Pages

Monday 4 November 2013

මිනී මරුවාගේ විඳිල්ල......


Photo: freegeorge.us

මකා දැමූයෙමි
නුබේ සිනා රැලි...
උදුරා ගත්තෙමි
සුසුම් පවන් වැල්....
වැනසූයෙමි මා
සුපිපුණ කුසුමන්
නැවතුම තැබුවෙමි
නුබේ ජීවිතයට........

අන්ධකාරයේ
දෑස වැසූ සද
නුබේ කඳුළු පිරි
දෑස දකින්නෙමි..
ජීවය ඉල්ලා
හඬා වැටුන හඬ
දෙසවන පුපුරා
ශ්රවණය කරනෙමි...

පාළු මැදිරියේ
නුබ දිවි සොරකම
හැමදා විඳිමින්
මා වැනසෙන්නෙමි......
සැම දිනයෙම මා
අවමන් ලබමින්
ඉපැදී මැරෙමින්
වන්දි ගෙවන්නෙමි.......

19 comments:

  1. මට පේන්නේ හරියට මිනිහෙක් බැන්දට පස්සේ කියන කවියක් වගේ..

    ReplyDelete
  2. ස්තූතියි දේශක තුමා මේ පැත්තේ ආවට! මට එහෙම ලියන කොට හිතුනේ නෑ. උබේ අදහසින් පස්සේ ආයිත් කියවන කොට බැඳපු බිරිඳට වංචාකරපු සැමියෙකුගේ පසුතැවීමක් වගෙත් පේනවා. එහෙමද නැත්නම් බැන්ඳ එක වදයක් කියන එකද උබට හිතනේ? දැනගන්න ආසයි!!

    ReplyDelete
    Replies
    1. බැඳල වදයක් වෙලා ගෑනිටත් වදයක් වෙච්ච හිරගෙයක් කියන හැගීම තමා මට ආවේ...

      Delete
    2. මට හරිම සතුටුයි! ඔබ වන් ප්‍රවීනයෙකුට එහෙම හිතෙනවා කියන්නේ මම සාර්ථකයි කියලා හිතෙනවා. ඇත්තටම ගොඩක් නිර්මාණ ඒක කියවන තැනැත්තා අණුව වෙනස් වෙනස් අර්ථ ගන්නවා. ස්තූතියි නැවතත්‍. උබේ සටහනක් කාළෙකින් දුටුවේ නෑ.

      Delete
  3. කවි සිතුවිල්ල නියමයි.. ඒත් ටිකක් ඉතර දුක හිතෙන සීන් එකක් !

    ReplyDelete
    Replies
    1. රස වින්දට ස්තූතියි මධූ මලේ!!

      Delete
  4. කාගේ හෝ ජීවිතය සොරා ගත්ත කෙනෙක් නම් ,පසුතැවෙන්න සිද්ධවෙන එක තමයි ධර්මතාවය. ජීවිතය හොරා ගන්නවා කියන්නේ මරලා දානවා කියන එකම නෙවෙයිනේ. එක පුංචි සිත් රිදවීමක් වුනත් ඇති කෙනෙක්ගේ ජීවිතය හොරාගන්න.
    ඔබේ කවියට තේරුම් බොහොමයක් තියෙන හැඩයි. විශිෂ්ටයි

    ReplyDelete
    Replies
    1. උබට ගොඩක් ස්තූතියි මේ පැත්තේ ආවට! ඇඟයීමට මම ඉතාම නිහතමාණීව සතුටු වෙනවා. ලියන්න මම පොඩි කාළේ ඉදම්ම ආසයි. ඒ උනත් ලියන්න හිතන එක මධුවිතෙන් මත්වුන වෙලාවක දෙන පොරොන්දුවක් විතරක් උනා මෙච්චර කාළයක් යනකන්ම. ඒත් තිලක සිත ලියන මගේ බැචා තිලක සිරි තමයි මාව උනන්දු කලේ බ්ලොග් එකක් ලියන්න. මම හිතන්නේ උබ ඌව දන්නවා.

