Pages

Thursday 28 November 2013

යථාර්තය........


පුහු ආටෝපයෙන් වැසුණු
නුබේ ඔය වත කමල
බහුරූ කෝළමක දුටු
කවටයෙකු සිහි කරයි.....

ඇහි දෙබැම රැහැ දමා
ඉරි දෙකක් ගසා ඇත.....
වතේ සම නොපෙනෙන්න
පුයර තලි උලා ඇත....

ඇහි පියළි කඩෙන් ගත්
ලාබ බෝනික්කි මෙනි.....
තොල් සඟල ඔප දැමූ
අකීකරු සිත්තමකි......

කොට කෙරූ වරලසද
සුනඛ නැට්ටක වැනිය.....
ඇගෙහි ලූ වස්ත්රයෙද
කිසිදු හැඩ තල නැතිය.....

කැඩපතක් ළඟට ගොස් 
බලනු මැන හිතවතිය.....
බලා පවසනු මැනව
ඉන්නේ ඔබමද කියා???



21 comments:

  1. මේ ළඟ දී දවසක උත්සවේකට යන්න මේකප් දැම්ම ම මටත් හිතුනේ මේ වගේ දෙයක්. කණ්ණාඩියේ හිටියේ මම නෙමෙයි වෙන කෙනෙක්. ඊට හපන් ඒවා හෝදන්න ගියා ම! හිතා ගන්න බෑ හැමදාම ලස්සණට ඉන්න මේවා උලා ගන්න මිනිස්සු කොහොම හිතනව ද කියලා. හැමදාම වගේ අදත් පද වැල් ලස්සණ යි :)

    ReplyDelete
    Replies
    1. මේක ලියන කොට මට හිතුනා අපේ කාන්තා පාර්ශවය මාත් එක්ක අමනාප වේදෝ කියලා. ඒත් මුල්ම ඇඟැයුම සොඳුරැ යුවතියකගෙන්ම ලැබීම පිළිබඳ මට හරිම සතුටුයි!!
      ස්තූතියි ඔබට!!!!

      Delete
    2. නෑ නෑ. ගොඩක් කාන්තාවන් වුණත් මේව කරන්නෙ රැල්ලට මිස හිතල බලල විශේෂ කැමැත්තකින් නො වේ. මට නම් ඕව විකාර.

      Delete
    3. ගොඩක් සතුටුයි දිලිනි! ස්තූතියි!!

      Delete
  2. බවලත් උදවිය උත්සවේකට යනකොට ගෙයින් එලියට බහින කොට කොච්චරක් නම් මේකප් තලියක් උලා ගන්නවද ? හද්ද කළු ගෑල්ලමයා උනත් බලන්නේ පාං පිටි ටිකක් හරි උලාගෙන සුදට ඉන්න.. කෙනෙක්ගේ උපන් ලස්සන ඊට වඩා වටිනවා කියලා කිසිම කෙනෙක්ට හිතෙන්නේ නැති හැටි විතරක්... :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත මධූ මලේ! හැමෝම ලස්සනට ඉන්න ඕනේ තමයි. නැත්නම් හැමෝටම බලන්නත් හිතෙන්නේ නෑ. ලස්සන කියන්නේ පිරිසිදුව, තමන්ට ලැබිලා තියෙන උපාංග ගැන උනන්දුවෙන් ඉන්න එක. උපතින් ලැබෙන කැරලි කොන්ඩේ කී දෙනෙක් නම් කෙලින් කරනවද? ඒක කොන්ඩේ පැවැත්මටත් හොඳ නෑ. උලන ලට්ට ලොට්ට හමටත් හොඳ නෑ.

      Delete
  3. කතා කළ යුතු ටොපික් එකක් මචන්. ඒත් කවි ලියන එක වගේම ස්ත්‍රී රුප ලාවන්‍යය තව තවත් හැඩ වැඩ කරන එකත් කලාවක්නේ. ඒක හොඳ බිස්නස් එකක් රැකීයා මාර්ගේකුත් වෙලා තියෙන්නේ පස්සේ නේද? දිගටම ලියන්න . උඹට ජය !!

    ReplyDelete
  4. අපේ කාන්තා පාර්ශවයට වරදිනම තැන, තමන්ට ගැලපෙන ආකාරයට සහ අවස්ථාවට ගැලපෙන ලෙස විලාසිතා කිරීමයි.එතැන වැරදුණුවිට නම් ඇත්තෙන්ම බහුරූ කෝළම් වාගේ තමයි.හැමදෙයක්ම මධ්‍යම ප්‍රතිපදාවෙන් කරනවා නම් සැබෑ ලස්සන යටපත් වෙලා කෝලම් ස්වරූපයක් ලැබෙන්නේ නෑ.අනික තමන්ට ගැලපෙන ලෙස තියෙන ලස්සන ඉස්මතුකරගත හැකි විදිය බොහෝ දෙනෙක් හරිහැටි අවබෝධ කරනොගන්නා බවයි පේන්නේ.:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තනි තරැවේ ඔබට! ඒත් මම හොයන කොමෙන්ටුව තවම ලැබුනේ නෑ. මේ නිසදැස මගේ අසාර්ථක වෑයමක්ද??

