Pages

Sunday 12 October 2014

අම්මේ.......



කුරිරැ ලෝකෙන් ලබද්දී ගැරහුම්
අම්මේ ඔබේ වත සඳක් සේ පිරිපුන්
හිතේ දුක් ගිනි නිවා සනහයි
විහිදුවා මුදු කිරණ මනරම්....

සිතට තනිකම දැනුණු මොහොතක
ඔබෙ මුවින් දෙඩු එකම වදනක්
සියලු සංකා පලා යැව්වේ 
කෙලෙසදෝ අම්මේ....
කියනු මැන අම්මේ.....

ඔබ දසුන මගෙ ළඟ නොමැතිමුත් 
දෑස් වසනා හැම නිමේෂයෙ
පවන් රොද වී හමා ආවේ
වෙන කවුද අම්මේ....
ඔබමමයි අම්මේ.....

-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

25 comments:

  1. අම්ම තරම් අපිට මේ ලෝකෙ වටින තවත් කෙනෙක් ඉන්නවද චන්දන අයියෙ..?

    ReplyDelete
    Replies
    1. ඇත්තම ඇත්ත උමේෂ් මල්ලී. ඒ කිසිදාක අඩු නොවන අපව දකින්නත් කලින් බැඳුණු ඒ ආදරය සම කරන්න උපමා නෑ.

      Delete
  2. කවියකටත් වඩා මෙය ගීතයක්. හරිම අගෙයි...

    ජීවිතයේ යථාර්තය මෙයයි. අපි ජීවිතය හොයා ගෙන යත්දි ප්‍රියයන් අපෙන් ඈත් වෙලා. අන්තිමට බලත්දි සැප හොයා ගෙන ගිහින් අපි දුක් විදිනවා... ඇත්ත ඕක තමයි චන්දන......

    විශේෂයෙන් මේ වගේ තත්වයක් තුළ දුරින් ඉන්නා අම්මා මතක් වුණාම ......................

    ReplyDelete
    Replies
    1. ඔව් මචං අපි තනිවුන හැම මොහොතකම හිතට දුකක් දැණුනම අම්මා ගැන සිහිකිරීමෙන් ලැබෙන්නේ නිවනක්. ඒත් අපි කීයෙන් කීදෙනාටද අම්මා ළඟම ඉදන් ඇයට සලකන්න ලැබෙන්නේ.

      Delete
  3. //සිතට තනිකම දැනුණු මොහොතක
    ඔබෙ මුවින් දෙඩු එකම වදනක්
    සියලු සංකා පලා යැව්වේ
    කෙලෙසදෝ අම්මේ...//
    ++++++++
    නියමයි චන්දන අයියෙ කවි පද ටික.. හදවතටම දැනුණා..
    ඇත්තටම අම්මගෙ උණුහුම මතක් වෙලා තනිකම දැනිච්ච වෙලාවක ලියැවුණු කවි පෙළක් වෙන්නැති..

    ReplyDelete
    Replies
    1. ඔව් සංචාරක මල්ලී. බොහොම ස්තූතියි ඇගැයීමට! අම්මාගේ අගය කියා නිම කරන්නට හෝඩියේ අකුරැ මදි...

      Delete
  4. කවියත් එක්ක පින්තුරේ බලද්දී කඳුළු එනවා නොදැනීම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන් මලේ. මේ පිංතූරෙ මට වත් පොතෙන් හමු වුනේ. ජය!

      Delete
  5. චන්දන අයියගෙ වචන අපූරුයි. මේ තරම් සංවේදීව වචන ගලපන්නෙ කොහොමද මන්දා.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සී නගේ. නිර්මාණ ආවේශය නංගියේ...

      Delete
  6. අනේ මන්ද බං මටනං මේ කවි වල වචන හරඹයක් විතරයි දැනුනේ.. වෙන මොකුත් නෑ..

    ReplyDelete
    Replies
    1. පොඩි සිංදුවක් ලිවීමට ගත් උත්සහයක් දේශකයෝ. උඹගේ අවංක අදහසට මම ගරැ කරනවා. ජය!

