Pages

Sunday 24 November 2013

සිර කරුවාගේ විලාපය........


ළන්දේ වණ පෙතේ දුව පැන නැටු කාළේ
ගම් මැද එළියමේ චක්ගුඩු ගැහු තාලේ
කොල්ලන් එක්ක තරඟෙට කවි කියු ලීලේ
පෙර භවයෙදී කල දේ මෙන් දැන් සිහිවේ
  
කුරුලන් මියුරු ලෙස කව් ගී කියපු හැටි
මහා කඳු මුඳුන් තලයෙන් හිරු බැහැපු හැටි
මලින් මලට සමනල් කැල පියැබු හැටි
පෙණ පිඩු බබලමින් ගඟ දිය ගලපු හැටි
  
බලමින් සිටියා මතකයි ගම ගොඩදි මම
පුරවා සැණසුනා නිදහස් සුලඟ ලැම
පැසසුම් කලා හැමවිට ගුරු දෙගුරු සැම
ඒ මටදැයි දැන්නම් සිතනුවේ කොහොම
  
නිදහස කියන වචනයේ වටිනා අගය
මේ කඳවුරේ කොතැනත් දක්නට නැතිය
පාළු කුටිය තුල මතුවන සීතලය
මකලා දමන්නට හිරු දහසක් මදිය
  
මේ සිර මැදිරියේ සීතල පිරි පොලොව
බොහොම රළුයි සිරුරම මොර දෙයි බැරුව
අම්මේ නුබේ උණුහුම පිරි හද මළුව
සිහිනෙන් විඳින්නට එමි මා හැම වරුව
  
කුඩා කවුළුවෙන් සඳ කැන් ගලපු වම
පසලොස්වක අහස මනසින් මවමි මම
මල්වල සුවඳ'විත් මැදිරියේ පිරුන හම
පෙති වල මෙලෙක සිහිනෙන් අත්විඳිමි මම
  
මා වරදක් නොකෙරුව බව නම් අම්මේ
ඔබ හැර කවුරුවත් සිතනුවේ නෑ අම්මේ
මා ඒ පුතුම බැව් ඔබ දන්නවා අම්මේ
දැන්නම් දුක් නොවෙමි මං මෙය පුරුවේ කරුමේ
  
මා හදවතින් මියගොස් දැන් අවසන්ය
වරඳට නියම වූ දින ඒ මළගමය
මගේ දිවි ගමනේ කෙළවර දැන් අතළඟය
පෝරකයට යමි හෙට මා නිවැරදිය
  
මළ බැව් අසා අම්මේ ඔබ නොහඬන්න
ආයුෂ මෙපමණයි එය සිහියට ගන්න
ඔබ පෙව් කිරි වලට කළ ගුණ සලකන්න
මතු භවයෙවත් එමි අම්මේ මා ඔන්න


10 comments:

  1. මම මේ කවි පංතිය කියෙව්වා වාගේ මතකයි...

    ReplyDelete
    Replies
    1. කළින් එකමයි මධූ මලේ. වෙනස දැක්කේ නැද්ද? උඹලගේ පිහිටෙන් කවි ටික කෙලින් කර ගත්තා. ඊළඟ කවිය අඟහරැවාදා පළ කරන්නම්. උඹට ස්තූතියි!!!

      Delete
  2. එළකිරි එකනේ කිව්වේ දැන් කොහොමද පෙනුම..කවිටිකේ...! මේ කවිට්ක කියවලා මතක් වුනේ අවසාන මොහොත මාගේ ... සින්දුව.

    ReplyDelete
    Replies
    1. ස්‍තූතියි පව්ලූෂා මලේ! උඹලගේ මඟ පෙන්වීම යටතේ සහ අළුත් මල්ලිට බුදුබව අත් වෙන්න උගේ පොරෝග්‍රෑමය පාවිච්චි කරලා වැඩේ කරගත්තා. හෙට හිමිහිට අනිත් කවි ටිකත් කෙළින් කරනවා. නැවතත් උඹට පිං. මට එකම දුක මේ වැඩේ කරන්න ගිහිං උඹලගේ පරන කොමෙන්ටු ටික මැකුනු එක ගැන.
      මෙහිදී මෙම කාර්ය්‍ය කිරීමට අද මට උදව් වූ මා මත්‍ර ලසන්තවත් ආදරයෙන් සිහිකරමි. අළුත් කවියක් සමඟ ළබන සතියේ හමු වෙමු!!!

      Delete
  3. චන්දනගේ කවි පද එක්ක නම් අපිට හැරෙන්න වත් බැහැ.. දිගටම ලියන්න..අසාවෙන් බලනවා ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහන් ඔබගේ ඇඟැයීම මට විශාල ශක්තියක්!!

      Delete
  4. මේ පෝස්ටුව කලිනුත් පල වුනා නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් සිරා මල්ලී. ඊයේ තමයි කවි පද පේලි කෙලින් කරන මංතරේ අල්ලා ගත්තේ අපේ යාළුවන්ගේ ආධාරයෙන්. ඉතිං ඊයේ රෑ මෙහේ ඉන්න මගේ යාළුවෙක් එක්ක පොඩ්ඩක් අනුමත
      වෙනගමන් කවි කෙලින් කලා. මේක බැරිවෙලා මං අතින් ඩිලීට් උනා. ඒකයි ආයිත් පෝස්ට් කලේ. මට දුක කළින් කොමෙන්ටු ටික නැතිවුන එක ගැන.

      Delete
  5. මේ අර ප්‍රෝග්‍රෑම් එකෙන් නේද කවි ටික හැදුවේ.. කොහේද අපි කවි ලියන කාලේ මේවා නෑ.. මේවා තියෙද්දී අපි කවි ලියන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි ඒකනම් ඉතාම වටිනා මෙවළමක්. අළුත් මල්ලිට මගේ ප්‍රණාමය! ඉතිං දිනේෂ් මලිලි ආයිත් කවි ලියන්න පටන් ගන්නකෝ....

      Delete