Pages

Saturday 1 February 2014

බලාපොරොත්තුවේ විකාශනය.......


Picture credit: blog.harzrulnz.net


මෙම නිර්මාණය කිරීමට නිමිත්ත සොයා දුන් මා හිතමිත්ර ලසන්ත රත්නවීරයනට හදපිරි සෙනෙහසිනි....


බලාපොරොත්තුවේ විකාශනය.......


ගැටවර වියේදී නිතර
හමු වූ මේ මිතුරු පොකුරට
රත්නේ ගුණේ හා මුණයා සමඟ
සුන්දර චන්දරෙත් කැපුනානේ යසට....


බලපං ගුණේ මුණයගේ බඩුව
උසටම මහත ඇඟ පතත් ඇත සරුව
ඒකට චන්දරේ අහුවුන ගෙදර
දුවටත් වැඩිය අම්මානේ හරිම කතුර


රත්නේ බලහං සිරිමලා කොහෙද
කළුවරේ හොරු ඇවිත් අරං ගිහින් වත්ද?
මුණයා බැඳලා දරුවොත් ලැබිලලු ඌට
මොකද බං තවම උඹ කොටු පනින්නේ රෑට?


ගුණේගේ ලොකු කෙළී ඉන්නේ කැම්පස්ද
මගේ එකීනම් ඔන්න තාමත් ගෙදර
රත්නයගේ ළමයි නම් බැඳලා ගිහිං පිටට
ඒත් තවමත් ඌට ප්රශ්න....


අවුරුදු පනහක්! බොලේ අදද ඊයෙද...?
දැන්නම් අපේ උන්ටත් එක එක විදිහේ ලෙඩ දුක
රත්නයට හයි බ්ලඩ් ප්රෙෂර්.....
තිලකයට සීනි බව නම් ෂුවර්....


පෙරේදා ගියානේ හොරණට
ඉන්නට මුණයගේ මරණෙට....
දැන්නම් හිතේ නෑ බලාපොරොත්තු එහෙමට
බලන්නේ ඊළඟ ඇමතුම එන්නේ කාටද.....?




ප/ලි
මෙහි අවුරුදු පනහක් කියා ලියූවේ ඔවුන්ගේ මිතුදමේ වයසය. මේ වනවිට ඔව්හූ අවුරුදු 70-80 පමණ පසුවන බැව් සලකනු මනාය.......

28 comments:

  1. තක්කිට තරිකිට තෙයි කාටත් ඔයටික වෙයි .... ලෙසටම ලියාලා ඇත සුපිරිය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පවුලූෂා මලේ! උඹේ කථාත් මම ආසාවෙන් කියවනවා. ජය!!

      Delete
  2. එළට ඇත.. ගුනේ කිව්වේ මේ අසුව පැනපු අපේ ගුනේද

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශක තුමා! මේක මේ මගේ යාළුවා ලසන්තගේ තාත්තාගේ යාළුවෝ සෙට් එක ගැන ඌ කියපු විස්තරයක් නිසා ලියන්න හිතුනේ මචං! ගුණේලා රත්නෙලා ගැන...
      උඹට ජය!!

      Delete
  3. නියමයි ඕන් ඈ.. හරිම රහයි.. උඹ ගැන නෙමේනේ.. එච්චර වයසක් පේන්නේ නම් නෑ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන් සහෝදරයා! උඹගේ කථාත් හරිම රහයි.
      මේක මචං මට මගේ යාළුවෙක්ගේ තාත්තගේ මිත්ත්‍රයෝ සෙට් එකක් ගැන ඌ කියපු විස්තරයක් නිසා ලියන්න හිතුනේ.
      උඹට ජය!!

      Delete
  4. ///බලපං ගුණේ මුණයගේ බඩුව
    උසටම මහත ඇඟ පතත් ඇත සරුව
    ඒකට චන්දරේ අහුවුන ගෙදර
    දුවටත් වැඩිය අම්මානේ හරිම කතුර/// මේකේ මට නොගැලපෙන බවක් පේනවා ,ඔයා වෙනද හොදට ලියනවා .. අද මට නම් ලස්සන නැහැ. අදහස නම් නියමයි .. ඒත් ලියලා තියෙන විදිය මට නම් සෙට් වෙන්නේ නැහැ .. ( මේක නිර්මාණයේ නරකක් නොව ඔමාගේ කොමෙන්ට් එක පමණයි හොදේ )

