Pages

Friday 24 October 2014

සුළං කුරැල්ලෝ.........


" සුළං කුරැල්ලෝ සෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අර ගෙන එන්නේ
ආදර උයනේ දොරටුව ඇරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ
සුළං කුරැල්ලෝ සෙමින් ඉගිල්ලී....."

දයාබර සොයුරැ සොයුරියනි, හැටේ/ හැත්තෑවේ දශකයේදී සුව හසක් රසික රසිකාවියන් අමන්දානන්දයට පත් කළ මේ ගීතය ඔබත් අසා රස විඳ ඇතුවාට කිසිදු සැකයක් නැත. 

එමෙන්ම මගෙ නාමලී, හංසරානී ආදරේ... වැනි ගීතත් ඔබගේ හදවතේ ලැගුම් ගෙන ඇති.

මේ අමරණීය ගීත ඇතුළු තව ගීත රාශියක් රටට තිළිණ කළ ඒ අසහාය ගායකයා හරැන් ලන්ත්රා දැන් කොහේද ඔහුට කුමක් සිදුවී ඇතිද කියා අපට මොහොතකටවත් සිතුණිද?

මීට දින කිහිපයකට පෙර මුහුණ පොතින් හඳුනාගත් යහළුවකු විසින් එක්තරා වීඩියෝ පටයක් මා වෙත එවා එය අවසානය තෙක් නරඹන ලෙස ඉල්ලා සිටියා. 

ඔහුගේ ඉල්ලීම අනුවයි මා එය නැරඹීමට පටන්  ගත්තේ. ඒ හද කම්පා කරන දසුන් දුටු මට මේ සිදුවී ඇත්තේ කුමක්දැයි අදහාගන්නට නොහැකි වුණා. මගේ හද ගැස්ම මොහොතකට නතරවූ ලෙසයි මට දැනුණේ.

සුළං කුරැල්ලෝ, හංසරානි,මගේ නාමලී නම්වූ අමරණීය ගීතයන් ගයමින් රටක් නැළවූ ඔහුමද ඒ?

බොහෝ වයෝවෘර්ධව, හුදෙකලාවී කතාකරගන්නට පවා නොහැකිව ඉතාමත්ම අසරණවූ ඔහු දෙස මා කෙසේ නම් බලන්නද? 

කොණ්ඩය හා රැවුල වැවී මුහුණ හා  ඇඟපත වැහැරී ජරා ජීර්ණ වූ ඇඳකබලක ඔහු වාඩිවී සිටියා. පකිස් පෙට්ටියක් වන් කුඩා කුටියේ දෑස් ගිලී ගිය ඔහු අනන්තය දෙස බලා සිටියේ කිසිම හැඟීමකින් තොරව.

වීඩියෝ පටය අවසානයේ ඔහු කැමරාව දෙස බලා පෑ අව්යාජ අවිහිංසක ඒ සිනහව මම කෙසේ නම් අමතක කරන්නද?

මේ අවස්ථාවේ එම වීඩියෝ පටය නිමවා අපව දැනුවත් කළ ඒ උත්තම පුද්ගලයන්ට මගේ හෘදයාංගම ප්රණාමය පුදකරන්නේ හිතේ තෙරපෙන දුක් දෝමනස්සය මොහොතකට සඟවා ගෙනයි.

අප කුමක් කරමුද? ජීවිතයේ හැටි ඔහොම තමයි කියා සිත රවටාගෙන නිහඬ වෙමුද? 

ලෙයින් මසින් හැදී මව් කිරිබී වැඩුණු අපට එසේ කළ හැකිද?

බොහෝ කලා කරැවන්ගේ අවසානය මෙසේ ඛේදනීයව නිමවූ බැව් මම දනිමි. රටක් හිනැස්සූ ෆෙඩී සිල්වා හා රටම ආදරය කළ අසහාය නළු ජෝ අබේවික්රම මහතා ඔවුන්ගෙන් දෙදෙනෙකු පමණි.

ඇති හැකි කාලයේ , කීර්තියෙන් ඔවුන් වැජබුණු යුගයේ ඔවුන් සමඟ සිටි සුවහසක් ජන කැල ඔවුන් අසරණවූ කල දකින්නටවත් සිටියාද? 

මෙවන් කලා කරැවන්ට ඒ ඒ වැඩට පුළුවන් කාලයේ ලැබෙන මුදලට අමතරව හරිහමන් විශ්රාම වැටුපක් ලබා දෙන ක්රමවත් වැඩපිළිවෙළක් ක්රියාත්මක වේදැයි මම නොදනිමි. එසේ වූවානම් හරැන් ලන්ත්රා වැන්නන්ට මේ ඛේදනීය ඉරණම අත්වන්නේ නැත.

මේ සංසාර චක්රයේ සැරිසරන අපගේ ජීවිතවලට ඉදිරියේදී කුමක් සිදුවේදැයි අප කිසිවෙකුත් නොදන්නෙමු. කුමන ලෙඩ දුකක් ඇතිවේද මහ මඟ මිය පරලොව යාද ? කියත නම් හැක්කේ කාටද?

එමනිසා දයාබර සොයුරැ සොයුරිය මේ අවස්ථාවේ "අහෝ ජීවිතය " යැයි කියමින් කම්පා වෙමින් නොසිට අපව කලකදී ගීතයෙන් නැළවූ ඒ ගායකයාණන් හරැන ලන්ත්රා මහතාට යම්කිසි පිළිසරණක් වීමට උත්සහා කරමු.

