Pages

Tuesday 28 October 2014

හරුන් කුමාර් ලන්ත්‍රා මහතාගේ අද දවස... හෙට...??

ඔබ සැම ආදරය කළ  රටක් තම හඬින් කුල්මත් කළ  සොඳුරු ගායකයාහරුන් කුමාර් 
ලන්ත්රා අද දවසේ ගතකරන ජීවිතය.
දස දහස් ගණනක් රසිකයින් පිරිවරා සිටි ඔහු ළඟ නැති බැරිදා ඇත්තේ මෙතුවක්කල් 

දුක සැප බෙදා ගත් ආදරණීය බිරින්ඳෑ පමණකි.













එතුමාගෙන්
සැනසුණු අපේ මිනිසුන් නැතිබැරිදා එතුමාට සලකනු වෙනුවට
 ඔවුනවකබලෙන් ලිපටම ඇද දමා ඔවුන් සතු මුදලක්ද පැහැරගෙන ගියේ මෑතකදීය.
මෙම පිංතූර මා වෙත එවන ලද්දේ මගේ ආරාධනය පිළිගෙන හරුන් මහතාව
බැලීමට ගිය මා හිතාදර සොයුරු ජයන්ත සුබසිංහයන් විසිනි
.
ඔහුට මගේ හදපිරි ප්රණාමය පුද කරමි


15 comments:

  1. චන්දන.....................

    මිනිස්සු මැරුණාම ගරු කරන්න අපි හරිම සමත් ජාතියක්...ඊට පස්සේ උපහාර උත්සහ තියයි... කෝටි ගණන් වියදම් කර කර අවුරුද්දෙන් අවුරුද්ද සමරු උත්සව තියයි.... අපි ඒ තරම් සලකන්න දන්න ජාතියක්.....

    ජීවත් වෙන දවසක් ගානේ ඒ මනුස්සයාව අමතක කරලා මැරුණාම කෝටි ගානක් වියදම් කර කර මතක් කරත් වැඩක් නැහැ කියලා තේරෙන මිනිස්සු හරිම දුලබයි... එහෙව් ඔබගේ මේ උත්සහායට අපේ උපරිම සහයෝගය......

    එතුමාට දීර්ඝායුෂ පතනවා.....

    කුගැගීප

    ReplyDelete
    Replies
    1. ඔබට ගොඩක් ස්තූතියි කුරැටු ගෑ ගී පවුර. ඔබට ආධාරයක් කිරීමට හැකි නම් මාව මුහුණු පොතෙන් අමතන්න. මම අපි මුදල් එකතුකරන ගිණුම් අංකයත් මෙහි දමන්නම්.


      G.m.k.n. Godamulla ' people's Bank ,kegalle bazzar , kegalle. A.C. number .299200118248815.

      Delete
  2. දුක හිතෙන ඡායාරූප පෙළක් චන්දන..
    මං අසා තිබෙනවා හරූන් මිටත් වඩා අසරණ වෙලා හිටිය කාලයක් තිබුනා කියලා..

    මං හිතන්නේ මියගිය පසු කරන සැලකිලි වලින් පලක් නෑ.. කරනවනං දැං කරන උදව්වක් තමයි..
    ස්තුතියි දැනුවත් කලාට..

    ReplyDelete
  3. ඔහු තමන්ගේ අවසාන කටයුතු වෙනුවෙන් එකතු කර නිවසේ ආරක්ෂාවට තබා තිබුණු මුදල් වලින් රු 70000 ක් ඔහුගේ නිවස පිරිසිදු කරන්න කියා පැමිණි පිරිසක් විසින් කොල්ලකාගෙන ගොස් ඇති බව අද දිනපතා පුවත්පතක දුටුවා. මේ තරම් තිරිසනුන් ඉන්නවාද කියා මහා කලකිරීමක් ඇතිවුණා.

    අරුගේ අඩවිය ලියන අරු මාව යොමුකර තිබෙනවා ඔහුගේ ආධාර මුදලක් මේ කලාකරුවා වෙනුවෙන් පිරිනැමීමට. මමද ඒ සඳහා ඉන්පසු දායක වෙනවා.

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්තයා බොහොම වටිනවා. මට අරෑ කිව්වා. ඔබට හැකිනම් අපට එකතු වෙන්න. මට මුහුණු පොතින් අමතන්න. ජය වේවා!

