Pages

Thursday 30 October 2014

කන්ද උඹ සතුටින්ද.....??






ඉපැඳුණුදා පටන් අප ළඟ සිටිකන්ද
හැම උදයකම මිහිඳුම් සළු ඇඳිකන්ද
මළ හිරු සමඟ අඳුරේ සැඟැවුණුකන්ද
අප සෝ සුසුම් හැමවිට ඉසිලුවකන්ද
   
ඇළ දොළ දිගේ නුඹෙ කඳලැලි එවුකන්ද
ගොවිතැන් බලා නිරතුරු තුටුවුණුකන්ද
අපි ඇදවැටෙද්දී නැඟිටං හිටිකන්ද
නින්දට ගියෙත් නුඹහට වැඳලයිකන්ද
   
කවුරුද නුඹට කේලම් කීවේකන්ද
හොඳටම උරණවී ගම යට කළකන්ද
නුඹහට හිතැති අපසැම වැලලූකන්ද
නුඹ සතුටින්ද දැන්වත් කියපංකන්ද
   

18 comments:

  1. සිත් පිත් ඇති මිනිස්සුන්ට නොදැනුනු, නොදැකපු දේ, කන්දට නොදැනුනු එකේ පුදුමෙකුත් නෑ එක අතකින්..

    ReplyDelete
    Replies
    1. මනෝෂ් සඳරැවන් අපි හරිම අවාසනාවන්තයි. පරිසරය ගැන කවදාවත් හිතුවේ නෑ.

      Delete
  2. කන්ද නෙමෙයි වැස්ස...සතුටින්

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත දේශකයෝ....

      Delete
  3. එළඹී ඇත්තේ...
    මනුදම් දියවුණු අඩවියක
    ගල් කඳුද දියවී
    දුක දුකකින්ම යට කර දමන
    අඳුරු හෝරාවකී.

    චන්දන.. මා මේ අනිත්‍යය අත්විඳිමින් සිටින්නෙමි. මෙන්න මගේ කතාව..

    ඔබේ පදපෙළ දුටුවිට මගේ මව මීට බොහෝ කලකට පෙර ලියූ පද්‍ය රචනාවක එක් කවියක් මතක් උනා..

    මිහිදුම් සළු සේල ඉරමින් වත පාන
    කඳුකර කොමලියේ ඔබෙ රුව අසමාන
    නුඹ කුස සිප ගන්න නුබ බලනා මාන
    සොඳුරියෙ නුබ මෙන්ම මම දකිනෙමි හීන..

    කවි වියමනට කවියෙන් පිළිතුරක් ලීමට තරම් යහපත් මානසිකත්වයකින් නොවීම පිළිබඳව කණගාටුව.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මිත්‍රයා! සඳුන් සෙවණටත් ආදරයෙන් පිළිගන්නවා. මම ඔබගේ අඩවියටත් පිවිසුණා.ෆලෝ කරන්න ලින්ක් එක සොයා ගන්න බැරිවුණා.

      Delete
  4. දැක්ක ගමන් ඇහැ ගියෙ දැරිවිගෙ ටී ෂර්ට් එකේ ඉන්න ඒ වයසෙම ගෑණුළමයගෙ පින්තූරෙ තියන සැහැල්ලු හිනාවයි, ඊට පොඩ්ඩක් ඉහලින් තියෙන මේ දැරිවිගෙ මූණෙ පිරිලා තියන කම්පාවෙ බරයි අතර කන්ට්‍රාස්ට් එකට. කියාගන්න වචන නෑ පුලුවන්නම් අන්න ඒ ගැනත් වචන දෙකක් ලියන්න චන්දන අයියේ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි බස්සි නංගියේ! මම ලියන්න උත්සහා කරන්නම්... ඔයාට ජය!

      Delete
  5. Replies
    1. හරිම ශෝචනීයයි නේද?

      Delete
  6. හිටි අඩියේ ම ජීවිතය නැති වීම............... නිවැසියන් අහිමිවීම............... හිතාගන්නත් අමාරු දෙයක්.. මොනවා වුණත් ජීවිතය කියන්නේ අස්ථිර දෙයක් කියන එක තේරුම් ගන්න මේකම ඇති. හැබැයි මෙහෙම දෙයක් ආයෙ නොවෙන තැනට වැඩ නොකළොත් අපි තව තවත් මිනිසුන් මරා ගන්නවා නිසැකයි...

    ReplyDelete
    Replies
    1. ඔබ කියූදේ සහතික ඇත්ත. දියුණුව ඕන තමයි. ඒත් පරිසරය විනාෂ කරන්න ගියොත් මේ තමයි ප්‍රතිඵල.

      Delete
  7. මේ පින්තූරය ඇතුලේ මහා විශාල කතාවක් කියවෙනවා ගුණේ. සියල්ලක්ම සමාණ වියයුතු ළමා ලෝකයේ මේ දරුවන්ගේ ජීවිත. ඒ හැම දෙයක්ම ටීශර්ට් එකේ ඉන්න DORA ගේ ලෝකයේ දරුවන්ගෙයි, මේ දැරිවිගේ මුහුණෙනුයි පේනවා. හිත බරකර ගෙන වෙන දෙයක් හිතාගෙන අහක බලාගත්තා.

    ReplyDelete
    Replies
    1. මචං අරෑ උඹ හරි බං. මහාම මහා අවාසනාවක්!

      Delete
  8. කන්දට දුක් කියලා වැඩක් නෑ දැන්. ලොකු ලොකු උදවිය කරන වැරදි අපි පසුපස හඹා එන හැඩ යි. පහත් තැනින් යයි ගලා ජලේ . . .

    ReplyDelete
    Replies
    1. හුඟදිනකට පස්සේ ධාරා නගා! ඔව් නංගී. අහසටයි හැදූ මවටයි වගේ කන්දට තමයි මේකේ දොසත්...

      Delete
  9. මුහුණු පොතෙන් මේ කවිය කියෙව්වත්...බ්ලොගෙන් කියවන්න ආවේ අයි...ඔබට ජය චන්දන....

    ReplyDelete
    Replies
    1. හැපීගේ ලෝකය ඔබට බොහොම ස්තූතියි! ආදරයෙන් පිළිගන්නවා!

      Delete