ඒ 1984 වසරේ ජනාධිපති සම්මාන උළෙලයි. සම්මාන ප්රදානය ජයටම කෙරීගෙන ගිය අතර සම්මානලාභී නළු නිළියන්, අධ්යක්ෂකවරැ, කාර්මික ශිල්පීන් ඇතුළු සිනමාවට සම්බන්ධ සැවොම පසුවූයේ ඉතා සතුටිනි. මල් මල් සිනා හඬින් ශාලාව රසවත් වෙද්දී සැමතැනම පායා තිබූ සිනමා තරැ වලින් මුළු ශාලාවටම වැටී තිබුණේ විසල් ආලෝකයකි.
ටිකින් ටික ඒ මොහොත එළඹිණි.වේදිකාවට සම්ප්රාප්ත වූ මහතකු වසරේ හොඳම සංගීත අධ්යක්ෂණය සඳහා නිර්දේශිත නාමයන් ප්රකාශයට පත් කිරීමෙන් අනතුරැව සැවොම ජයග්රාහකයා කවුදැයි දැනගැනීමට නිවේදක තැනගේ මුව දෙස ඇසිපිය නොසලා බලා සිටින්නට වූහ. පැවතියේ නිහඬතාවයකි. ඒ අතුරින් නිවේදනය මතුවිය.
" වසරේ හොඳම සංගීත අධ්යක්ෂණය සඳහා ජනාධිපති සම්මානය දිනා ගන්නේ මුහුඳු ළිහිණි චිත්රපටය සඳහා නිර්මාණය කළ ඒ අද්විතීය සංගීතය වෙනුවෙන් එච් එම් ජයවර්ධන" යැයි ප්රකාශයට පත්වෙත්ම ශාලාව අත්පොළසන් හඬින් ගිඟුම් දුනි. මොහොතක් ගත විය. එහෙත් සම්මානය ගැනීමට වේදිකාවට යන කෙනෙකු නැත. දැඩි නිශ්ශබ්දතාවයකි. ඉන්පසු යම් නොසන්සුන්තාවයක්ද සමඟ කසු කුසුවකි. නිවේදක තැන තම කට හඬ අවදි කළේය. ඉන් කියැවුණේ සම්මානය ගැනීමට ජයවර්ධනයන් පැමිණ නොමැතිබවයි.
ලංකාවේ සිනමා ඉතිහාසයේ පළමු වරට නිර්දේශිතවූ සම්මානයක් නිර්භයව හා නිර්ලෝභීව ප්රතික්ෂේප කෙරැණි. ලාභ ප්රයෝජන, මිල මුදල්, කීර්තිය හා සම්මාන පසුපස හඹායන මේ සමාජයේ පෘථග්ජන මිනිසකු අතින් නම් මෙය සිදුවිය හැකිද?
එහෙත් 1984 වසරේදී මෙය සිදුවිය. ඒ වනවිටත් අප ඔහුගේ සංගීතය හඳුනාගෙන සිටියෙමු. ඔහුගේ මනුස්සකම මුළු රටම හඳුනාගත්තේ නම් එදාය.
හේරත් මුදියන්සේලාගේ ජයවර්ධන එතුමාගේ උප්පැන්නයේ තිබූ නමයි. එහෙත් එච් එම් ජයවර්ධන අප සැවොම හඳුනන නමයි. අප හදවත්වල සටහන් වූ නමයි. 1950 වසරේ මැදින් මහේ දාහත් වෙනිදා මොනරාගල දිස්ත්රික්කය කෙළවර , අම්පාරට මායිම්ව පිහිටි සියබලාණ්ඩුව නම් දුෂ්කර ගම්මානයේදී මෙලොව එළිය දුටු එතුමා ගමේ පාසලින් හය හතර හදාරා නගරයේ ද්වීතිය පාසලට ඇතුළු විය.
කුඩා කල පටන්ම සංගීතයට ' කෑදර' වූ ජයවර්ධන ශිෂ්යා දිනක් පාසලේ සංගීත කාමරයේ දොරතුළින් ගලා ආ සිංදුවකට වශීවී කාටත් හොරෙන් දොරට කන තබා අසා ගෙන උන්නේය. එදා ඒ ශ්රවණය කළ ගීතය වූයේ රන්මුතුදූව චිත්රපටයට නන්දා මාලිනිය ගැයූ ' ගලන ගඟකි ජීවිතේ ' ගීතයයි. එයින් සංගීතය පිළිබඳව මහා ඇල්මක් ඇතිවූ ජයවර්ධන තරැනයා පාසලේ මිතුරකු සතුව තිබූ කුඩා බට නළාවක් ශත පනහක් දී මිලට ගත්තේය.
