Pages

Tuesday 19 August 2014

කුඩාගමේ....


කුඩා ගමේ මද්දහනේ අව් රස්නේ නිවා
හූරි කඳුපෙතේ දඩමං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළදන්නයි සොබා....

මගේ පැලට නුඹ කැන්දං පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණු ළමැද වසා ගනිං කියා
මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා
රිදී පොටක් කරලන්නට වරම් නැතුව ගියා.....

ආලවඩන අකුරැ පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙක සකී
ආලෙ බිඳුනදා කුමකට කඳුළු හෙළනු සකී
ආලවඩන යන තේරැම බෝසත් කම සකී......

ගේය පද:  ධර්මසිරි ගමගේ
ගායනය: සුනිල් එදිරිසිංහ
සංගීතය: වික්ටර් රත්නායක

සුනිල් එදිරිසිංහයන් විසින් "හුලවාලී" නම්වූ මනරම් සිනමා පටයට ගැයූ මේ ගීතය සවන් වැකෙන සෑම මොහොතකම මගේ සිත 1976 එක්තරා සුන්දර සැන්දෑවකට ඇදී යනවා.

දවස පුරා පෑයූ ගිනිකාෂ්ටක අව්වෙන් හෙම්බත්වූ මුළු අනුරාධපුරයම හැන්දෑයාමයේ බලබිඳී මියයමින් සිටිනා හිරැට ඔච්චම් කරන්නාක් මෙන් වැව් තල පිස හමා එන සිසිල් සුළඟින් නැවුම් සිහිලක් විඳින්නට පටන් ගන්නවා.

මේ හැන්දෑයාමයේ නැගෙණිය හා සෙල්ලම් කරමින් මිඳුලේ හුන් මා ඇමතූ අපගේ පියා චිත්රපටයක් බලන්නට යමුදැයි මගෙන් විමසා සිටියා. චිත්රපට බැලීමේ පිස්සුව එකල සිටම ඔළුවට ගසාසිටි මට එය සුරාවට ලොල්වූ අයෙකුගෙන් පොඩි අඩියක් ගහමුදැයි ඇසුවාක් මෙන් වුණා.

තප්පරයෙන් දුවිලි සෝඳා සැරසුණු මා ඊළඟ නිමේෂයේ නතරවූයේ තාත්තාගේ බයිසිකලයේ පොල්ල මතයි. මගේ සිතේ එවෙලේ ඇතිවූ කලබලය සංසිදුනේ අනුරාධපුරයේ සිත්තම්පලම් සිනමා ශාලාවේ අසුනකට බරවූ පසුවයි.

චිත්රපටයේ පසුබිම් ගීතයක් වූ මේ ගීතය එදා මුල්වරට ඇසූවෙලේ සිටම මගේ හදවත තුළ ලැගුම් ගත්තේ සංසාරේ පුරාවටම මා හා බැඳී ආ ගීතයක් වගේ.

දයා රාජපක්ෂයන්ගේ කතාවක් වූ මෙය රොඩී ජන කොටසක් වටයි ගෙතී තිබුණෙ. ඒ රැහේ නායකයා ධාරා. රැහේ බසින් නායකයට කිව්වේ රැහේ හුලවාලියා කියලා. සිනමා පටයේ නාමය " හුලවාලී" වූයේ එලෙසින්.

රැහේ හුලවාලියාට පණ දුන්නේ සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා මහතා. ඔහුගේ ඇඹේණිය වූයේ අග්රගණ්ය නිලියකවූ සුවිනීතා කෝන්ගහගේ මහත්මියයි.

රැහේ හුලවාලියාවූ ධාරා ජීවත්වූයේ කැලයේ දඩයමේ ගොස් සපයා ගන්නා දඩමස්, සතුන්ගේ පදම් කළ හම් හා මීපැණි ගමට එන යන වෙළෙන්දාට විකිණීමෙනි. වෙළෙන්දා ලෙස රඟපෑවේ ටෝනි රණසිංහයන්ය. 

මේ එන යන අතරතුර ධාරාගේ බිරිඳ සුභා සමග ආලයෙන් බැඳෙන වෙළෙන්දා, ඇයවත් රැගෙන ගම්මානයෙන් පලා යද්දී සුභා සොයමින් වනයේ බොහෝදුකින් ඇවිදයන ධාරාට ඇලපාරක තිබී ඔහු සුභා කැටුව ආ දිනයේ ඇයගේ ළැම වසාගැනීමට දුන් රෙදිකඩ ඇස ගැටෙනවා. කඳුළු සලමින් ඒ රෙදිකඩ දෝතින් වැළදගන්නා ධාරා තිරයේ දිස්වනවිටම මේ ගීතය පසුබිමින් අපගේ දෙසවනට ගලාගෙන එනවා.