      Delete
  7. කාලෙකට පස්සේ ගුණේ. දේශා උඩින් කියන එක වැරදි නැහැ. උඹ මීට වඩා දැණෙන්න කවි ලියන්න පුළුවන් පොරක්. කාලෙකට පස්සේ ලියපු නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරෑ. පොඩි සිංදුවක් ලියන්න ගත්තු උත්සහයක් මචං! උඹත් හුඟ කාලෙකින්.

      Delete
  8. අම්මාගේ මුණත් කවියක් . අම්මා ගැන මතකයත් කවියක් . ඇයට නිරෝගී සුව පතනවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තිලකේ. ඇය තරම් අපට ආදරේ වෙන කෙනෙකු නම් ඇද්ද? මේ පිජතූරය නම් වත් පොතෙන් සොයා ගත්තේ...

      Delete
  9. අම්මා ගැන කියවුනු අපූරු පද වැලක්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තුෂානි!

      Delete
  10. ඇත්තටම ඇහැට කඳුලක් එක් කල පද වැල් ටිකක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තුෂානි!

      Delete
  11. අම්මා මේක කියෙව්වා නම් කොච්චර සතුටක් ලබයිද!
    පැසසුම් ලබන්නෙත් වාසනාවන්ත මව්වරු විතරයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හෙන්රි සහෝදරයා! මගේ අම්මා ළඟ ඉන්න පුංචි නංගී අම්මට මේක කියවලා තිබුණා. අම්මගේ මුහුණ මට හිතා ගන්න පුළුවන්. ඉක්මනින් ඇය බලන්නට යනවා.....

      Delete
  12. අරූ අයියගෙ ලිපිය කියවලා මේ පැත්තට එද්දි ඔයත් අම්මා ගැනම මතකය අවදි කරලා...හෙන්රි අයියා කියනවා වගේ මේ පද පෙල අම්මා දැක්කොත් අප්‍රමාණව සතුටු වෙයි. දැන් ඔයා දකින්නෙත් කලාතුරකින්..මොකද කාරනේ....

    උතුම් මාතෘත්වය අනුස්මරණය කරමින් මේ ගීතය මම මෙතනටත් එකතු කරන්නම්....

    වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්… දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්…
    කුඹුරක් වගේ බත් දුන් කෙනෙක් වේ නම් ලොවේ…
    නුඹයි අපෙ අම්මේ……….

    සයුරක් වගේ කිරි දුන් කෙනෙක්… වෙරලක් වගේ පන දුන් කෙනෙක්…
    ඔරුවක් වගේ අත දුන් කෙනෙක්…
    වේ නම් ලොවේ… නුඹයි අපෙ අම්මේ……….

    කඳුලක් වෙලා දුක් වූ කෙනෙක්… පියුමක් වෙලා තුටු වූ කෙනෙක්… ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක්…
    වේ නම් ලොවේ… නුඹයි අපෙ අම්මේ……….

    පද: පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
    සංගීතය: ගුණදාස කපුගේ
    හඬ: කරුණාරත්න දිවුල්ගනේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා මලේ. ඇත්තටම මම දැන් බ්ලොගයට එන්නේ බොහොම කලාතුරකින්. වත් පොතේනම් නිතරම ඉන්නවා. සතියට කවි දෙකක්වත් පළ කරනවා. ඒවටම කාලය යනවා. උඹලගෙත් හොඳ ලිපි සෑහෙන්න අතහැරැණා. එයට බොහොම දුකයි. ඉඩ හදාගෙන බ්ලොගය පැත්තේ සතියට සැරයක්වත් එන්න ඕනේ.
      තව කාරණයක් තමයි ලංකාවෙන් පොත් ගොඩක් ගෙන්වා ගත්තා. ඒවා කියවන කොට වෙලාව ඒකටම ඉවරයි. උඹට ජය මලේ!
      මේ සිංදුව බෙදා හදා ගත්තටත් ස්තූතියි!

      Delete
  13. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete