Pages

Tuesday 19 November 2013

අභිසරුළියණි........



මේ පාළු වීදියේ
මූසල වූ ඇඳිරියේ
දැකගතිමි නුබේ රුව
අහම්බෙන් යුවතියේ......

සැඳෑ අහසේ අඳුර
දුටිමි නුබෙ නෙත් තුලින්.......
සුළං රොදෙ ඉකිබිඳුම
ඇසිනි නුබෙ සුසුමකින්.......

හද නඟන අඳෝනා
පෙනුනි නුබෙ වත මලින්......
කෙසේ මම් සැනසෙම්ද
දැවෙන මේ සිරුරකින්......

ඔබෙ නග්න සිරුර මට
කිසිඳු හැඟුමක් නොදෙයි......
මොහොතකට පෙර ඇසුණු
නුබෙ වදන් හද පෙළයි.......

නුබේ කය උරා බිව්
කිසිවෙකුට නුබේ හඬ.....
මට ඇසුණ අයුරින්ම
ඇසුණෙදැයි නොම දනිම්.......

එහෙත් මා සබැඳියේ
මේ මුදල අත තබමි.....
එය රැගෙන නුබෙ පැතුම්
වෙත හනික දිව යන්න.....

එයට පෙරලා නුබේ
කයේ සුව නොම පතමි......
රාග සිතිවිලි වලා
පෙමින් පලවා හරිමි.....

31 comments:

  1. කුහුඹුවෙකුට වරදක් නැති - වැරදිකාර ළඳුනේ.... කළු පසුබිමේ සුදු අකුරු කියවන්න අමාරු යි නේ ද? පසුබිමේ පාට වෙනස් කළොත් මොකද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..එය සැබෑවයි... දිලිනි..
      අප කියන දේ ...අසා..කරයි ...වෙනස්කම්.....
      කරයි...ඔහු....

      Delete
    2. ස්තූතියි දිලිනි! මට ලස්සනට පෙනුනා. ඒකයි මේ පසුබිම දැම්මේ. මම බලන්නම් වෙන පසුබිමකට මාරැ කරන්න. තාම කිරි කෝඩු නේ බ්ලොග් කලාවට....

      Delete
    3. ස්තූතියි kenji@japan මේ පැත්තේ ආවට! නැවත එන්න ආරාධනා!!!

      Delete
    4. මචෝ සහතික ඇත්ත.....මේ කළු එකේ කියවන්න අමාරුයි. මම කිව්වේ නැහැ...හැම තිස්සෙම වධ දෙන්න බැරි නිසා.

      Delete
    5. ඒක වදයක් නෙමේ මචං. ඕනම වෙලාවක වරදක් දැක්කොත් කියපං. තමන්ට ඇත්තටම හිතවත් කෙනෙක් තමයි යාළුවෙක්ගේ වරදක් දැක්කාම ඒක පෙන්නලා දෙන්නේ. මම පසුබිම වෙනස් කලා. දැන් හොඳද බලපං.

      Delete
    6. නියමයි....හොඳ පෙනුමක් තියෙනවා,

      Delete
  2. ලොව පැරැණි රැකියාවලු. එහෙත් මා දකින්නේ ආර්ථික අවපාතයට හසුවන සමහර කාන්තාවන් නිරායාසයෙන් යොමුවන්නක් බවයි. එහෙත්ත්, ඔවුන්ද මනුෂ්‍යයෝ ය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මලා මගේ බ්ලොගයට ගොඩ උනාට! ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔබේ කථාව සහතික ඇත්ත. අපේ සමාජයේ තියෙන ප්‍රශ්න විශේෂයෙන්ම කාන්තාවන්ට චපල පූරැෂයන් විසින් කරණ කැණහිළිකම් වලින් බොහෝ අහිංසක ලඳුන් මේ වෘර්තියට වැටෙනවා. සමහර ගැහැනුත් ජාවාරම පිටුපස ඉන්නවා. ඒ අතරම සමහර කාන්තාවන් මුදල් සෙවීමේ පහසු ක්‍රමයක් විදිහටත් මේක තෝරා ගන්නවා. නැවත මේ පැත්තේ එන්න කියලා සුහදව ඇරයුම් කරනවා.