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගී මම හරිම කැමතියි ඔයාලට ඇත්තටම හිතෙන දේ දැනගන්න. ඒක තමයි කොමෙන්ටුවකින් විය යුත්තේ. මේක මගේ පොඩි අත් හදා බැලීමක්. මේ තේමාවම මම සඳැස් ආරෙනුත් ලිව්වා. මේ විඳිහට වෙඩ්ඩලා, බංදුජීවලා, මස්ඉඹුලලා වගේ ඇඬෙන්න ලියනවා. මගෙත් සිහිනය එවැනි නිර්මාණ කිරීම. ඉතිං නංගිගේ මේ අදහස මට හරියට වටිනවා. නංගිට ජයෙන් ජය!!

      Delete
    2. හ්ම්ම්,

      Delete
    3. මට කියන්න ඕන උනේ වෙඩ්ඩලා, බංධුජීවලා,මස්ඉඹුලලා ලියනවා වගේ දවසක මටත් ලියන්න ආසයි කියලා...

      Delete
  5. මචන් මට මේවා ලියන හැටි උපෙදෙස් දෙන්න දැනුමක් නම් කොහෙත්ම නැහැ.
    නමුත් කියවූ පසු රසය පට්ටය.
    පට්ට කිව්වේ අර "පට්ට"කියල කියන එකට නෙමේය.
    ඇත්තටම සුපිරිය...

    (මචෝ උඹේ පෝස්ට් කීපයක් මග ඇරිලා මට එකට sorry වෙයන්)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං! ගනන් ගන්න එපා කීයක් නං වැඩ අස්සෙද අපි මේවා ලියන්නේ හා කියවන්නේ. උඹට ජය!!

      Delete
  6. හෙහෙහෙ... ඊලඟ ඇමතුම කාටද ?
    කාට උනත් ඔය ඇමතුම කවදහරි එනවා නෙහ්. :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මධු මලේ. එතකං තමයි ඔක්කොම සෙල්ලං. බලන්න කාලෙන් කාලෙට මිනිසුන්ගේ බලාපොරොත්තු අවශ්‍යතාවයන් වෙනස්වන ආකාරය....

      Delete
  7. ඔය ඇමතුම එනකම් තමයි මේ හැමදේම..

    ReplyDelete
    Replies
    1. ඒකනේ මල්ලී... කීයෙන් කීදෙනාද ඕක තේරැම් ගන්නේ. හැබැයි ඒ වයසට යන කොටනම් ඒවා සිහියට එනවා. හැමදාම ඒ ගැන හිතන්න ඕනත් නෑ ඉතිං. කාටවත් වරදක් නොකර සතුටින් හිටියම ඉවරයි...

      Delete
  8. කයිය නම් හොද රහයි...ඒක කියවලා මම නිතර රස විදින ඇම් ඇස් ප්‍රනාන්දු මහත්තයගෙ මේ පද පෙළත් මතක් වුනා.

    සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා
    ගමන් බිමන් කනබොනදේ එකටයි එකවගෙ අදින්නෙ දෙන්නා
    මේ දෙන්නව බෑ තරහ කරන්නට කවුරුත් දැනගෙන උන්නා
    පිට පලාතකින් පවුලක් ඇවිදින් මේ ගමෙ පදින්චි වෙන්නා
    හරි ලස්සන කෙල්ලෙ උන්නා ‍‍‍..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා//

    දවසක් දෙන්න ගමනක් ගොස් මේ ගේ අසලින් යන්නේ
    ආසයි කියන්නත් ආසයි ඒ තරුනි සිනාසෙන්නේ
    මටදෝ මෙයාටද දන්නෑ අර සංග්‍රහයක් කෙරුවේ
    සයිමන් අයිය සිතුවා සේ මාටින් අයියත් සිතුවේ

    වැදුනා දෙන්නටම විසාල සැකයක් හිත ඇතුලට වැදුනා
    සිතුනා බලන්නට තනියම ඇවිදින් දෙන්නාටම සිතුනා
    සයිමන් අයිය දැන් එන්නේ මාටින් අයියා නැතුවයි
    මාටින් මේක ගැන දන්‍නෑ එයත් එන්නෙ තනිවයි

    සයිමන් අයියයි මාටින් අයියයි හොද.... /

    තරගේ දෙන්නගෙ අ‍තරේ දවසින් දවසට මෝරයි
    ඇදුමෙන් පැලදුමෙන් වගේ සැන්ට් පවුඩර් සුවද හමයි
    දවසක් දෙන්න මුන ගැසුනේ මේ තරුනිගෙ නිවස ලගයි
    තරුනී දොරකොඩ සිටියේ තම සැමියා සමගයි