එතැන් පටන් මේ මහා සංගීත චාරිකාවේ පළමු පියවරවල් තැබිණි. ඉතාම ලැජ්ජාශීලි තරැනකුවූ එච් එම් බටනළාව කාටවත් පෙනෙන්නට නම් වාදනය නොකළේය. නේවාසිකාගාරයේ නාන කාමරයට වැදී වතුර මල සද්දයට විවෘත කොට පසෙකට වී ඔහු බටනළාව වැයීය. එසේම මුළු නේවාසිකාගාරයම නිදිගත් මොහොතේ හිමින් සීරැවේ බට නළාව වාදනය කරන්නට පුරැදු විය. කෙසේ හෝ මේ බැව් දැනගත් සංගීත ගුරැතුමා ඔහුට සංගීතය ඉගෙනුමට ඇරයුම් කළේ මේ අතරතුරේදීය. එච් එම් සංගීතය නම් ඉතා හොඳින් කළමුත් විභාගයේදී අනෙකුත් විෂයන් ගෙන් අසමත් විය.
හිස් අතින් ගෙදර පැමිණ පියා සමඟ හේන් ගොවිතැන් කළේය. පසුව තැපැල් කනතෝරැවට බැඳී ලියුම් බෙදීය. ඒ එකක් වත් තමන් සොයන රැකියාව නොවනබැව් තේරැම් ගෙන සිටි එච් එම් තරැනයා නගරයේ සංගීත සංදර්ශනවල යහළුවන්ගේ ආධාරයෙන් බටනලා වැයීමට යාමට පුරැදු විය. ඒ දිනවල ඔහු ඇන්ඳේ සරමය. ඔහුට කලිසම් නොතිබිණී. යහළුවකු ඔහුට සංදර්ශන වලට යාමට කලිසමක් සොයා දුන්නත් එහි ඉණ ඉතා විශාල වීම නිසා කොහු ලණුවකින් ගැට ගසා ගෙන එය ඇඳගෙන ගිය බව එතුමා ඉතාමත්ම නිහතමානීව වරක් ප්රකාශ කළේය.
කොළඹ යාමට තීරණය කළේ මේ අතරතුරේදීය. ඒ ගුවන් විදුලියේ අනියම් වාද්ය ශිල්පීන් සඳහා පුරප්පාඩු ඇතිබවට පුවත් පතක පළවූ දැන්වීමක් දැකීමෙනි.
බොහෝ දුක් විඳ සම්මුඛ පරික්ෂණයට ගියද වාදනය හොඳ නැති බව කියා එයින් කැපී ගියේ දෛවයේ සරදමක් ලෙසිනි. මෙයින් අධෛර්ය නොවූ එච් එම් බටනලාවත් කිහිලි ගන්වාගෙන එකලද ලංකාවේ උසස් ස්ථානයක වැජඹුණු එවකට බොරැපන පාරේ විසූ පණ්ඩිත් අමරදේවයන් සොයා ගියේ හිතේ පැවති අධිෂ්ඨානය නිසාය.
අමරදේවයන් ඉදිරියේ වික්ටර් රත්නායකයන්ගේ සිහින් සුළං රැල්ලේ ගීතය තම බටනළාවෙන් වාධනයකොට පෙන්වීය. වාදනයෙන් අමරදේවයන් සතුටු කිරීමටත් තමන්ට එය මැනවින්ම කළ හැකිබවත් ඒත්තු ගැන්වීමට එදා එච් එම් සමත්විය.
අමරදේවයන් හමුවට ගොස් එනගමනේදී තම පාසලේ ඉතිහාස ගුරැවරයාවූ මහා සිනමාවේදී වසන්ත ඔබේසේකරයන් හමුවීම තම ජීවිතයේ ආනන්දනීය සංධිස්ථානයක් වෙනු ඇතැයි ඒ මොහොතේ නම් එච් එම්වත් නොසිතන්නට ඇත.