මහා ශෝකී වාදනයෙන් ඇරඹෙන ගීතයේ පළමු කොටසින් මෙහෙම කියැවෙනවා.

" කුඩා ගමේ මද්දහනේ අව් රස්නේ නිවා
හූරි කඳුපෙතේ දඩමං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළදන්නයි සොබා...."

ධාරට එකවිටම සිහියට නැගෙනවා ඔහු වන්නි වනපෙතේ දඩයමේ ගිය හැටි. ඒ ගිහින් එකතුකරගත් දේ විකුණලා සෙනෙහසේ නාමයෙන් ඇයට ඇති ආලවන්ත කමට කරට දාන්න රිදී පොටක් ගන්න එක තමයි ඔහුගේ ඒකායන බලාපොරොත්තුව හා සිහිනය වෙලා තිබුණේ.

දෙවැනි කොටසින් මෙහෙම කියනවා....

" මගේ පැලට නුඹ කැන්දං පැමිණි දොහේ එදා
මල් ගොමර පිපුණු ළමැද වසා ගනිං කියා
මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා
රිදී පොටක් කරලන්නට වරම් නැතුව ගියා....."

එදා කරකාර බැඳලා ඇයව තමන්ගේ පැලට කැන්දාගෙන ආ දිනයේ මල්ගෝමර පිරැනු ළමැද වසා ගන්නට දුන් සළුව ඔහුට සිහිවෙනවා. ඒ සළුව තමයි දියපාරේ දමා ගොස් තිබී ඔහුට හමු වෙන්නේ.

එතකොට මොනවද මේ මල් ගෝමර කියන්නේ. දැන්නම් කාන්තාවෝ මේවා හමේ මතුවෙනවට කැමතිනෑ. මේවා තමයි අළුහම් කියලත් කියන්නේ. ඒත් කවියා මේ මල් ගෝමර පිරැනු ළමැදේ ලස්සනක් දුටුවා. එය ස්වභාවික ආභරණයක් සේ සැලකුවා.

ඉතිං ධාරා දුක්වෙනවා ඒ සළුවෙන් ළමැද වසා ගිය ඇයගේ කර පලන්දන්න ඒ පෙරැම් පුරාගෙන සිටි රිදී පොට පළදන්නට වරම් නැතිව ගිය එක ගැන.

ගීතයේ අවසාන කොටසින් තමයි සැබෑ ප්රේමයේ පරිත්යාගශීලී බව අපට නැවත නැවතත් පුන පුනා කියන්නේ.

" ආලවඩන අකුරැ පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙක සකී
ආලෙ බිඳුනදා කුමකට කඳුළු හෙළනු සකී
ආලවඩන යන තේරැම බෝසත් කම සකී......"

සැබෑ ආලයේ තේරැම මොකක්ද කියලා ධාරා අපෙන් අහනවා. මෙතන් පටන් රෑට පැලේ තනියම නිදාගන්න සිදුවෙනවා වගේම සිහිනයකවත් දැන් මේ ආලය තිබෙයිද කියලා විමසනවා. අවසානයේ බිඳුණු පෙම ගැන අඬා වැලපිලා තේරැමක් නැතිබව ඔහුම තේරැම් අරගෙන පෙරැම් පුරනා බෝධිසත්වයෙකු සතු ගුණයක් වගේ ඇයට මෛත්රී කරන්නට හිත හදාගන්නවා. 

කිසිඳු ආරෝවක් නොකොට හඬමින් හිස් අතින්ම ධාරා පැලට එනවා. මේ මෛත්රීසහගත පරිත්යාගශීලී පැවැත්ම බියගුලු හා නිවට කමක් බවත් එය රැහේ හුලවාලියාට තරම්නොවන බවත් පවසමින් මුලසිටම ධාරා සමග තරහින් සිටි හා පළිගැනීමට අවස්ථාවක් එනතුරැ බලා සිටි ඒ රැහේම එකෙකු( විමල් කුමාර ද කොස්තා) ධාරාට මේ අසරණවූ අවස්ථාවේදී පිහියකින් ඇන මරා දමනවා. 

