල්ලා පට්ටා කවියක්...
    වල්ලා පට්ටා සිතිවිල්ලක්...

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි මාතලන් මාව අගය කළාට. මම උඹගේ ලිපිවලටත් ඉතාමත්ම කැමතියි. පහුගිය දිනවල බ්ලොගය පැත්තේ එන්න බැරිවුන නිසා උඹලගේ පෝස්ටු ගොඩක් මඟ හැරැනා. ජය!

      Delete
    2. මෙයාට දැන් වල්ලා පට්ටම තමයි

      Delete
    3. ලස්සනයි අයියේ, කාලෙකින් අයියව දකින්න එන්න බැරි වුණා

      Delete
  7. ඔ්‍ය වගේ වැරදි කාගේ අතිනුත් වෙනවා. හැබැයි ඒවට දඩුවම් ලැබෙන්න ඕන. අනිත් අයට දැනෙන්න..

    මොකද කාලෙකින් පේන්න හිටියෙි නැත්තේ.. මම මේ ටෙම්ප්ලේට් එක ජනප්‍රියම බ්ලොග් ටෙම්ප්ලේට් එක කිව්වට අපේ හාදයෝ ඒක පිළීගන්නෑ නෙව ගුණේ... හැක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශක තුමා. අළුත් ප්‍රොජක්ට් එකේ වැඩ අධිකයි මචං. ඒ වගේම ෆෝන් එකේ ඉන්ටර්නෙට් හරියට වැඩ කරන්නේ නෑ සයිට් එකේ ඉන්න කොට. පැය තුනක් විතර උදෙයි හවසයි මඟටම යනවා බං. ඒත් මුහුණු පොතට නම් සතියට සැරයක් වගේ කවි දානවා. මට උඹලගේ පෝස්ටුත් ගොඩක් මඟ ඇරැනා. ඔක්කොම කියවන්න ඕනේ. ජයම වේවා!!

      Delete
  8. හුගක් දෙමාපියො වගෙම ඒ දෙමාපියන්නෙ අදහස් අහන ළමයිද ගුරුවරුද... ඇතැම් විට උගැන්මට ආසා එකාට වැට කඩොල් බදිති..
    නමුදු උහු හත්පොලේි ගාගෙනහඩාවැලපෙති

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අපේ සමාජ ක්‍රමයේ වැරැද්ද. කවදා මේවා හරියයිද දන්නේ නෑ. කවද උනත් ඒ දවස ගොඩක් ලස්සන වේවි!

      Delete
  9. මේ කවියට පසුබිම් වෙන්න ඇත්තේ අර සපත්තු සිදුවීම වෙන්න ඇති, කොහොම වුනත්

    කොතැන සිට ලැබුවද
    ඇතිද වෙනසක් දැනුමෙහි....?
    ලැබගත් පසුව,
    ජාතකය කවුරැ සොයත්ද.....??
    කොටසට මම හරිම කැමතියි . ඇත්තෙන්ම එක වෙන්නේ , වැදගත්ම දේ ඉන් පසුව මුල අමතක් නොකිරීමයි

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි පවූලූෂා මලේ මම ඒ සිදුවීම ගැන සිරා මලයා කියනකන් දැනගෙන හිටියෙ නෑ. මේ ෆොටෝ එක මුහුණු පොතේ මගේ මිතුරෙක් එවලා තිබිලා මම සේව් කර ගත්තේ. ඒක දැකලා තමයි මට මේක ලියන්න හිතුනේ. උඹට ස්තූතියි මේක රස වින්ඳට! ජය වේවා!

      Delete
  10. චන්දන, මම මේ පින්තූරේ කොපි කරගත්තා මම උගන්නන එවුන්ට පෙන්නන්න. උන්ට පන්ති කාමරේ තියෙන සැප එක්ක බැලුවම මේක සම්පූර්ණ අනිත් පැත්ත. නමුත් ඒ මොන සැප තිබ්බත් සත පහක වැඩකුත් නෑ. අගයක් දන්නෙත් නෑ.

    මෙතනදි කතාවට පින්තූරයක් හෙව්වද? පින්තූරෙට කතාවක් ලිව්වද. කතාව කිව්වට කවියක්.