ඔහුගේ කතාව අසා , වැඩ ගැන පැහැදුණු ඔබේසේකරයෝ එවකට ගුවන්විදුලියේ සංගීත අංශය භාරවවුන් සෝමදාස ඇල්විටිගලයන් හට දෙන්නට කියා ලියුමක් ලියා එච් එම් ගේ අතට දුන්හ.
ලියුමද දෝතින් දරා බටනළාව සාක්කුවේ ඔබාගෙන තමන්ව වරක් ප්රතික්ෂේප කළ ඇල්විටිගලයන් ළඟට එච් එම් තරැනයා ගියේ හදවත පුරවාගත් දෙගිඩියාවෙන් වුවත් ආත්ම විශ්වාසයක්ද හිතේ කොනක සඟවාගෙනය. කලින් බෑ කියූ ඇල්විටිගලයන්ම අමරදේවයන්ගේ සහ ඔබේසේකරයන්ගේ රෙකමදාරැව මත එච් එම්ව අනියම් වාදකයෙකු ලෙස සේවයට බඳවා ගත්තේ ජාතියේ පිනට බව ඇල්විටිගලයන්ටද පසුව සිතෙන්නට ඇත.
එතැන් පටන් අති දක්ෂ බටනලා වාදකයෙකු වශයෙන් තම දිවිය ඇරඹූ එච් එම් ජයවර්ධනයන් අපේ දැයට අකාලේ අහිමිවූ අද්වීතීය හඬ පෞරැශයකින් හෙඹි මාලනී බුලත්සිංහල ගායනවේදිනියගේ පෙම්බර ස්වාමිපුරැසයාවූ අතර තාරැන්යයේ විප්ලවීය හඬක් හා සංගීතයකින් සන්නද්ධ කසුන් කල්හාරයන්ගේ ආදරණීය පියානන්ද වන්නේය.
ඉතා නිහඬව සංගීතයට අමිල සේවයක් කරන එතුමා නිර්මාය කළ සෑම ගීත තනුවක්ම පාහේ ජනතාව අතර අතිශයෙන්ම ජනප්රිය විය.
තම ආදරණීය බිරිඳ මාලනී බුලත්සිංහල ගායන වේදිණිය වෙනුවෙන් නිර්මාණය කළ ලූෂන් බුලත්සිංහලයන් ලියූ ' රජ මැඳුරක ඉපදී සිටියානම්' , ' සැන්දෑ අහස වගේ' යන ගීතයන්ද ප්රේමකීර්ති ද අල්විසුන් ලියූ ' කන්ඳ කෙන්ඳ කරනු පිණිස ' යන ගීතය හා එතුමියම ගැයූ ' දකින විට පන්සලක්' හා ' මළ පොතේ අකුරැ බෑ කී මිනිහා' වැනි මෙකී නොකී අති විශිෂ්ට ගීත සමුදායක් දැයට දායාද කළේ එතුමාය.
එසේම හෙළයේ මහා ගීත කෝකිලාවිය නන්දා මාලනියට එතුමා නිර්මාණය කළ මධුර මනෝහර තනු නම් කොතෙක්ද?
'ඔබයි රම්ය සඳ කිරණ', ' පෙම් ලොවදී දුටු ඔහුමද මේ', ' මේ ජීවන ගංඟාධාරයේ' , '' මධුර ප්රේම කල්පනා'හා 'කඩ මංඩියේ ඳොළ අයිනේ' ඒ අද්වීතීය තනු නිර්මාණයන්ගෙන් කිහිපයක් පමණි. මේ ගීත අප දෙසවනින් ඇතුළු වී රැදිරානුගතවී හමාරය.