ගීය මතකයේ රැදුනා මෙන්ම මේ අවස්ථාවත් මගේ සිතේ නොමැකී පවතිනවා. ඉන්පසු රැහේ දෙවැන්නා(මර්වින් ජයතුංග) අතින් කොස්තාද මැරැම් කන අතර වෙළෙන්දෙකු ලෙසට ගමට පැමිණි සිදාදියේ ධනවත් පුද්ගලයෙකු වූ ටෝනි රණසිංහයන් සමග සුභා විවාහ වෙනවා. හුලවාලී සිනමා පටයේ කතාව සැකෙවින් මෙයයි.

එදා පටන් මේ ගීතය කණ වැකෙන හැම මොහොතකම මේ සිනමා පටයත්, මගේ පියා සමග එය නැරඹීමට ගිය අවස්ථාවත් චිත්රපටයක රෑප රාමුපෙළක් සේ මගේ මනසේ ඇඳී යනවා. 

බලන්න ඔබත් මේ ගීතයට සවන් දී......



29 comments:

  1. අපූරු විචාර සටහනක්...
    මං පිලුම බලල නං නැ...
    ඒත් මේක කියෙව්වම ඇත්තමය බලන්නට හිතුණ...
    බලන්නෝනෙ හොයාගන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ් ඔබට එහෙම හිතුනානම් මගේ උත්සහය සාර්ථකයි කියා මට සතුටු විය හැකියි. ජය!

      Delete
  2. ඔහ් ......

    මම ඕක බැලුවේ ගොඩක් පුංචි කාලේදී මට මතක විදියට. හැබැයි මට කතාව නම් තේරුනේ නැහැ. පොඩි වැඩි හින්ද වෙන්නත් ඇති. ඒත් ඔබ කියන මේ සින්දුව නම් පපුවට වැදුන ඇහුව ගමන්. දන්නේ නැහැ මොකද කියල..... මාරම දුකක් දැනුන. පරණ කේස් එකක් වෙන්නත් ඇති.. හික්

    ස්තුත්යි මේ මතකය ගෙනාවට.

    බලල තියෙනවද 'දෑස නිසා'? ඒකත් බලනකොට පොඩි උනත් මහා දුකක් දැනුන. ලඟදි ආයෙත් බැලුව. දැන් කාලේ අඩුම තරමේ මේ වගේ ප්‍රස්තුතයක්වත් හොයාගන්න බැහැ නේ... අවකලාව

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා 76 දී හුලවාලි බලන්නේ කොහොමද?ඒ කාලෙ ඉපදිලාවත් හිටියද?

      Delete
    2. සඳුන් ඒ කාලෙ අපි ෆිල්ම් බැලුවේ රිලීස් කරපු දවසෙමයි.මේ ෆිලුමත් එහෙම බැලුවා මට හොඳට මතකයි.අනේ ඒ වාගෙ කාලයක්.

      Delete
    3. හි.. හි... හැලපේ ..... දන්නේ නැද්ද මම නාකිච්චියක් නේ?

      මම බැලුවේ අප්පච්චිගේ රෙකෝඩ් බාර් එකෙන් අරගෙන.... මම හිතන්නේ එතකොට ගාමිණි ගොඩක් වයසයි. ඒ වගේම සරුංගලේ... සත්වෙනි දවස, හංස විලක්... ඔව් මේ සේරම ඒ විදියට බලපුවා

      Delete
    4. ගොඩක් ස්තූතියි උපේක්ෂා! ආයිත් හොයාගෙන බලන්න.
      ඔව් මම දෑස නිසා කිහිප සැරයක්ම බලලා තියෙනවා. 70 හා 80 දශකවලින් පස්සේ ඒ සිනමාවේ ස්වර්ණම යුගය අපෙන් ඈත්වුණා.

      Delete
    5. ඔව් හැලපේ. ඒ කාලය කොච්චර සුන්දරද? ඒ කතා සිංදු කොච්චර ලස්සනද?

      Delete
  3. මමත් ඔය සිනමා පටය නැරඹුවා හැබැයි රුපවාහිනියෙන් ඇත්තටම සිත්කාවදින කතාවක් ඔබේ රචනයත් සිත්කාවදිනවා මරු

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රාජ් මාව ඇගැයූවාට!

      Delete
  4. මමත් ‍ෆිල්ම් එක බලලා නෑ.. විචාරය නිසා බලන්න ආස හිතුනා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තුෂානී! යූ ටියුබ් එකේ ඇති. ඔබ ගොඩක් සතුටු වෙයි.

