Pages

Thursday 3 July 2014

ඉතිං සමුදෙමි රොබරෝසියා.......

පේරාදෙණිය සරසවියේ 'වළ' නමින් ප්රචලිත එළිමහන් රංගපීඨය මධ්යයේ තිබූ විසල් රොබරෝසියා ගස මැරී ඇදවැටී ඇති අයුරු දැකීමෙන් කම්පාවට පත් මා අතින් පහත නිසදැස ලියැවුණි.


වසන්ත කාලයේ රෝස පැහැයෙන් ගසත් බිමත් වසාලූ මෙම වෘක්ෂය නැති රංඟපීඨය නළු නිළියන් නොමැති නාට්යයක් වනු ඇතැයි මට සිතිනි.........





හන්තාන නිසසලයි
මහවැලිය ඉකි බිඳියි
හමන මද පවන් රොද
මළගමේ ගීතයයි......


වළේ ඇති පලේ කිම
නොමැති දා නුඹේ වත....?
රෝස පැහැ මලින් පිරි
නුඹයි එහි පැහැසරය......


මණමෙ හා සිහබාහු
සමඟ දික්තල නැගූ,
ඒ මහා විසල් ගොස
ගොළුවෙලා වගෙයි අද......


නුඹ තරම් රැඟුම් දුටු
මෙපමණට දෙබස් ඇසු
කෙනෙකු තව මේ ලොවේ
සිටීදැයි සැක සිතේ.......


මෙලොව අනියත බවත්,
කිසිදු තිර නැති වගත්
පසක් කර යළි නොඑන 
ගමන් යන නුඹට මම




පතන්නෙමි නිවන් සුව...!
දයාබර රොබරෝසියා.......






36 comments:

  1. අනේ අපරාදේ...
    ලස්සන පද වැලක් අයියේ

    ReplyDelete
    Replies
    1. ඔව් නංගී! හරිම ලස්සන ගහක්. ආයෙත් හොඳ පැලයක් හිටෙව්වොත් හොඳයි. මගේ පදවැල රස වින්ඳට ස්තූතියි!

      Delete
  2. කඞන් වැටිලද? කපලද?
    කවිය එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සංජීව! ගහේ කඳ ඇතුලින් දිරලා නිසා ආරක්ෂාකාරී පියවරක් විදිහට කපපු බව තමයි ආරංචිය. ඔය වගේ ගහක් ආයේ හැදෙන්න සෑහෙන කලක් යාවි. ඒත් හැමදේම නැසෙන සුළුයිනේ.....

      Delete
  3. ගහ කඩං වැටෙන්න ඇති නැත්නං දිරල නිසා කපන්න ඇති. ඕවා ඕම තමා.. දුකයි තමයි.. මොනා කරන්නද ඒත්. මොන දේවත් සදාකාලික නැනේ බං ගුණේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බං දේශක තුමෝ. කඳ දිරෑ නිසා කැපූ බැව් සැලයි. උඹට ජය!!

      Delete
  4. ෆොටෝ එක දැක්ක වෙලාවෙ කම්පා උනා. ඒත් ඔබ ඒ හැඟීම අපූරු කවියක් බවට පත්කරලා. මේක තමයි හැකියාව කියන්නෙ. :)

    ReplyDelete
    Replies
    1. ඔයාට ගොඩක් ස්තූතියි මාව අගය කළාට!

      Delete
  5. ගහ කඩන් වැටුනු පින්තූරේ දැකලා මටත් දුක හිතුනා. ඒ දුම මේ කවි වලත් ලියැවිලා..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උඹ සිගරට් එකක් බිව්වා...

      Delete
    2. ඒ දුම මේ කවි වලත් ලියැවිලා..
      උබ ඒ ටිකට ගහ ගිනිත් තිබ්බද බන්

      Delete
    3. හහ් හා පොඩි අකුරැ වැරදීමක්!කෙසේවෙතත් ස්තූතියි මධූ මලේ!

      Delete
  6. සිහිනයක්ම වෙච්ච මගේ සිහින පාරාදීසය.

    කවද කොතන ඔය පිංතූරෙ දැක්කත් මගෙ හිත කීරී ගැස්සෙනවා.

    අද ඒක තවත් වැඩිවුනා. ඒ කියන්නෙ වලේ ඒ ලස්සන ආයෙ නෑ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ මනෝෂ්... ඔය වගේ ගහක් හැදෙන්න තව කාලයක් යයි...

      Delete
  7. අපරාදේ...