සුනිල් එදිරිසිංහයන් වෙනුවෙන් නිමවූ ප්රේමකීර්තීන් විසින් රචිත ' සියල්ල ඉදිරී ගරා වැටුණු දා' , මිනිසකු පිට නැගි අසරැවෙකි'සහ එක යායේ එකා වගේ ' යන ගීතයන් හා සුනිළුන්ම ගයන ' නුඹේ සිතට පුන් සඳ පායලා වගේ' , ඉස්සර මං ගිය පාසල ඇරිලා' , ' පිංතාලිය' , ' සයුරක් නොදුටු ගඟුලක්' , 'දෙවොලේ නොකැලැල්' හා ' කැලෑ මල් ' යන අමරණීය ගීතද තවමත් එදා මෙන්ම ජනතාව අතර ජනප්රියව පවතින්නේ පද මාලාව සහ ගායනයට අමතරව ඒ තනුවල ඇති ගතික බව නිසාය. ප්රවීණ විචාරක හා සාහිත්යධර ලාල් ආනන්ද අබේධීරයෝ ජයවර්ධනයන් ගතික වර්ගයේ සංගීතඥ්යකු ( Dynamic type musician ) නමින් වර්ග කළේ එහෙයිනි. ප්රේමසිරි කේමදාසයන් එයිනුත් හිනිපෙත්තටම ගිය බව තවදුරටත් ප්රකාශ කළ අබේධීරයෝ එච් එම් වනාහී කේමදාසයන් නොවූ කේමදාස ලෙස හැදින්වීය.
මා මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ ජයවර්ධනයන් ප්රතික්ෂේප කළ සම්මානයට හේතුව වූයේද ප්රේමසිරි කේමදාසයන්ය.
1984 ම කේමදාසයන් ධර්මසිරි බංඩාරනායකයන්ගේ තුන්වෙනි යාමය සිනමා පටය වෙනුවෙන් නිර්මාණය කළ සංගීතය තමන් මුහුදු ළිහිණි සිනමා පටයට නිර්මාණය කළ සංගීතයට වඩා විශිෂ්ට යැයි එච් එම් තීරණය කිරීම තමනට ලැබුණු සම්මානය භාර නොගැනීමට හේතුව විය. එසේ තම හෘද සාක්ෂියට තමන්ට ලැබුණු මහා සම්මානයක් අත හැරීමට නම් ඔහු පුදුම මිනිසෙකුම විය යුතුය.
එසේය. ඔහු පුදුම මිනිසෙකි. සත්ය එයයි. ලාල් ආනන්ද අබේධීරයෝ ජයවර්ධනයන් ප්රබල අතහැර දමන්නකු ලෙස නම් කළේය. එතනදී ජයවර්ධනයන්ව මහා ගත් කරැ සයිමන් නවගත්තේගමයන්ගේ ජීවිතයට සමාන කළ හෙතෙම ඔවුන් දරනීය ජීවිත ගත කළ ( sustainable lives) අපූරැම පුද්ගලයන් ලෙසද ගෙන හැර දැක්වීය.
ටී එම් ජයරත්නයන් ගයන ' රත්තරන් නෙත් දෙකෙන්' ගීතය, එඩ්වඩ් ජයකොඩි ගයන ලූෂන් බුලත්සිංහලයන් ලියූ ' සිරි යහනේ ලණු ඉහිරී' ගීතය, බංඩාර අතාවුද ගයන ' සිහිනයකි ඔබ ' ගීතය , ක්රිශාන්ත එරන්දක ගයන මහින්ද දිසානායකයන් ලියූ ' වී පැඳුරෙන් ඉගිලී යන' ගීතය, නිරංජලා සරෝජනී ගයන ලූෂන් බුලත්සිංහලයන් ලියූ ' මේ ගඟ මේ දුරැ කතර ගෙවා' ගීතය, චරිතා ප්රියදර්ශනී ගයන රඹුකන සිද්ධාර්ථ හිමියන් ලියූ ' මවයි පියයි එකතු වෙලා' ගීතය, සනත් නන්දසිරියන් ගයන සුනිල් ආරියරත්නයන් ලියූ ' එක යායට මල් පීදුණු බිම් තීරේ' ගීතය හා මංගල තෑග්ග චිත්රපටයේ ' වාසනා වේවා' ගීතය, ජානක වික්රමසිංහයන් ගයන රත්න ශ්රී වික්රමසිංහයන් ලියූ ' කිරැළ මුතු ලිහී' ගීතය, කරැණාරත්න දිවුල්ගනේ ගයන රඹුකන සිද්ධාර්ථ හිමියන් ලියූ ' ලා දළු බෝපත්' ගීතය , රොහාන් ශාන්ත බුලේගොඩ ගයන ' සඳක් නම්' ගීතය හා පණ්ඩිත් අමරදේවයන් ගයන ' සඳ තරැ නිහඬයි' ගීතය ඇතුළු මෙකී නොකී එතුමා විසින් ගී තනු දමා නිර්මාණය කළාවූ ගීත පොකුර නැවතත් හොඳින් අසා බලන්න. අපූරැම සුන්දරත්වයක් , අව්යාජත්වයක් හා අපේකමක් තිබෙනවා නොවේද?