    ඇත්තටම මේක සුපුන් අත්තනායක ගත්ත පින්තූරයක් නම් මේ කොහෙදි ගත්ත එකක්ද? මේ ලංකාව නෙවෙයි. මට පේන්නේ ඉන්දියාව වගේ.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි මචං මොකද එතකොට ඒ ළමයින්ට තේරෙනවා එයාලා කොච්චර වාසනාවන්තද හා කොච්චර අසරණ ළමයි මේ ලෝකෙ ඉන්නවද කියලා.
      මේක මචං මගේ FB එකේ යාළුවෙක් සුපුන් අත්තනායක කියලා පෝස්ට් කරපු එකක්. මේ පිංතූරේ දැකලා ඒකටයි මම මේ නිසඳැස ලිව්වේ. අද තමයි දැනගත්තේ ලංකාවේ පාසලක ළමයෙකුට සෙරප්පු දාගෙන ආවා කියලා ගුරැතුමියක කළ අකටයුත්තක්.
      ඒ සුපුන් අත්තනායක හැමදාම වගේ ලස්සන පිංතූර පළ කරනවා. මම එයාගෙන් අහන්නම් කොහෙන්ද මේක ලැබුනේ කියලා.
      ජය පතමි!

      Delete
  11. ඇත්තමයි දැන් නං පුදුම ගුරුවරු ඉන්නේ. ඒ ළමයා නැතිබැරි කමටනේ එහෙම හරි ඉස්කෝලේ ආවේ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් පුදුම දඩුවමක් මල්ලී. මම මේ යාළුවන්ගේ කමෙන්ටු දකිනකම් ඒ සිද්ධිය දැනගෙන හිටියේ නෑ. අපේ මිනිසුන්ගේ හිතන පිළිවෙල අන්තිම සවුත්තුයි.

      Delete
  12. අවාසනාවකට වගේ අඩුපාඩු ඇති දරුවා ගුරුවරුන්ගෙන් විතරක් නෙවෙයි සම දරුවන්ගෙනුත් අපහාස අවමාන විඳිනවා. ඒවා විඳගෙන උඩට යන්නේ අතලොස්සයි.. වැඩිදෙනෙක් මගදි හැලෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං ඒවා ඔක්කොම විඳගෙන උඩට ගිය එකා හලන්න සක්කරයටවත් බෑ. ජය!

      Delete
  13. // කොතැන සිට ලැබුවද
    ඇතිද වෙනසක් දැනුමෙහි....?
    ලැබගත් පසුව,
    ජාතකය කවුරැ සොයත්ද.....?? // අපූරු කවි පෙලක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තුෂානි නංගී!

      Delete
  14. ඇත්ත්ටම ඉදිරියට අපේ අධ්‍යාපනය අනිවාර්යෙන්ම නැවත වරක් මුදල් ඇති අයට පමනක් සීමා වෙන බවට පැහැදිලි ලකුනු පහල වේගන යන්වා. ඒ වගේ තත්ත්වයකදී මේවත් ඇත්ත වේවි නේද..?

    ඇත්තටම හරි ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔන් ලයින් ඩිරෙක්ටර්! ඔබව සඳන් සෙවනටත් ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා.ජය!

      Delete
  15. ඕකම තමයි ගුණේ....ගමේ තියන පොඩි පොඩි පාසල් වහගෙන වහගෙන යනකොට වක්‍රාකාරයෙන් වෙන්නේ. මෙහෙම කෙලින්ම පේන එකට වඩා භයානකයි..නොපෙනී නොතේරී වෙන සිදුවීම් පෙළත්.

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත මචං ලංකාවේ අධ්‍යාපනය නිකං දුන්නට ඒකට හරියන්න විෂය මාලාවවත් ගුරැවරැන්ගේ කැපවීම හා මානසික මට්ටමත් හැදිලා නෑ සහ හදන්න කවුරැත් උත්සහ කරලත් නෑ කියලයි මට හිතෙන්නේ.