    තරුනන් දෙන්න අර යන්නේ සැමියනි හරි කරුනාවන්තයි
    මෙතනින් යනකොට කොයිවෙලාවටත් යන්නේ හිනාවෙලයි
    ඈ නම් විවිහාක ලදකී තරුණියක් වගේ පෙනුනේ
    එනමුත් බොහොම ගණවන්තයි කා සමගත් සිනාසුනේ

    එතැනින් දෙන්නටම දැනුනේ දෙන්නම රැවටිච්ච බවයි
    සයිමන් මාටින් දෙන්නා තාමත් හොද මිතුරො තමයි


    සයිමන් අයියයි මාටින් අයියයි හොද.... /

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලී! මාත් ඒක කැමති සිංදුනක්. ජෝතිලා එම් එස්ලා වගේ අය නැති අඩුව දැන් තදින්ම දැනෙනවා. පුදුම දක්ෂයෝ...

      Delete
  9. අප්පෝ අපිට තව කල් තියෙනවා මේ ගැන හිතන්න D. හැබැයි ඇමතුමක් එනකොටනන් ටිකක් ගැස්සෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං! අපිට තව අවුරැදු 30-35 ක් තියෙනවා. වැඩිය නොහිතා කාටවත් කරදරයක් නොවී ජොලියේ හිටියම ඉවරයි....

      Delete
  10. //සුන්දර චන්දනත්// නැතුව නැතුව.. :D :D

    සරල වුනත් රසවත්.. මට මැවිල පෙනුන වයසක සෙට් එකක් ඉස්සර විස්තර කතා කර කර ඉන්න හැටි.. මල ගෙවල් වලදි එහෙම ඒ වගෙ දසුන් දකින්න පුළුවන් නේද..

    ReplyDelete
  11. කමෙන්ට් එවෙලෙම පෙන්වන්නෙ නැද්ද්..?? නැත්නම් ස්පෑම් වුනා ද.. Testing......

    ReplyDelete
    Replies
    1. මම මොඩරේෂන් ඔන් කරලා තියෙන්නේ මචං. ඒකයි..

      Delete
  12. ගුනේ.........මම දවසක් දෙකක් බජාර් බැහැලා හිටියේ :D
    උඹ වෙනදා නොලියපු ආරකට ලියලා. හොඳයි..තව මේ විදිහටම තව ටිකක් ට්‍රයි කරපන් හෙමින් සැරේ. ඔය වයසේ අය සෙට් වුනාම ඔහොම දෙබස් තම්යි යන්නේ. සුදානම් වෙනවා අපි කාටත් උරුම ගමනට.

    තිලකෙට සීනි නම් ශුවර් කියපුවාම මම හිතුවේ තිලක සිතට කියලා :D

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මම බැලුවේ මොකද නිශ්ෂබ්ද කියලා.
      ඔව් මචං තව ගොඩක් දේවල් හදා ගන්න තියනවා. අවුරැදු 20 ක් විතර නිකං හිටපු කාලේ මොනවා හරි ලියන්න තිබුනේ. ස්තූතියි මචං!! තිලකයාත් ඕකම ඇහුවා. උඹට ජය!!!

      Delete
  13. ලස්සන කතාවක් තියනවා, ඇත්තට එකට අත්වැල් බැදගෙන ඉන්න අපි කොහේ විසිවෙලා යාවිද කියලා හිතෙනවා තව අවුරුද්දක් විතර යනකොට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට! ඒ වගේම සඳුන් සෙවනටත් ඉතාමත් සෙනෙහසින් පිළිගන්නවා.
      ඔබ හරි තනිවම ආපු අපට තනිවම හැමදේම දාලා යන්න වෙනවා. කලපු කෙලි ඔක්කොම ඉවරයි. කවදා කොතැනදි යන්න වෙයිද කවුරැත් දන්නේ නෑ. හැබැයි යන එක ස්ථීරයි.
      ඔබට ජය!

      Delete
  14. රසවත් නිර්මාණයක්. ඇත්තටම ඒ වයස එනකොට මිතුරන් මියදෙනකොට බලන්නේ ඊළඟ ඇමතුම එන්නේ කාටද.....? කියලා බලාගෙන තමයි ඉන්න වෙන්නේ

    ReplyDelete