      Delete
    2. අරුගේ පරිත්‍යාග මුදල් මම අද බැංකුවේ තැන්පත් කළා.

      අතිගරු ජනාධිපති උතුමාණන් විසින් මේ ගායකයාගේ නැතිවූ මුදල් වෙනුවට රුපියල් ලක්ෂයක් ලබාදෙන්න උපදෙස් දුන්නලු. ලක්ෂෙන් බම්බු ගහන්නද?

      Delete
    3. ලක්ෂයක් නෙමේ ඔය මැති ඇමති ගොල්ලට නිකන් වියදම් කරන මදල් වලින් ගෙදරට සේවකයෙකු දමලා මාසෙට අවශ්‍ය බඩු ටික ලබා දුන්නානම් මැරෙන කල් ඉන්න වෙන මොකුත් ඕන නෑ. ඒවගේ දෙයක් ආණ්ඩුවට කොච්චර ලස්සනට කළ හැකිද?
      මචං අර මුදල ලැබී තිබුණා . ගොඩක් පිං!

      Delete
    4. විචා....බොහොම ස්තූතියි!!!

      චන්දන......මට ඊමේල් එක ලැබුනා. Thanks!

      Delete
  4. කවුරු හරි පටන්ගන්න,පිට රටවල ඉන්න අපිටත් උදව් කරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මම පටන් අරගෙන තියෙන්නේ. මුහුණු පොතින් මට පණිවුඩයක් එවන්න. අපි ඒ ගැන කතා කරමු.

      Delete
  5. සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
    මල් සුවදකි අර ගෙන එන්නේ..
    ආදර උයනේ දොරටුව හැරගෙන
    ඔච්චම් කරමින් පියඹන්නේ..//

    සිහින පොතේ පිටුවක් පෙරලී ඇත
    මොනවද එහි ලියැවී ඇත්තේ...//
    ආදරේ...ආදරේ....
    ආ..දරේ..

    සුළං කුරුල්ලෝ...

    මතක ලොවේ දොර අගුළු හැරී ඇත
    මොනවද එහි හිරවී ඇත්තේ...//
    ආදරේ...ආදරේ....
    ආ..දරේ..

    සුළං කුරුල්ලෝ...

    ගායනය - හරූන් ලන්ත්‍රා
    ‍‍‍‍‍පදරචනය - ධර්මසිරි ගමගේ
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස

    මගෙත් කැමතිම ගායකයෙක් තමයි මෙතුමා ....
    මහා කාළකන්නි කමකට මේවගේ රටක ඉපදිලා තියෙන්නේ ..සමාවෙන්න චන්දන මෙහෙම කිව්වාට .මම ඊයේ පත්තරේ දැක්පු ලිපියකින් පුදුම කලකිරීමක් ඇතිඋනා ...මේවගේ උදව් කරන්න ගිහින් කරලා තියන තිරිසන් වැඩේ බලන්න .සත්භාවයෙන් උදව් කරන අයටවත් දෙයක් කරන්න වෙන්නේ නැ මෙහෙම දේවල් උනොත් ...
    හරුන් ලන්ත්‍රා අවසන් ගමනට එකතු කරපු රු.70,000ත් කොල්ලකාලා

    ප්‍රවීණ ගුවන් විදුලි ගායන හා චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියකු වන හරුන් ලන්ත්‍රා මහතාගේ කැලණියේ පොල්හේන ප්‍රදේශයේ පිහිටි නිවෙසට පැමිණි පිරිසක් එම යුවළ සතුව තිබූ රුපියල් 70,000ක මුදලක් කොල්ලකා පලාගොස් තිබේ.තමන්ට හදිසි අවස්ථාවකදී වියපැහැදම් කිරීමට ඉතා අමාරුවෙන් එකතු කර තිබූ රුපියල් ලක්ෂයක මුදලින් 70,000ක් මෙලෙස කොල්ල කා ඇති බව ලන්ත්‍රා මහත්මිය 'මව්බිම'ට පැවැසුවාය.

