Pages

Sunday 10 November 2013

බලාපොරොත්තුව..........



Art by A. Lloyd

වැහි බරින් ගැබිනි වූ
ආකහේ ඉරාගෙන
චන්ඩ හිරු කිරණයක්
පොලෝ තල සිඹිනවා.........

කොහේදෝ සැඟව සිටි
මඳ පවන් වැල් පොදක්
අතු පතර පිසැලමින්
මියුරු තනු මවනවා...........

කුඩා වැහි බිංදුවක්
හිරු කිරණ හා වෙලී
ආකහේ පළාතක්
වර්ණවත් කරනවා..........

ඉඩෝරෙන් ඉරි තැලී
නග්න වූ මිහි තලය
වැහි බිඳක් උරලන්න
පෙර බලන් හිඳිනවා........

30 comments:

  1. අප ව ජීවත් කරවන්නේ බලාපොරොත්තු.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දිලිනි ඔයාට මේ පැත්තේ ආවට! ආයෙත් නැවත එන්න සුහඳ ආරාධනා!!!

      Delete
  2. සඳුන් මිත්‍රයා (නම චන්දන වුනාට මං කියන්නේ සඳුන් කියලා) ඔබේ කවි ,නිසඳැස් හැම එකකටම පිටින් පෙනෙන අරුත වගේම සැඟවුණු අරුතකුත් තියෙනවා. ඉඩෝරෙන් ඉරි තැලී
    නග්න වූ මිහි තලය
    වැහි බිඳක් උරලන්න
    පෙර බලන් හිඳිනවා........
    "

    ReplyDelete
    Replies
    1. පව්ලූෂා මලේ මගේ අමනාපයක් නෑ සඳුන් කිව්වට. මම කැමතියි ඒ නමට මොකද මට එක නමයි තියෙන්නේ. ඒ හින්දම මගේ දරැවන්ට නම් දෙක ගානේ දැම්මා.
      උබේ ඇගැයීමට බොහොම ස්තූතියි මලේ. ඒක මට විශාල ධ්‍යෛර්යක්. වචනේ ලිව්වා හරිද මන්දා...

      Delete
  3. බලාපොරොත්තුවට ලොකු දෙයක් කරල තියෙනව..ඔහොම යං

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි ඔබේ ඇගයීමට. මේ පැත්තේ ආවටත් ස්තුතියි. නැවත එන්න සුහද ආරාධනා!!!

      Delete
  4. මොකක්ද අනේ කිව්වේ... බාගයක් හිතේ බාගයක් කොලේ...

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ලිව්වොත් රසිකයාට හිතන්න දෙයක් නැතිවෙනවානේ දේශක තුමා. ගොඩක් පිං මේ පැත්තේ ඇවිත් මට ශක්තියක් උනාට..

      Delete
  5. නන්දා මාලනියගේ "වහින්නට හැකි නම්..." ගීයත් මතක් උනා..
    ලස්සනයි කවි සිතුවිල්ල !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මධුරංග මලේ මේ පැත්තේ ඇවිත් මට ශක්තියක් උනාට. උබගේ ඇගැයීමටත් බොහොම ස්තූතියි!!!!

      Delete
  6. වැහි බරින් ගැබිනි වූ....නිතර නොයෙදෙන මේ යෙදුමෙන්ම මේ පද පෙල ඇරඹිලා තියෙන එකෙන් කවියට අමුතුම සුන්දරත්වය එකතු වෙලා තියෙනවා...දිගටම කවි ලියන්නද කල්පනාව...ඉදලා හිටලා කථාවක් දෙකකුත් ලියමු... ආයෙත් එනවා...ජය !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මේ පැත්තේ ඇවිත් මගේ කවි රස වින්දට. උබේ එක වදනකින් මාව දහස් වාරයක් දිරි ගැන්වෙනවා. කථා ලියන්න කරපු ආරාධනයත් හිස මුඳුනින් පිළිගන්නවා. මාස දෙකකට විතර උඩදි මම කථා දෙකක් පළ කරා. සපත්තු මහන්නා කියලයි පනම් අටා කියලයි. උබට නිවාඩු වෙලාවක
      බලන්න සුහද ආරාධනා. ආයෙත් මේ පැත්තේ එන්න.

      Delete
  7. අපිව හැමදාමත් ජීවත් කරවන්නෙ බලාපොරොත්තු තමා.
    පද ටිකනම් අපූරුයි. හතරපාරක්ම කියවලයි මේ කොටන්නෙ.
    අදමයි මේ පැත්තෙ ආවෙ. දිගටම එන්නම්.

    ReplyDelete
    Replies
    1. චතුරංග මලයාව සඳුන් සෙවනට සාදරයෙන් පිළිගන්නවා. මගේ නිර්මාණේ රස වින්දට ඔබට ගොඩක් ස්තූතියි!! නැවත මේ පැත්තේ එන්න කියලා මම නිහතමාණීව ආරාධනා කරනවා..