      Delete
  5. මමත් මුලින්ම බලපු චිත්‍රපටි කීපයෙන් එකක් තමය හුලවාලි. ඇත්තටම මේ ගීතය ඇහෙනකොට තාමත් ඒ රූප රාමු හිතේ මැවෙනවා. හොඳ සටහනක් මචන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලකේ!

      Delete
  6. ෆිල්ම් එක නම් බලලා නෑ.. ඒත් පහලින් තියෙන සටහන නම් නියමයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ් මල්ලී!

      Delete
  7. චිත්‍රපටිය නම් බලලා නෑ.

    මෙතැන කියන්නේ "හුරී" කඳුපෙතේ කියලා. චිත්‍රපටියට පසුබිම් වන පරිසරයේ සඳහන් වෙන කන්දක් කියලා තමයි මට එය කියාදුන් කෙනා කිව්වේ. අනික මම හිතන්නේ නුඹේ කරට රිදී පොටක් පලඳන්නයි "සුභා" වෙන්න ඕනේ නේද?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තිසර හූරි තමයි. මම ඒක හදන්නම්.
      මමත් හිතං හිටියේ සුභා කියලා. ඒත් තවත් හොඳින් අහලා බලන්න. සොබා කියලා ඇහෙන්නේ.

      Delete
  8. මම ඔය ‍ෆිල්ම් එක බැලුවේ නෑ. මගේ යාලුවෝ නම් හුඟ දෙනෙක් බැලුවා. ඔය සින්දුවත් නිතර කියනව අහලා තියෙනවා. ඒ සින්දුව නිසාමයි ඕකේ නම මතක හිටියෙත්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත හෙන්රි! හොයාගෙන බලන්න. හරම සංවේදීයි.

      Delete
  9. හුලවාලි ආයෙත් බලන්න ආස හිතුනා. අර කුලගෙදරින් සිංන්දුවත් මේකෙමෙ නේද තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින්! ඔව් කුළගෙදරින් සිංදුව තියෙන්නේ මේකෙ තමයි. තවත් සිංදුවක් තියෙනවා. මතකෙට එන්නේ නෑ.

      Delete
  10. මම මේ ගීය ඇහුඒ අදමයි

    ReplyDelete
    Replies
    1. ලස්සන සිංදුව මලේ. ඒ වගේම හොඳ චිත්‍ර පටයක්.

      Delete
  11. අම්මෝ ඉස්සර මගේ ආසම සිංදුව....

    ReplyDelete
    Replies
    1. ඇයි දේශක තුමා දැන් ආස නැද්ද?

      Delete
  12. හුලවාලි මම බැලුවෙත් සිත්තම්පලම් ශාලාවෙ...:)

    මේ කුඩාගමේ මද්දහනේ ගැන වික්ටර් සහ සුනිල්ගෙ කතාබහක්....

    80 අවුරුද්දෙ තිරගත වුනු සිරිබෝ අයියා මතකද? සුනිල් ආරියරත්නගෙ..ජෝ, ගීතා සහ වසන්ති හිටියෙ. නන්දා මාලිනී සහ අමරදේව මාස්ටර්ගෙ අපූරු කවි ගායනාවක් තිබ්බ ඒකෙ...

    සඳට හොරෙන් සඳ මුදුනෙන් සාවො ගියා,
    ඉරට හොරෙන් ඉර මුදුනෙන් ගිරව් ගියා,
    මලට හොරෙන් මල මුදුනෙන් බමරු ගියා,
    අපට හොරෙන් නුඹ දෑසට නොපෙනි ගියා,

    වැල්ලේ පිපෙන බිම්මල වාසනාවක්,
    ගොල්ලේ පිපෙන පන්මල වාසනාවන්,
    දෙපෝදාට පුන්සඳ වාසනාවන්,
    මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්,

    ReplyDelete
    Replies
    1. සිරිබෝ අයියා මතකයි රවී අයියේ හොඳට මතකයි."ගියා නෙමේ අයියේ ග්‍රහයා අරං ගියා" ඒ දෙබස උඹට මතකද?
      ගොඩ දවසකින්. මම වැඩිපුර බ්ලොග් එක පැත්තේ ආවේ නෑ. බොහෝම සංතෝෂයි ඔබගේ සටහනට!

      Delete
    2. අමරදේව මාස්ටර්ගෙයි නන්දා මාලිනියගෙයි මේ සිංදුව මම නිතර අහනවා.

      Delete