      Delete
  3. අමරසිරි පීරිස්ගේ ලඳුනේ ගීතය මතක් කරපු පෝස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධූ මලේ!!!

      Delete
  4. "රාග සිතුවිලි වලා
    පෙමින් පලවා හරිමි…"

    ඇත්තටම පිරිමියෙකුගෙ ගිනි නිවන්න පණපිටින් තම මස විකුණන අහිංසකාවියන්. ඒත් හැමදාම ගැරහුම් ලබන්නෙත් ගැහැණිය.
    මේ කවි පෙලේ විදියට හැම පිරිමියාම ප්‍රේමයෙන් රාග ගින්න නිවා දැමූ දිනට මේ අමු මස් වෙළදාම නවතීවී.
    ඒත් ගැටළුව මේ අසරණ ගැහැණුන්ගෙ ඉරණම එතනින් එහාට?????

    ප්‍රියා ගේ සිතුවිලි (Priya ge sithuwili)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චතුරංග මල්ලී මේ පැත්තේ ඇවිත් මගේ නිර්මාණය රස වින්දට. රාග සිතිවිලි නම් කවදාවත් නැත් වෙයි. ඒක නිකං බඩ ගින්න වගේ. කෑම කාපු ගමන් තව කන්න හිතෙන්නේ නැහැනේ. බඩ ගිනි උනාම ආයිත් ඕන වෙනවා. සමහර වෙලාවට එකම කෑමත් නිතරම එපා වෙනවා.
      හැමදේම බුද්ධියෙන් හා අපේ හැදියාවෙන් තමයි විසද ගන්න වෙන්නේ. මේ අසරණ කාන්තාවන්ගේ ප්‍රශ්නයට නම් විශාල පුනුරැත්තාපන වැඩපිළවෙලක් කරලා එයාලට උන අසාධාරනය හොයලා එයාලට වෙන රැකියාවන් හොයලා දෙන්න වෙනවා. ඒත් කවුද මූලිකත්වය ගන්නේ. වැටත් නියරත් ගොයම් කයි නම් කාට ඒ අවනඩුව කියන්නද?
      තව දෙයක් තමයි සමහර කාන්තාවන් මුදල් සෙවීමේ පහසුම ක්‍රමය ලෙස මෙම කර්මාන්තය තෝරා ගැනීම.

      Delete
  5. කවදාවත් අමතක නොකල යුතු සත්‍යයක්......හැබැයි බොහෝ අය වැරදි කෝණයකින් බලන්නේ.
    බෙවිස් මනතුංගගේ මේ සිංදුව අහපන්....උඹ කැමතිවෙයි.
    /////http://geepadura.blogspot.co.uk/search/label/%E0%B6%B6%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%20%E0%B6%B8%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C//

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං! උඹේ කථාව ඇත්ත. හරිම ඛේදනීයයි සමහරැන්ගේ ඉරනම. ඒත් සමහරැ ඔවුන්ව විකුනලා පෝසත් වෙනවා. ඒ හම්බ කරන සල්ලි වලින් කන්න පුළුවන්ද??ගීතයට ස්තූතියි! ගෙදර ගියාම අහන්නම්. මම ෆෝන් එකෙන් මේ වැඩ කරන්නේ. මේකේ ලෝඩ් උනේ නෑ.

      Delete
  6. සතුටුයි.....මාතලන් උඹව සින්ඩියේ එල්ලලා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මචං උඹේ උදව්වට. ඒක විශාල පිටුවහලක් මට. මාතලන් කරන්නේ අපි වගේ අයට විශාල උදව්වක්. උඹට ජයෙන් ජය වේවා!!!

      Delete
  7. SHOAK KAVI NEDA

    ReplyDelete
    Replies
    1. මම ඔබගේ නම දන්නේ නෑ. ඔබව මම සඳුන් සෙවනට ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඔබගේ ඇගැයීමටත් පිං. නැවත පැමිනෙන ලෙස ඉතා ආදරයෙන් ඇරයුම් කරනවා.