      Delete
  8. අපි හැමෝගෙම හිත් වල මොකක්ම හරි බලාපොරොත්තුවක් තියෙනවනේ.. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනේෂ් මල්ලී මේ පැත්තේ ඇවිත් මගේ
      කවි රස වින්ඳට!! නැවත එන්න හොඳේ.....

      Delete
  9. චාන්දන් මන් අද තමයි ආවේ.. දිගටම එන්නම්..හෙමීට පරණ කවි ටික කියවන්නම් ... මේ කවිය තුළ තියෙන දේ හොඳින්ම තේරෙනවා..ඒත් මම කෙළින්ම මේකයි කියලා කිව්වොත් ඔයාට තව හේතු ගොඩක් තියෙනවා " නෑ එහෙම දෙයක් ගැන නෙවේ " කියන්න..

    දක්ෂ කවියෙක්ට විතරයි එහෙම කරන්න පුළුවන් ....... දිගටම ලියන්න ...

    ReplyDelete
  10. ඔබව මම ඉතාමත් සෙනෙහසින් සඳුන් සෙවනට පිළිගන්නවා ශාන්! ඇඟැයීමටත් ගොඩක් ස්තූතියි. මමත් ඔබගේ ලියවිලි ඉතාමත් ආසාවෙන් රස විඳින්නෙක්. ආයෙත් මේ පැත්තේ එන්න සුහඳ ආරාධනා!!!!

    ReplyDelete
  11. ටික දවසක ඉඳන් මේ පැත්තේ එන්න හිතන් හිටියට වෙලාවක් තිබ්බේ නෑ . නොකඩවා ලියන එක නිසා උඹේ කවි බස දියුණු වෙමින් යන හැටි පෙනෙන්න තියෙනවා. සතුටුයි මචං . ජය !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලකේ හදවතින්ම! උබේ මඟ පෙන්වීම නොවන්නට මගේ නිර්මාණ කැළේට පිපී කැළේම පරවන මල් වෙන්නට තිබුනා. උබට ජය!!!

      Delete
  12. පලවෙනි වතාවට ආවේ. ඔබට හොඳ හැකියාවක් තිබෙන බව පේනව. දිගටම ඉදිරියට යමු.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සුදීක මේ පැත්තේ ආවට! ඔබේ ඇගැයීම මට විශාල ධ්‍යෛර්යයක්!! නැවත මේ පැත්තේ එන ලෙස මම ඉතා ආසාවෙන් ආරාධනා කරනවා... ඔබට ජය!!!

      Delete
  13. දැන් දඩි බිඩි වෙලාව හිමිහිට එන්නං කවි ටික රස විදින්න

    ReplyDelete
    Replies
    1. කහටක් නෑ අටම් මලේ ආව
      එකම ඇති... නිවාඩු පාඩුවේ ආයිත් මේ පැත්තේ එමුකෝ. මමත් ඔබේ ලිපි ආසාවෙන් කියවනවා.. ඔබට ජය!!!

      Delete
  14. හරිම සිම්පල් බස් වහරක්.....නොතේරෙන වචණ 100කට වඩා මේ පොඩ්ඩ මම බොක්කෙන් රස වින්දා....

    චන්දන.......මාතලන්ට කියලා මේ බ්ලොග් එක උගේ සින්ඩියේ එල්ලපන්කෝ.

    ReplyDelete
  15. ගොඩක් ස්තූතියි අරෑ( සමාවෙන්න මට උබේ මුළු නම හොයා ගන්න බැරි උනා.) ඇගැයීමටත් බොහොම පිං. මට හරි සතුටුයි උබලා මගේ නිර්මාණ වලින් වින්දනයක් ලබනවානම්. මෙහෙම රසිකයෝ ඉන්නකොට නිර්මාණ ඉබේම බිහි වෙනවා.
    මොකක්ද මලේ මාතලන්ගේ කථාව. මම අදුරන්නේ නෑ. ඒක කරන හැටි මට කියලා දෙනවද උබට හැකි වෙලාවක.

    ReplyDelete
    Replies
    1. මචං.....උඹ මාතලන් බ්ලොග් එක කියවනවා නේද? ඌ අපි උඹලා වගේ අය වෙනුවෙන් මාතලන්ගේ සින්ඩිය කියා එකක් පවත්වන් යනවා..එතනට බොහෝ අය ගොඩවෙනවා...එතන තියෙනවා මාතාගේ ඊමේල් එඩ්‍රස් එක. ඌට් මේල් එකක් දාපන් උඹේ බ්ලොග් ඩීටේල්ස් එක්ක. ඌ උඹට උදව් කරයි.

