Pages

Monday 16 July 2018

අරනෝලිස්ට සෙනෙහසිනි....


 

 

සසරේ පැතූ විලසින් සෙනෙහේ                                බැඳුනී

නුඹගේ දිවිය මත මගෙ පණ නල                              රැඳුණී

දුර'තක වහං වූවද උණුහුම                                        දැනුනී

දිනයෙක එතැයි සිතුවද හදවත                                 තැවුණී

 

අක්කන්ඩියගෙ පුතුනට කිරි මව්                              වෙමිනා

සිටියද නුඹට බැඳි පෙම දළුලා                               වැඩුණා

මව් නැති නුඹෙන් ඔහු හට වෙනසක්                 නොවෙණා

බැව් මම දනිමි, සැනැහෙමි සෙනෙහේ                     නමිනා

 

මා දුන් සුරයෙ තෙද බල නිති                               සුරැකේවා

කාගෙන්වත්ම නපුරක් නම්                             නොමවේවා

ජීවන ගමන මිණි ගංඟාවම                                     වේවා

මාහට නොලැබුණත් යහතින්                            වැජඹේවා..!


1 comment:

  1. ලයිසා සෙදෝනා අතරේ වැනෙන සිත
    එක වර දෙතැනක තැබිය හැකිවේද සිත
    බලා ඉදිමු අපි කාහට වෙයි ද සෙත
    අරුනෝලිස් උබලා ඇද බැද ගත්තේ අපේ සිත

    කෝපිත් වවලා නැති ඒ අවදියේ
    තේ බොන උඹලගේ අඩුවක් ඇත අරුනෝලියේ
    ඒ පොඩි පොඩි අඩු පාඩු දු‍ටු නුදු‍ටු මානයේ
    මිනි කැටයකි නුඹලා වේලුනු ටෙලි කරලියේ..

    ReplyDelete