    ReplyDelete
    Replies
    1. හොඳයි මචෝ උඹ මේක කිව්ව එක. ඔන්න උඹ ඊයෙ මේල් එකෙන් එව්ව ටික මං එහෙමම දැම්මා පහළින්, එතකොට උඹේ මේ කමෙන්ට් එක තිබුනෙ නෑ.

      Delete
  6. කතාකරල වැඩක් නෑ අපේ රටේ කලාකරුවන්ට අත්වෙන ශෝචනීය ඉරණම ගැන. මේක මහා කාලකණ්නි රටක්. සංවේගජනකම දේ මේක නෙවෙයි, ඊයෙ අපේ සිංදු ඇනො මට මේල් එකක් දැම්මා. ඒකෙ කියල තිබුනෙ මෙන්න මේ වගේ දයක්.

    "ප්‍රවීණ ගුවන් විදුලි ගායන හා චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියකු වන හරුන් ලන්ත්‍රා මහතාගේ කැලණියේ පොල්හේන ප්‍රදේශයේ පිහිටි නිවෙසට පැමිණි පිරිසක් එම යුවළ සතුව තිබූ රුපියල් 70,000ක මුදලක් කොල්ලකා පලාගොස් තිබේ.තමන්ට හදිසි අවස්ථාවකදී වියපැහැදම් කිරීමට ඉතා අමාරුවෙන් එකතු කර තිබූ රුපියල් ලක්ෂයක මුදලින් 70,000ක් මෙලෙස කොල්ල කා ඇති බව ලන්ත්‍රා මහත්මිය 'මව්බිම'ට පැවැසුවාය.


    මේ වන විට ජීවිතයේ සැ¼දෑ සමයට පැමිණ සිටින එම යුවළ ජීවත්වන නිවෙස පිරිසුදු කර දෙන බව පවසමින් කාන්තාවක හා තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනකු නිවෙසට පැමිණ ඉතාමත් අරපිරිමැස්මෙන් හා සුරක්ෂිතව තබා ගන්නා ලද රුපියල් ලක්ෂයක මුදලකින් රුපියල් 30,000ක් තබා රුපියල් 70,000ක මුදලක් මෙසේ කොල්ලකා ඇත.
    නිවෙසේ සියල්ල අස්පස් කර පිරිසුදු කර දෙන ලෙසට පවසා මේ නාඳුනන කාන්තාව හා අනෙක් පුද්ගලයන් දෙදෙනා එම යුවළගේ කාමරයට පවා ඇතුළු වී අල්මාරියේ තිබූ ලිපි ද්‍රව්‍ය හා ඇඳුම් පැලඳුම්ද එළියට ඇද දමා ඒවා ඉවතට ගෙනවිත් ගොඩ ගසා ගිනි තබා පුච්චා දමා ඇති බවද ලන්ත්‍රා මහත්මිය 'මව්බිම'ට කළ විමසීමකදී පැවැසුවාය.


    තමන් මුහුණදුන් සිද්ධිය පිළිබඳ ලන්ත්‍රා මහත්මිය වැඩිදුරටත් මෙසේද සඳහන් කළාය.
    මගේ මහත්තයාට දැන් කතා කරගන්නවත් බැහැ. මමත් බොහෝම අසනීප තත්ත්වයෙන් ඉන්නේ. ඉතින් අපේ නැති බැරි කමට අපි දෙන්නාට උදවු උපකාර කරගෙන බොහෝ දෙනෙක් මේ ගෙදරට එනවා. ඇවිල්ලා ගේ අස් පස් කර දීලා, කන්න බොන්න අඳින්න පලඳින්න පවා දීලා යනවා.
    ඉතින් අපි දෙන්නා එහෙම හම්බවෙන දෙයක් භුක්ති විඳගෙන පාඩුවේ ජීවත් වෙනවා. එදා ගෑනු කෙනකුයි, තවත් පිරිමි දෙන්නකුයි එක පාරට ගෙදරට ආවා.
    ඇවිල්ලා කිව්වා අපි ගේ අස් කරලා පිරිසුදු කරලා දෙන්නම් කියලා. මම ඒත් කිව්වා ඕන නැහැ කියලා. ඔවුන් බලෙන්ම ගේ පිරිසුදු කරන්න පටන්ගත්තා.
    ඔවුන් තුන්දෙනා කාමරවලට යන්න හදද්දි මම කිව්වා කාමරවලට ගිහින් පිරිසුදු කරන්න ඕන නැහැ සාලේ විතරක් පිරිසුදු කරන්න කියලා. ඒ පාර කිව්වා ඔබතුමී පැත්තකට වෙලා ඉන්න කාමර ඇතුළට එන්න එපා අපි මේ ටික කරලා දීලා යන්නම් කියලා.