      Delete
  16. මට හිතෙන්නේ මේ ෆොටෝ එක අපේ රටේ එකක් වෙන්න බෑ .
    කොහොමත් කාලීන මාතෘකාවක් තමයි උඹ ලස්සනට කවි කරලා තියෙන්නේ . ජය !!

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඉංදියාව වගේ රටක වෙන්න ඇති. උඹගේ ඇගැයීම මට මසුරං! ජය!!

      Delete
  17. සිතිවිල්ල වෙනද ලෙසටම සුපිරි....
    අනේ මන්ද මචං ලංකාව ගැන.......
    පොලිසියෙ කට්ටිය එකතු වෙලා සපත්තු කුට්ටමක් අරං දීල...... පොඩි එකී ඒක අරං OIC ගෙ කකුල් දෙක අල්ලල වදින පින්තුරෙ දැකල මගෙ ඇස් තෙත් වුනා බං .....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං! අනේ මන්දා ලංකාව යන විදිහ ගැන නම් හරිම කණගාටුයි!

      Delete
  18. චන්දන....අපූරු පද පෙළක් වෙනද වගේම...

    ඒ එක්කම පොඩි දෙයක් කියන්නත් තියනව. තක්ෂිලාව නෙවෙයි මල්ලි තක්සලාව වෙන්න ඕන. තක්ෂිලා කියන්නෙ ඉන්දියාවෙ ඒ කාලෙ තිබ්බ විශ්ව විද්‍යාලයක්. අධ්‍යාපන ආයතනය කියන අදහස එන්නෙ තක්සලාව කිව්වම. දිසාපාමොක්ල හිටියෙ තක්සලාවෙ.

    දිසාපාමොක් ඇදුරු තුමනී,
    දුටුව දා සිට මනමේ කුමරී,
    ඇගේ රුව මා මනස කළඹයි.,
    තක්සලාවෙන් ඉවත යන්නෙමි.

    ටී.එම්. ගෙ ඒ ගීතය අහල තියනව නේද?

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි රවී අයියා! වැරද්ද පෙන්වාදීම ගැන මම නිහතමාණීව ස්තූතිය පළ කරනවා. ඒක දැන් හරිගැස්සුවා. අයියට ජයම වේවා!

      Delete
  19. හරිම ලස්සන පද පෙළක්....................

    දිගින් දිගට ම ෙම් පැත්තට එන්නම්. අද තමයි අාෙව්................

    ReplyDelete
    Replies
    1. ඔබට ගොඩක් ස්තූතියි මගේ නිසඳැස රස වින්ඳට! නැවත මේ පැත්තේ එන ලෙස සුහඳ ආරාධනා! ජය!!

      Delete
  20. තවත් අදහසක්...............

    ත්‍රී ඉඩියට්ස් හින්දි ෆිල්ම් එක නැවතත් බලන්න කියලා හැමොටම කියන්න හිතුණා ෙම් කවිය කියෙව්වාම....................

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තොරතුරට! මමත් තාම බලලා නෑ. හොයාගෙන බලන්න ඕනේ.

      Delete
  21. පින්තූරයත් කවියත් දෙකම අගෙයි සඳුන්,ඉහලින්ම රසවින්දා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියට! ජයම වේවා!

      Delete
  22. අගෙයි කවි පෙළ..
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංචාරකයා මාව ඇගැයූවාට! ජය!!

      Delete
  23. ජායාරූපයක් කියන්නෙ වචන දහස් ගණනක නිහඬ පණිවිඩයක් ...
    සිතුවමේ කථාව සංවේදී විදිහට මතු කරල තියෙන සොඳුරු නිර්මාණයක්

    ( පාර හොයාගත්තේ කුරු‍ටු ගෑ ගී පවුරෙන් )

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරැ ඔබගේ ඇගැයීමට! ඒ වගේම සඳුන් සෙවනටත් ඉතාමත්ම සෙනෙහසින් පිළිගන්නවා. කුරැටු ගෑ ගී පවුරටත් මගේ ප්‍රණාමය මඟ පෙන්නුවාට! ජය!!

      Delete
  24. nice, we can;t comment to your post Desert flower. Its a nice book.

    ReplyDelete