      Delete
    2. සමාවෙන්න මගේ අදහස කීවා මිසක නිර්මාණය ගැන කියා නෑ නොවැ.නිර්මාණය සාර්ථකයි.මේ මියෙන අනිත්‍යය ගැන කියා තිබෙන හැටි අපූරුයි.ඇත්තෙන්ම ඔබට ලස්සනට භාෂාව හසුරුවා කවි පබඳින්නට ඇහැකි.
      ඇත්තටම අපි මේ වත්සුණු සුවඳ විලවුන් ගල්වා හැඩ කරන්නේ දිනෙන් දිනෙ මියෙන වෙනස්වන අපේ රූපය නේ.ඒත් ඉතින් පෘථග්ජන අපි තවමත් ඒ අලංකරණවලට ලෙංගතුයි.:)

      Delete
    3. ස්තූතියි තනි තරැවේ ඔය කොමටනටුව එනකං තමයි මම බලං හිටියේ. ඒ පනිවුඩය තමයි මට දෙන්න ඕන වුනේ. කැඩපතින් බැලීම තමන් තමන්ගෙන්ම විමසීමට මම යෙඳුවේ. ස්තුතියි ඔබට! නැවත හමුවෙමු!!!

      Delete
  5. අන්න මගේ මතයටම ගැලපෙන කයියක්...මමත් ඔය අස්භාවික විදියට මොඩ් වෙන කෙල්ලන්ට කැමතිම නෑ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා මලේ! ඒත් මම මේ නිසදැසේ මතුපිටින් එකපාරටම පේන දේට වඩා පනිවුඩක් දෙන්නයි ලිව්වේ. තාම ඒ ගැන කොමෙන්ටුවක් ලැබුනේ නෑ. අසාර්ථක වෑයමක්ද? පාඨකයාට එය නොදැනේද? බලමු සදුඳා වෙනකන්...

      Delete
  6. ඕවා ඉතින් හුඟක් දෙනෙක්ට තේරෙන්නේ නෑ.. හැබෑ සුන්දරත්වය වෙනස් කරන්න කොහෙත්ම බෑ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ් මල්ලී! තවම මම හිතාගෙන ලිව්ව කාරණය සම්බන්ධව කොමෙන්ටුවක් ලැබුනේ නෑනේ බං....

      Delete
  7. ඔය වගේම හදවතත් ලස්සන කරන්න පුලුවන්ද .....කෘතීමව....?

    ReplyDelete
    Replies
    1. පව්ලුෂා මලේ ස්තූතියි උඹේ කොමට්ටුවට! කලින් රස විඳි මිතුරැ මිතුරියන්( තනි තරැව හැර) මේ නිසදැසේ සෘජුව පේනදේ ගැන විතරයි කොමෙන්ටු කලේ. උඹගෙන් මම හිතපු සහ දෙන්න උත්සහ කල අදහසක් ලැබුනා. මට ඇත්තටම ඕන වුනේ කාන්තාවකගේ බාහිර ආටෝපය උපයෝගී කරගෙන අපගේ ජීවිත වල පුස් බව හා කැඩපතින් බැලීමෙන් මම අදහස් කලේ තමා තමාගේම හෘර්ද සාක්ෂියෙන් විමසීම.
      හරි මචං ඒක නෙමේ මාතලන්ගේ කැම්පස් සින්ඩිය දැකලා අපිටත් යම් වටිනාකමක් තියෙනවා නේද කියලා හිතුනා. මමනම් සඳුන් සෙවන ඒකේ එල්ලුවා. උඹත් එලිලුවාද? ජයෙන් ජය මලේ!!!

      Delete
  8. චන්දන.....උඹ මේ කියන්නේ මේ වගේ අය ගැන නෙමෙයි නේද?
    සමන් ජයනාත්/යසනාත් ධම්මික/නවරත්න ගමගේ
    http://www.youtube.com/watch?v=AfLtMNqHhE8

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං! ගෑණුන්ගේ මේක් අප් ගත්තේ උපමාවකට විතරයි ජීවිතේ පුහු බව පෙන්නන්න...

      Delete
  9. පස්ටයි ඈ... කාලානුරූපව ඕවා හැමදාම උනා බං

    ReplyDelete
    Replies
    1. දේශක තුමා ආයිබෝං කිව්වා. කලකට පස්සේ වෙළකට බැස්සේ කිව්වලු. කොහේද අප්පේ අන්ත්‍රස්‍දහන් වෙලා හිටියේ??

      Delete