    පස්සේ කාමරවල තිබෙන ලට්ට පට්ට ඔක්කොම ගෙනැල්ලා මිදුලේ ගොඩ ගැහුවා. පරණ ඇඳුම් කියලා අපි දෙන්නා ඇඳ ඇඳ හිටපු ඇඳුම් පවා එළියේ ගොඩ ගහලා, පෙට්ටිවල තිබුණු ලිපි ගොනු පවා ගොඩ ගහලා ගිනි තිබ්බා.
    ගේ අල්මාරියේ රුපියල් ලක්ෂයක් තියලා තිබුණා බොහෝම පරිස්සමට. ඒ සල්ලි මම දුක් මහන්සියෙන් හම්බ කරපුවා. මම ඒ සල්ලි එකතු කෙළේ අපි දෙන්නාගෙන් කාට හරි හදිස්සියේ කරදරයක් වුණොත් ඒවාට ගන්න කියලා. දැන් අපි ගැන කියන්න බැහැනේ. අපි වයසයි. මරණයකදී ගන්න කියලා ඒ සල්ලි හරි පරිස්සමට තියලා තිබුණා.


    මේ කට්ටිය ඒ සල්ලිවලින් රුපියල් 70,000ක් අරගෙන රුපියල් 30,000ක් ඉතුරු කරලා තියලා ගිහිල්ලා තිබුණා. මේ තුන්දෙනා එහෙම දෙයක් කරලා යාවි කියලා මම හිතුවේ නැහැ. මොකද වෙනදාටත් එක එක කට්ටිය ඇවිල්ලා ගේ අස්පස් කරලා දීලා යනවානේ. මම මේවා කියන්න පොලිසියට ගියේ නැහැ. මම ඒ කට්ටියට කියන්නේ ගත්තු සල්ලි ටික පුළුවන් නම් ආපහු ගෙනල්ලා දෙන්න කියලා.
    මේ තුන්දෙනා වාහනයකින් තමයි ආවේ. එහෙත් ආපු වාහනේ මොකක්ද කියලා මම දැක්කේ නැහැ. මේ ගොල්ලෝ අපේ ගෙදර ඔප්පුවත් හොයලා තිබුණා. මට ඒක ආරංචි වුණේ අහල පහළ ගෙවල්වලින්. අපේ ගෙදරට ඔප්පුවක් තියෙනවාද කියලා ඔවුන් අහල පහළ ගෙවල්වලින් අහලා තියෙනවා.
    ප්‍රවීණ ගායක හරුන් ලන්ත්‍රා මහතා අඩසියවසක කාලයක්පුරා රසික ජනහද දිනාගත් ගායන ශිල්පියෙකි. ඔහුගේ ගීත අතරින් අදටත් ඔහු මතකයට නැඟෙන්නේ "සුළං කුරුල්ලෝ" ගීතයෙනි. 'මගේ නාමලී', 'හදමල් පැදුරේ', 'නිවුණා හද සන්තානේ' ආදී ජනප්‍රිය ගීත රැසක් ඔහු ගායනා කර තිබේ."

    කාලකණ්නි රටක, කාලකන්නි මිනිස්සු.

    ReplyDelete
  7. ජීවිතේ දුක සැප මොන තරම් අවිනිශ්චිත දෙයක්ද??

    ReplyDelete
  8. චන්දන අයියා අදයි ඔයාගෙ බ්ලොග් එක හමුවුණේ මට...

    ඔයා හරුන් ලන්ත්‍රා වෙනුවෙන් කළ මෙහෙවර හදවතින්ම අගය කරනවා.... මනුෂ්‍යත්වයට මනුෂ්‍යත්වය මුණගැසිය යුතුම මොහොතේ ඒ වෙනුවෙන් මැදිහත් වීමයි වටින්නේ... ඔයා ඒ කටයුත්ත හරිම අගේට කළා...

    ReplyDelete