      Delete
    2. මම මාතලන්ට ඊ මේලයක් දැම්මා. උබට පිං මේ උදව්වට.

      Delete
  16. ඉතා හොඳ කවි නොලියා ඔබ ව විචාරය කිරීම අසීරු දෙයක්.. මගේ බ්ලොග් එකෙත් හොඳ කවි, කවි නැතුව ඇති.. කවියෙක් වෙන්නවත්, හොඳ කවියෙක් වෙන්නවත් මං අකැමතියි.. එහෙම වුණා ම ඒ අය ආදර්ශයක් වෙන්න ඕනෑනේ.. මං සීමාවන් රිසි නෑ.. මා ලියන දේ ඇතැම් විට මිනිත්තුවක් වැනි කුඩා ක්ෂණයක ලියවෙන්නේ.. ඉතා කාර්ය බහුල නිසා.. ලියන දේ එක් කරන්නේ 100% ක් එකඟ ව නොවෙයි..

    ඒත් කවියක් රස විඳින්න ගියා ම අපූර්වත්වය නැති කිසි ම දෙයකින් මා සන්තෝෂ කරන්න බෑ.. මොකක් හෝ පෙර නොවූ විරූ බවක් තියෙනවාටයි මම කැමති..
    උදාහරණ විදිහට රුවන් බන්දුජීවගේ කවිවලට මම කැමතියි.. ඒ කවි හෙණ ගැහුවා වගේ මුළු අධ්‍යාත්මය ම සොලවනවා.. රසිකා ගුණවර්ධන හරි පුංචි වචන කිහිපයකින් දමා ගසනවා.. මිහිරි බව මවනවා.. ධනුෂ්කා නිශාදි කුලරත්න... දෙයියනේ ඒ කවි බස ම මිහිරියි අපූරුයි... කාංචනා කරුණාමුණිට එයාගෙම ශෛලියක් තියෙනවා.. ඒවා මැජික් කවි.. වෙඩ්ඩාට අමුතු ළයක්, රිත්මයක් තියෙනවා..

    ඒ ඔක්කොටම වඩා ඒ අය බය නෑ.. නිර්භයයි... ඒ අය ම තමයි කවිය වෙන්නේ... කවියට ඒ අය වෙන්න ඕන වුණත් ඒ අයට කවියන් වෙන්න ඕනෑ නැතු ව ඇති කියා මට හැඟෙනවා..

    තමන්ගේ අත්දැකීම ලියන කොට නිර්භය වෙන්න.. සේකරවත් තාගෝර්වත් ශේක්ෂ්පියර්වත් වෙන්න ඕනෑ නෑ.. තමන් තමන් වෙන්න.. වචන අතික්‍රමණය කරන්න... හිත පුපුරුවා හරින්න...

    මිනිස්සු බනියි, මේ මොන විකාරද.. අභව්‍යයි.. විය නොහැකියි... මිනිසුන්ගේ දුක දන් නෑ... මිනිස්සුන්ගේ දුක වුණත් තමන්ට දැනෙන් නැත්තං ලියන්න එපා... තමන්ට දැනෙන දෙයක් මිස වෙන මොකවත් ම ලියන්න එපා... රීතිවලට සීමා මායිම්වලට යට වෙලා ලියන්නත් එපා... එක එක්කෙනා කියන විදිහට ලියන්නත් එපා

    ඒත්, කවියෙක් ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් වුණා ම ලස්සනයි කියලත් නිකමට දැනගෙන ඉන්න.. හොඳ කවියන් ගේ නිර්මාණ කියවන්න... ඒවා දැනෙනවාද බලන්න

    ඒවා තමන්ට දැනෙන්නේ නැති නම්, 'නම්' ලොකු වුණ පමණින් ඒ ගැන තකන්නත් එපා..

    කමෙන්ට්ස් කියන ඒවා ඉහට උඩින් තකන්නත් එපා.. අසාර්ථක කවිවලට වුණත් එක එක රසඥතාවයේ ප්‍රමාණයෙන් සහ වංක භාවයේ ප්‍රමාණයෙන් කමෙන්ට්ස් පත්තර ලැබෙන්නට පුළුවන්...

    කවි කියන්නේ මිහිරියාව... දුකක වුණත් තැවරෙන මිහිරියාව

    මේ ඔක්කොට ම වඩා... අර කඳු වගේ කවි ෆැක්ටරිවලින් පරිස්සම් වෙන්න.. කවි නොවෙන කවි වලින් පරිස්සම් වෙන්න... ඒවා කවි කියා හිතුවොත් කවියෙක් වෙන්න බැරි වෙයි.. ඕනෑ නම් ඔබට කවියෙක් වෙන්න-

    ඔබේ ආරාධනාව අනුව ඔන්න මම ලිව්වා..