      Delete
    2. චන්දන සහ තිලකේ බැචාලද? ඒ බව මම අදයි දන්නේ , තිලකේ ඉංජිනේරුවරයෙක් බව අසා ඇත. ඔබ දෙපල කුමන සරසවියේදැයි දැනගැනීමට කැමැත්තෙමි. මම සිවිල් ඉංජිනේරුවෙක් පේරාදෙණියෙන් පිටවුනු.

      Delete
  5. අපිත් පේරාදෙණියේ තමයි මචං. 1990-1994 ඉංජිනේරැ පීඨයේ. මම කලේ electrical නමුත් මෙහාට ආවට පස්සේ සිවිල් ඉංජිනේරැ අංශයේ තමයි සේවය කරන්නේ. උබත් පේරා වලින් පිටවුන ඉංජෙක් බව දැනගැනීම සතුටක්. මොන බැචි එකේද උබ හිටියේ?

    ReplyDelete
    Replies
    1. මම E/99 ඒ කියන්නේ අපි ෆස්ට් ඉයර් එකට එනකොට ඔබතුමා ෆයිනල් ...එහෙනම් හම්බවෙලත් ඇති සමහර වෙලාවට ,මොකද අපිට හොස්ටල් හම්බවුනේ අක්බාර් නිව් වින්ග් එකේ උඩම තට්ටුවේ, එකේ අපිට රූම් දෙකයි අනිත් ඔක්කොම ෆයිනල් අයගේ.

      Delete
  6. මට දැනුනේ උඹට හිතුන දේ කියලා මම හිතනවා. හැබැයි අපේ දේශකයා දකින කෝණෙන් බලපුවහාම මම ඊට වඩා රසයක් කවියෙන් වින්දා. දිගටම ලියපන්. උඹට ජය!!!!!!

    මචං උඹ රිප්ලයි දානකොට.....අදාල කමෙන්ට් එකේ යටම රිප්ලයි එක දාන්න උත්සාහ කරපන්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මචං මේ පැත්තේ ඇවිල්ලා මගේ කවි රස වින්දට! උබලා වගේ පිරිසක් ඉන්නකොට ඉබේම රසවත් සිතිවිලි පහල වෙනවා. උබගේ සටහන් මම ඉතාම ආශාවෙන් කියවනව. ජය!!

      Delete
  7. මට දැනුනේ උඹට හිතුන දේ කියලා මම හිතනවා. හැබැයි අපේ දේශකයා දකින කෝණෙන් බලපුවහාම මම ඊට වඩා රසයක් කවියෙන් වින්දා. දිගටම ලියපන්. උඹට ජය!!!!!!

    මචං උඹ රිප්ලයි දානකොට.....අදාල කමෙන්ට් එකේ යටම රිප්ලයි එක දාන්න උත්සාහ කරපන්.

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉතිං ඕක දෙසරේ දෙසරේ කියන්න දෙයක් යැයි, අපිට ඇහුනා ..:D

      Delete
    2. යකෝ දැන් හැම දෙයක්ම දෙසැරෙට කරන්න වෙලා තියෙන්නේ. අහවල් එක නැගිට්ටව ගන්නෙත් එහෙමයි.

      Delete
    3. මචං කමෙන්ටු කෙටුවට බොහොම ස්තූතියි! මට තේරැනේ නෑ මොකක්ද නිවැරදි කරන්න කිව්වේ කියලා. තරහා නොවී ආයිත් කියපං මචං!!!

      Delete
    4. මචං.....මිනිමරුවා.....මිනිමරැවා... පොඩි ටයිපින් එරර් එකක්. නැත්නම් මගේ ඇස් අප්සට්ද?

      Delete
    5. මචං "ර" වල නේද අවුල. ඒක හරි ප්‍රශ්නයක් බං. මම ෆෝන් එකේ තියෙන සිංහල මෙවලමකින් තමයි අකුරැ කොටන්නේ ඒත් රැවුල කව්වත් රැවල කිව්වත් රැ විතරමයි පුළුවන්. අනික් අවුල තමයි අයි පෑඩ්එකකින් නැතුව කොම්පියුටර් එකකින් බලන කොට රැවලත් රැවුල වගේ පේන්නේ. අඩියක් ගහන්න වෙන පුරස්නයක්...

      Delete