ඒ සඳහා වැඩපිළිවෙළක් කරගෙන යන අතර ඔබගේ ශක්ති ප්රමාණයෙන් එයට දායක වෙතැයි මා හුදෙක්ම බලාපොරොත්තු වෙමි. අප සියල්ල ලබාදෙන පුංචි ආධාර එකතුවූ විට අපට එතුමාට විශාල සහයෝගයක් ලබා දිය හැකි බව මගේ විශ්වාසයයි. 

කලාවේ නාමයෙන් කරන්නාවූ මේ සත්ක්රියාව අප මිය යන මොහොතේ හෝ අපේ සිතට සහනයක් ගෙන ඒවි.

ගිණුම් අංක ආදිය සොයාගත් පසු ඔබට ඒ පිළිබඳ සියලු විස්තර දැනුම් දෙන්නම්.

එතෙක් ඔබට ආයුබෝවන්!

සැමටම ජය හා සතුට! 

11 comments:

  1. මේ ගැන දැනුවත් කලාට බොහොම ස්තූතියි චන්දන අයියේ....

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ගොඩක් පිං නංගී මේ ගැන උනන්දු වුණාට!

      Delete
  2. මාත් ඒ වීඩියෝව බලන්න ගත්තා..ඒත් ඔක්කෝම බලන්න වුණේ නෑ..අවංකව හුඟක් දුකයි හරූන් ලන්ත්‍රා මහත්මයා පත්වෙලා ඉන්න තත්වය ගැන..එහෙම කරනා දෙයක් ගැන අපටත් කියන්න චන්දන අයියේ..මනුස්සයෙක් නැතිවූ පසු කණගාටුවෙලා පලක් නෑ..මිනිසුන් හැටියට අප කළයුත්තේ පිහිටවීමයි..

    ReplyDelete
    Replies
    1. මම ඒ වීඩියෝව දැක්කට පස්සේ ලංකාවේ ඉන්න මගේ විශ්වාස සොයුරියකට ඒ ගැන සොයා බලන්න කිව්වා. ඇය එතුමාගේ බිරිඳට කතා කළවිට අමාරැකම් කියා තිබුණා. අපි මුදලක් යවන්නයි හදන්නේ. කැමති ගනනකින්‍ උදව්‍ කරන්න. මම දන්නවා හැමෝටම කරදරයි.
      අපි මුදල් ඒ සොයුරියට යවනවා. එයා ඒ මුදල්‍ එකතුවූ පසු හරැන් මහත්‍තයට ගිහින් දෙනවා. මම ඇයගේ ගිණුම් අංකය එවන්නම්. මුදල්‍ දමා මට දැමූ ගනන කියන්න. එතකොට අපට රෙකෝඩ් එකක් තියෙනවනේ. ඔබට බොහොම පිං. තව යාළුවන්ටත් කියන්න.

      G.m.k.n. Godamulla ' people's Bank ,kegalle bazzar , kegalle. A.C. number .299200118248815.

      Delete
  3. ඇත්තට ම චන්දන......................

    ලොකු දෙයක් කරන්න යන්නේ. අපිත් පුළුවන් දෙයක් කරන්නම්... කොහොම වුණත් ඔබ කරන්න යන දේට හදවතින් ම සුභ පතනවා...... හරූන් ලන්ත්‍රා මහතාටත් දීර්ඝායුෂ පතනවා.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කුරැටු ගෑ ගී පවුර!

      Delete
  4. චන්දන හරූන් ලන්ත්‍රාට මගේ මිතුරෙක් හැකි පමණින් උපකාර කරනවා. තවත් අය හා අසල්වැසියන් උපකාර කරනවා. අපේ හැලපෙත් මෙ ගැන කම්පා වෙලා මුකුත් කරමු කිව්වා. ඒත් එයාලට බෑන්ක් එකවුන්ට් එකක් වත් නෑ. නෝනත් බොහෝම අයෝබලත්. එයාට කතා කරලත් වැඩක් නෑ. උදව් කරන කෙනෙක් ගෙදරටම් ගිහින් උදව් කරන්න. ඉන්නේ කැළණියේ. අහල පහල ඉන්න උන්ටවත් අතරමැදියන්ටවත් දෙන්න එපා. දෙන දෙයක් ගෙදරට ගිහින් දෙන්න.

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තූතියි මාතලන්. මේ තොරතුරැ ඉතාමත්ම වැදගත්. අපිත් ලංකාවේ යාළුවෙකුට මුදල් එකතුකරලා යවනවා. එයා ගෙදරටම ගිහින් දෙන්න තමයි හදන්නේ. හරැන්ගේ නෝනත් එහෙමළු එයාට කිව්වේ.ස්තූතියි මචං!

      Delete
  5. ඕවා ඕම තමා බං.. ගායකයන්ට නෙමෙයි අපිටත් වෙනවා.. මේ ළගදි ජනාධිපති තුමා සම්මානයක් දීල සැලකුවා නේද??

    ReplyDelete
    Replies
    1. වයසට යන එක නවත්තන්න එතුමාට බැහැනේ බං

      Delete
  6. අද පත්තරේ හැටියට ඔය අසරණ මනුස්සයාගෙ ගෙට ආ අමනයො රුපියල් හැත්තෑ දාහක් හොරකම් කරලා. ඒ සල්ලි තියාගෙන ඉඳල තියෙන්නෙ දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ අවමඟුලට.. කියල ලන්තාගෙ බිර්ඳ කියල තිබ්බා. මේ වගේ රටක් ..

    ReplyDelete