එතුමාගේ ගීතණුවල බටනළාව සහ තනි වයලීනයක් නිරතුරැවම භාවිතාවීම විශේෂිතවූ ලක්ෂණයකි. ජයවර්ධනයන් ප්රවීණ වයලීන වාදක කලණි පෙරේරාගෙන් හොඳම සේවය ලබා ගත් අය අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ මේ නිසාය.
අවාසනාවට එතුමාට අතිමහත් ශක්තියක් වෙමින් එතුමාගේ සෙවනැල්ල මෙන් සිටි මාලනී බුලත්සිංහල ගායනවේදිනිය නොසිතූ මොහොතක හීනයෙන්වත් නොසිතූ විලසින් එතුමන් තනිකර යෑම කිසිසේත්ම දරාගත නොහැකි කරැණක් වූ බව එතුමා පවසා තිබිණි.
එතුමිය ඇමෙරිකාවේදී හිසකෙස් වලට දැමූ ඩයි වර්ගයක් ආසාත්මික වීමෙන් අපෙන් සමුගන්නා දිනයේ එච් එම් ජයවර්ධනයන් ඉතාමත්ම අසීරැවෙන් තමන්ට ලැබුණු පදමාලාවකට තනුවක් දමමින් සිටියේය. වෙනදා මෙන් නොව එයට තනුවක් දැමීමට බොහෝ අසීරැ වූ බව පසුකලෙක පවසා තිබිණි .
එම ගීය නම් අමරසිරි පීරිස් සූරීන් ගයන ' ඇය යන්න ගියා මැකිලා ' ගීතයයි. බලන්න එහි පද මාලාව සහ ශෝකී තනුව.
එයින් කියවෙන්නේ මලනී බුලත්සිංහල මහත්මියගේම නිකම යෑම නොවේද? ඇය එතුමාව හැරයන්නට පෙර ඒ පිළිබඳවම පදමාලාවක් ලැබී එයට තනුවක් දැමීමට එතුමාටම සිදුවීම දෛවෝපගත සිදුවීමක්ම වන්නේය.
මේ අහිමි වීමට පෙර තවත් විසල් අහිමිවීමකට, හැරයාමකට මුහුණ දීමට එතුමාට සිදුවිය. ඒනම් ඔවුනගේ ආදරණීය දියණිය ඩෙංගු සෑදී මෙලොවින් සමු ගැනීමයි. මෙම සිද්ධියෙන් එතුමා ඉතා දරැණු ලෙස කඩා වැටුනේය. දියණිය සමඟ ඉතාමත්ම කිට්ටුවෙන් කටයුතු කළ ජයවර්ධනයන් ඇය මිහිඳන් කළ දින රාත්රියේ ඇයගේ සොහොනට ගොස් එතැන නිදාගෙන සිටියේ ඇය වෙනුවෙන් එතුමාගේ හදතුල තෙරපුණු ආදරය හා දුක ඉවසා සිටිය නොහැකිවූ විටය. මේ වියෝවෙන් පසු සිදුවූ සිය ආදර බිරිඳගේ හැරයානේ එතුමා කෙතරම් නම් අසරණවන්නට ඇතිද? එතුමාගේ ජීවිතය එතුමාගේම තනුවක වැයෙන ශෝකී වස්දඬු රාවයක් දැයි මට සිතේ.
එම දෙපළගේ එකම පුතණුවන් කසුන් කල්හාර ජයවර්ධන අපේ රටේ තරැණ පරපුරේ වෙනමම ඉසව්වක් සොයා යන මහා දක්ෂතාවලින් පිරිපුන් සංගීත අධ්යක්ෂකවරයෙකි. ඔහුටම ආවේණික රටාවක් හා හඬක් ඇති ගායකයෙකි. මාලනී බුලත්සිංහල ගායනවේදිනිය අපට දායද කළ අමිල වස්තුව ඔහුයි.