    මගෙන් සුබ පැතුම්.. අස්වැන්නක් තනන්න.. අවුරුදු සීයකින් දෙසීයකින් වුවත් අපතේ නොයන

    උදාහරණයකට මෙන්න මේ කවිය බලන්න.. වැස්සෙ චිරි චිරිය සිරි බිරිය කන් ඉස් මොල් අත් කකුල් තෙතබරියන් කරමින් දැනෙනවා නේද?

    චොරොක් ගාලා සපත්තුව තුළ වතුර තෙරපෙයි වැස්ස හින්දා
    තොරක් නැතිවම වහින වැස්සට කුඩෙත් මදි තෙමෙනවද මන්දා
    හරක් ටික දක්කගෙන ඇවිදින් වහින වැස්සෙම ටිකිරි නැන්දා
    වරක් මා හට දසන් දක්වා හරක් ටික ගාලේම බැන්දා

    කකුල් දෙක මගෙ මඩින් නාවා වැලි පාරදිග වතුර පිරෙනව
    උපුල් මාමගෙ ගඩොල් වාඩියෙ වල වගේ මට පාර පෙනෙනව
    කෙහෙල් කොට ටික එකතු කරලා එකට බැඳලා පාරු හදනව
    හිවල් හූවෙන් ජවය දාලා කොල්ලො ටික ඇළ දිගේ පදිනව

    මඩ එකතු වී ඇළේ වතුරේ තිබුණු පිරිසිදු පාට මැකිලා
    බඩ ගොඩක් තඩි බංඩ මාමගෙ කඩේ තේ කිරි පෙනේ මැවිලා
    කුඩ එහේ යයි යළි මෙහේ එයි සේරෝම ටික දියෙන් තෙමිලා
    වැඩ සැවොම ඇන හිටලා වාගෙයි ගෙවල් වල දොර ජනෙල් වහලා

    වතුර වැටෙනව වක්කඩේකින් නිල් ගොයම් පැල දියෙන් තෙමෙනව
    උතුර යන තෙල් අතර කැවුමක් නටනවා වගේ බුබුළු නැගෙනව
    කුඹුර ලඟ මහ වැස්සෙ තෙමි තෙමි උදැල්ලක් ගෙන කවුදො වැනෙනව
    චතුර මල්ලිගෙ තාත්තා විත් කඩාඬුව කැඩිලාද බලනව

    වලා අහසේ ඉහළ ඉඳගෙන බුම්මගෙන බිම බලා ඉද්දී
    ගලායයි ඇළ වැහැල වැඩිවුන වතුර සමගින් පැද්දි පැද්දි
    ගිලා බැස්සට දියේ අල කොල යළි නැගෙන්නෙ වතුර නොරැඳී
    මළා වගේ හීතල වෙලා මම ඉන්න බෑ හිරි ගඩු පිපෙද්දි

    කඩේ ගාවට මේ වෙලාවට වෙනද වැඩියෙන් පිරිස එන්නේ
    වඩේ කන්නට කවුරුවත් අද ඇවිත් නෑ වගෙ මට පෙනෙන්නේ
    මඩේ නාගෙන මෙහෙම ගියමුත් ගෙදර ගොස් යහතින් නාන්නේ
    බඩේ ඉඳලා මුළු ඇඟම තේ උගුරකින් උණුහුම් කරන්නේ

    [අක්ෂර සෙනග 2009 - කවි සහ කෙටිකතා නිර්මාණ තරගයේ කවි [පාසල්]අංශයේ හොඳම නිර්මාණය සඳහා තිළිණය දිනා ගත්තේ ඩී. චමීන්ද්‍රා කුමාරි (අම්පාර සද්ධාතිස්ස මහ විදුහල) සිසුවියයි. මේ කව ද එම තරගයට ඉදිරිපත් කරන ලදුව හොඳම නිර්මාණ අතරට තෝරා ගනු ලැබූවකි.]

    ඩී. චමීන්ද්‍රා කුමාරි

    (උපුටා ගැනුම - http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=757)

    ReplyDelete
    Replies
    1. ඔබට ගොඩක්ම ස්තූතියි සොයුරි ඔබගේ අවංක හා කෙලින් වදන් වලට. මමනම් හිතන්නේ තමන්ගේ දැනුම හැටියට, දැනෙන හැටියට හා තම ශක්ති ප්‍රමාණයෙන් කරණ යම්කිසි ඇඟැයීමක් උවත් ලියන තැනැත්තාට සෑහෙන වටිනවා හා හිතට දහිරියක් ඇතිකරනවා කියලයි.
      කෙසේ වෙතත් ඔබගේ වටිනා අදහස් ටික මා පිළිගන්නවා. මගේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණියාට ස්තූතියි!!

      Delete