දිනය පසුගිය මාසයේ 23 වෙනිදාය. ස්ථානය මරදානේ සූරිය පොත් හල් පරිශ්‍රයයි. මමත් දයාබරමිත්‍රවර චූලාත්( ප්‍රවීණ ගත්කතුවර, මාධ්‍යවේදී චූල්‍රාභය ශාන්ත කුමාර හේරත් මහතා) සේනකමල්ලී විසින් සපයා දුන් අසුන් දෙකකට බරවී සතුටු සාමීචියේ යෙදී සිටියෙමු.
හදිසියේම පොත්හලට ගොඩ වැදුනු මහත්මයෙකි. හෙතෙම තමන් කරපින්නාගෙන පැමිණි පොත්බෑගය අසුනක් මතින් තබා ඉන් එක් පොතක් අතට ගත්තේය.ඉන්පසු සිදුවූයේ, දඩ කොලයක්ලියනා රාලහාමි කෙනෙකුගේ වැනි ජවනිකාවක රඟ දැක්මකි. මහතා තමන් අත ඇති පොතේපිටකවරය දෙස බලයි. ඉන්පසු චූලා දෙස බලයි. ආයෙත් චූලා වෙතින් දෑස් ඉවත් කොට පොතේපසු කවරය දෙස බලයි. නැවතත් චූලා දෙස බලයි.
මෙම ක්‍රියාවලිය විනාඩියක් පමණ එක ලෙසටම සිදුවිය. මටත් චූලාටත් කාරණය වැටහිනි. ඒමහතාට තමන් මිළඳී ගත් පොතේ කතෘවරයා ජීවමානව හමු වී ඇත. ඉඳින් නිහතමාණී චූලා, මහත්තයාට අතට අත දී එතුමන් තුළ වූ කුකුස දුරු කරවා, මහතා මිළ දී ගෙන තිබූ චූලාගේ"මා" සහ " සඛී භාර්යා" යන පොත් වලට සිය අත්සන ද යොදා දුන්නේය.
ඒ මහත්තයා පොත් කඩ පැත්තෙ ඇවිත් තිබුණෙ එයාගෙ නෝනා කොණ්ඩෙ හදාගන්න සැලුන්එකකට ගිය වෙලාවෙ. ඒක එයා කිව්වෙ හරිම තාර්කික විදිහකට. " මගේ නෝනා ගියාකොණ්ඩෙ හදා ගන්න. ඒ වෙලාවෙ මං ආවා මගෙ ඔළුව හදා ගන්න. "
මම තවත් පිරිසක් සමඟ කතා බහේ යෙදෙද් දී යට කී මහත්තයා චූලා සමඟ කතා බහේ යෙදීසිටියේය. ගතවූයේ මිනිත්තු කිහිපයකි. චූලා මා ඇමතීය,
" චන්දන ඔයා දන්නවද මේ මහත්තයා කවුද කියල," එවිට මම හිස හරවා ඔහු දෙස බැලිමි. උහු....මතකයට එන්නේම නැත. උපන්තේකට දැක නැත. මම අන්ද මන්ද වී ඔවුන් අසලටගියෙමි. චූලා කට හඬ අවදි කළේය.
"මේ මහත්තයත් ඔයා කියල දන්නෙ නෑ. ඒත් සඳුන් සෙවණ බ්ලොග් එක ලියන චන්දන, අවුෂ්විට්ස් හී පච්චකොටන්නා කියල පරිවර්තනයක් කළ බව දන්නවා.මං කිව්වා ඒ චන්දන තමයිමේ ඉන්නෙ කියල. "
එවිට මට කාරණය වැටහිනි.'එහෙත් මේ කොයි බ්ලොග් එක ලියන කෙනාද? අහන්නත්මොකක්ද වගේය',මම ඔළුව කසමින් ඔහු දෙස බලා සිටියෙමි. මහත්තයාට වැඩේ තේරිනි.
" චන්දන මං තමයි ' හැලපයා' බ්ලොග් එක කරන්නෙ."
තව ඊට වඩා කුමක්ද? මම ඔහුව ආදරයෙන් වැළඳ ගතිමි. මීට වසර දෙකකට පමණ පෙරබ්ලොග් ලෝකයේ නිතරම කරක් ගසද්දී, අරූගෙ අඩවිය, තිලක සිත, මාතලන් වැනි බ්ලොග්අඩවි අතර හැලපයා ගේ බ්ලොග් අඩවියටද නිරතුරුවම පිවිසි අන්දම වහා සිතට ආවේ දැඩිලෙංගතුගමකින් හදවත පුම්බවාලමිනි.
හැලප අයියා අහඹු ලෙස මට හමු වූයේ එලෙසිනි. මේ ඒ වෙනුවෙන් මා ලියූ සහෘද සටහනයි. එහෙත් මෙම සටහනේ මාතෘකාව ලිවීමේ දී දෙවරක් නොව තෙවරක්ම සිතීමට මටසිදුවිය.එනම් "හැලප..යාගේ අහඹු හමු වීම" ලෙස ලියම්දෝ නොලියම්දෝ යන්නපිළිබඳවය.අවසානයේ කාගෙත් ඇඟට ගුණ ලෙසින් "හැලප අයියාගේ අහඹු හමු වීම" ලෙසින් ලියූවෙමි.
චන්දන ගුණසේකර
ඔය මනුස්සයාට කිව්වේ නැද්ද හැලපකඩේ ආපහු අරින්න කියලා?
ReplyDeleteඒක තමයි කාලෙකින් ලියලා නෑනෙ. ඇත්තටම ඒ ගැන අහන්න මට බැරි වුණා.😪😪
Deleteහයියෝ බය නැතිව කියන්න හැලපයියාගේ අහඹු හමු වීම කියලා.
ReplyDeleteඇති යන්තං ඔය ස්කුරුප්පු මාමගේ එක පින්තුරයක් හරි ගත්තා. හෙ හෙ
ඒකනෙ දේශක තුමා. ඔබතුමාවත් අපි දැකලා නෑනෙ.
Deleteහැලපයියා හමුවීමට මා ගියේද පොත් ගනුදෙනුවකට. ඇත්තෙන්ම පොතක් ඉල්ලාගෙන එන්න. පසුව පොත නැවත භාර දෙන දවසේ හිලව්වට මමත් පොතක් ගෙන ගියා. බොහෝ වේලා පොත් පත් ගැන අප කතා කරමින් සිටියෙමු. මං හිතන්නේ පැය දෙකක් විතර. මම එන්න නැගිට්ටාම මෙන්න මේ උනැහැ කියනවා "දවසක නිවාඩු පාඩුව එන්නකෝ පොත් ගැන කතා කරණ්න!" කියලා.
ReplyDeleteමටත් චන්දන ලියනවා වෆේ ලස්සනට ලියන්න පුළුවන් වුනානම් කොච්චර හොඳද කියල මම නිතරම හිතනවා.
ReplyDelete