කසුන්ගේ ස්වාධීනව යන මේ සංගීත චාරිකාව ගැන ආඩම්බරයෙන් හා සංතෝෂයෙන් එච් එම් ජයවර්ධනයන් කතා කළේ තම පුත්රයා ගැන අන් සැමටම වඩා දන්නේ එතුමා බැවිනි.
කිසිම සංගීත විද්යාලයකට නොගිය මේ අපූරැ සංගීතවේදියා එච් එම් මේ ප්රතිභාව භවයෙන් භවයට රැගෙන ආ බව මගේ විශ්වාසයයි.
එච් එම් ජයවර්ධනයන් ගැන වරක් කරැනු දැක්වූ ප්රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහයන් ප්රකාශ කළේ අනෙක් බටනලා ශිල්පීන් බටනලා බෑගයක් ඔසවාගෙන ප්රසංඝවලට යනවිට ජයවර්ධනයන් බටනලා තුනක් පමණක් සාක්කුවේ දමාගෙන යනබවයි. ඒ තුනින් තමනට ලැබෙන ඕනම පරාසයක ගීත වාදනය කළ හැකි බවයි. කාට වාදනය වැරදුණත් ජයවර්ධනට වරදින්නේ නැතිබව රෝහණ වීරසිංහයන් වැඩිදුරටත් පැවසූහ.
අව්යාජ සිනාවෙන් මුව සරසාගත් මේ චාම් මිනිසාව අප හරිහැටි කියවා ඇද්ද? ඇසුරැ කොට ඇද්ද? අගයා ඇද්ද?
මධු විතෙන් සැනැහුණු සැන්දෑවක ඔහුගේ මධුර තනුවක වැයෙන වස්දඬුවකින් නිකුත්වන ශෝකී ස්වරයකට මම වශීවී සිටිමි. මට ඔහුගේ මුහුණ පෙනෙයි. වියපත්වීගෙන යන දිගු කොණ්ඩය, කුළුණු ගුණ උතුරා හැලෙන නෙතු යුඟ, මුව සරසාගත් සොඳුරැ, අව්යාජ සිනහව මට ජීවමානව ඒ සංගීතය තුළින් චිත්ත රෑප මවයි.
අප එතුමා නිර්මාණය කළ ගී තනුවලට කෙතරම් නම් පෙම් බැඳ ඇත්තෙමුද? අපගේ දුක කියා ඇත්තෙමුද?
සියල්ලම මුදලට නතුවන සමාජයේ එතුමා මුදල් පසුපස හඹා නොගියේය. මුදල් එතුමාට පයට පෑගෙන දුහුවිලි විය.
සම්මානවලට පොරකන , ගහ බැණ ගන්නා සමාජයක තමුණට ලැබුණු සම්මානය පවා තම හෘදසාක්ෂියට එකඟව ඒ සුදුසු පුද්ගලයාට පරිත්යාග කළේය. එවන් උතුම් මිනිසෙකුගේ අගය අප හරියටම වටහාගෙන ඇතැයි මට නොසිතේ.
මේ නිහඬ, අව්යාජ, පොළොවේ පය ගසා ජීවත්වන මිනිසා අප රැක ගත යුතුය. ඔහුව අගය කළ යුතුය. මන්ද ඔහු අපගේ ජාතික වස්තුවක් බැවිනි.
සුන්දර මිනිසානෙනි, මහා ගාන්දර්වයාණෙනි ඔබට දිගාසිරි පතමින් මම මෙම ලිපිය අවසන් කරමි.
ඔබට චිරං ජයතු!
චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය
චන්දන.. ඉතා වටිනා මේ පෝස්ට් වල වටිනාකම අඩු වන්නේ ඔබගේ අතපසුවීමකින් සිංහල නිසි ලෙස නොපෙනීම නිසයි. එය නිවරැදි කරගන්න. ස්තුතියි. බොහෝ අතහැර දමන්නන් පිළිබදව මිනිසුන් බලන්නේ පිස්සන ලෙසයි..
ReplyDeleteඅැත්තට ම අගය කළ යුත්තෙක්..... මැරුණාම මිනිස්සු ගැන කතා කරන්න බලාන ඉන්න මාධ්‍ය වලට නියම පාඩමක්...... වටිනවා
ReplyDelete