      Delete
  8. මේ අත්දැකීම මේ විදියටම විදපු මගේ යාලුවෙක් හිටියා ඉස්සර මම වැඩ කරපු තැනක...ඒ ගෑණු ළමයා කැම්පස් එකක ඉගෙනගන්න දුප්පත් ළමයෙක්ලු...ලෙඩින් වැටිලා ඉන්න තාත්තට වියදම් කරන්නයි....තමන්ගෙ ඉගෙනීමෙ වැඩ වලටයි තමයි මේ විදියට සල්ලි හොයන්නෙ කිව්වම මම කියපු යාලුවා ඇගට අතක්වත් නොතබා රු 2000/- දීලා තිබුනා....මට අන්න ඒ සිදුවීම තමයි මේ කවි පෙළින් මතක් වුනේ.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ කොච්චර සැඟවුන, කියා ගන්න බැරි,කවුරැත් විශ්වාස නොකරන කථා නම් ඇද්ද ඒ කාන්තාවන් අතර. මේක හරිම සංකීර්ණයි.....

      Delete
  9. මේ මතෘකාව කවි කරපු හුඟක් දෙනෙක් අතරේ මාත් හිටියා.. කොයි පැත්තකින් දකින්න උත්සාහ කලත් ඒ ජීවිත වල අඳුර අපිට හරියටම තේරුම් ගන්න අමාරුයි කියලා හිතෙනවා අයියේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් මල්ලී ඒක නම් ඇත්ත තමයි. අපි නොදන්න මොන තරම් නම් කතන්දර සිද්ධි මේ හැම කාන්තාවක් පිටිපස්සෙම ඇද්ද? හරිම සංකීර්ණයි! වේදනාත්මකයි!!! මල්ලිගේ කවිත් බලන්න ආසයි.

      Delete
  10. මිනිස්සු මෙහෙම අසරණ උනාම ඒ අසරණකමින් අයුතු ප්‍රයෝජන ගන්න එවුන් කොච්චරනම් ඉන්නවද?මේ සමාජ රටාව දැන් ඒ දේවල් වලට හැඩගැහිල ඉවරයි..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත රජ වීදිය. මේවා මුල් බැහැගෙන ඉවරයි. මට දුක අකමැත්තෙන් තමන්ගේ පවුල් බර කර ගහන්න වෙන රස්සාවක් නැති නිසා මේවට පෙළඹෙන අය ගැන. මේ පැත්තේ ආවට ස්තූතියි!!!

      Delete
  11. ළඳුනේ ගීතය මතක් වුනා මටත්, අද කාලේ මේ වෘත්තියට කැමැත්තෙන්ම යොමුවෙන පිරිස වැඩිවෙලා. අපේ ජීවන රටාව වෙනස් වෙලා නිසා .

    ReplyDelete
    Replies
    1. ඇත්ත පව්ලූෂා මලේ බල්ලෝ මරලා හරි සල්ලි හොයන සමාජයක් මේක. සේරම ගුණ ධර්ම පිරිහිලා.

      Delete
  12. ඒත් ඉතින් මනුස්ස පරානයක් නේ කියල හිතන්නේ මිනිස්සු කීයෙන් කී දෙනාද?

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන අය ගොඩක් හිටියනම් සමාජය කොච්චර ලස්සන වෙන්න තිබුනද කෝරලේ මහත්තයා. දැන් වැඩි හරියක් ඉන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති තමන්ගෙම වාසිය ගැනම හිතන පිරිසක්.....

      Delete
  13. පද වැල් ආසාවෙන් රස වින්දේ. මේ කවි පෙළ කියවනකොට මට මතක් වුණේ ඉවාන් අයියා දාල තිබුණ කෙටි කතාවක්. පුළුවන් නං ගිහින් බලන්න.
    http://iwanpaulooshaa.blogspot.com/2013/10/blog-post_9323.html

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි මේ පැත්තේ ආවට! ඔයාව සඳුන් සෙවනට ඉතාමත් සෙනෙහසින් පිළිගන්නවා!! ගොඩක් පිං ඇගැයීමට. මම පව්ලූෂා මලයගේ රසිකයෙක්. ඒකට ගිහින් බලන්නම්. නැවත එන ලෙස සුහදව ආරාධනා කරනවා....

      Delete