    // මෙලොව අනියත බවත්,
    කිසිදු තිර නැති වගත්

    පසක් කර යළි නොඑන
    ගමන් යන නුඹට මම

    පතන්නෙමි නිවන් සුව...!
    දයාබර රොබරෝසියා....... //

    ReplyDelete
    Replies
    1. දුකයි තමයි...
      ගොඩක් ස්තූතියි මගේ නිර්මාණය රස වින්ඳට!

      Delete
  8. හදවතට දැනෙන පද වැලක් මචෝ.... මේ ගැන අද දවසේ ගොඩක් දේ ලියැවිලා තිබුණා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නලින් ඔබට!

      Delete
  9. ම්ම්ම්... පොඩ්ඩක්......?????????????

    ReplyDelete
    Replies
    1. ඇයි කෙන්ජි හරි නෑ වගේද? වරදක් තියෙනවනම් කියපං බං හදාගන්න.

      Delete
  10. මොනා වුනත් සෑහෙන්න අපරාදයක්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ දිනේෂ් මල්ලී. ඒත් ලෝක ස්වභාවය.....

      Delete
  11. මේ ගැන දැක්ක ගමන් ඇතිවුණු හැගීම ඔබ කවියට නගයි කියලා මම හොඳින්ම දැනගෙන හිටියා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පව්ලූෂා මලේ මා ගැන තැබූ විශ්වාසයට!

      Delete
  12. කණගාටුයි............. ඇද වැටිලා ද කපලාද දන්නෑ... පොළොන්නරුවේ කහමල් ගහකුත් කපලාලු... අනේ පේරා නුඹේ සළු උනා දැමූ කළ කුමන හැඩක් දෝ ඔය වත////////////

    ReplyDelete
    Replies
    1. දිරලා නිසා කපා දාලලු. මොනවා කරන්නද?

      Delete
  13. පට්ට කවිය
    මේක බුකියෙත් දාල තිබ්බ නේ

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ් ගොඩක් ස්තූතියි ඔබට!

      Delete
  14. වලේ රොබරෝසියා ගහ ගැන පදවැල් මහා ගොඩක් ලියවිලා තිබ්බා . ඒවා අතරින් උඹේ කවිය වඩාත් මනරම් කියා හිතෙනවා .
    ( හැබැයි මොන හේතුවකටද දන් නෑ අන්තිම පේලි දෙකට මම කැමති නෑ)

    ReplyDelete
    Replies
    1. අන්තිම පේලි දෙක ගැන මටත් ඔහොම හිතුනා. ඒ කවි පන්තියේ හැඟුම්බර බවට අන්තිම පේලි දෙක අවාසියක් කලාදෝ කියලා හිතුනා.

      Delete
    2. ගොඩක් ස්තූතියි තිලකේ සහා අරෑ. ඇයි ඒ අන්තිම පද දෙක ගැලපෙන්නේ නැද්ද බං?

      Delete
    3. කාවිත්‍යය තුල තිබු සියුමැලිත්වය ගිලිහුනාදෝ කියන හැඟීම තමයි මට තියෙන්නේ....සියුමැලි කවියෙක් , කවිය කාගෙවත් ප්‍රාර්තනාවලට පටු කල හැකිද කියන අදහසයි මා තුල තියෙන්නේ.

      අපි පේරදෙනියට තව රොබෝරෝසියාවක් හදමු කියන සංකල්පය, මා දුටු කිසිම නිර්මාණයක දුටුවේ නැහැ. මැරුණු රොබෝරෝසියාට හඬා පලක් නැහැ. හැඬිය යුතු තව රොබෝරොසියාවක් හැදෙන්නේ නැති නිසයි. මම විවි සිසුවෙක් නොවේ.

      Delete
    4. කවියා රාමුවකට කොටු නොවුණු තරමට ඒ නිර්මාණ සාර්ථක වෙනවා තමයි මචං. ඒත් අපිට ගහකට උවත් නිවන් දකින්න කියන්න බැරිද?
      අළුත් පැලයක් රෝපන කිරීම ගැනනම් සදහන් වුනේ නෑ තමයි. කවි බසින් එය අපූරැවට කළ හැකිව තිබුණා. උඹට බොහොම ස්තූතියි අරෑ!

      Delete
  15. මාත් දන්න ගහක්. නමුත් මම පේරාදෙණියේ කැම්පස් එකට ගියේ නෑ. ඒත් පැණිදෙණියේ ටීචර්ස් කොලේජ් එකේ ඉන්නකොට ඕකෙ කරක් ගහනවා. කැන්ටින් වලින් කනවා. ඉතින් ගහ දන්නවා.
    තිලක සිතේ දාපු කමෙන්ට් එකමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හෙන්රි ඔබට!
      කොයි කාලෙද උඹ ටීචර්ස් කොලෙජ් එකේ හිටියේ?

      Delete