Pages

Tuesday 17 June 2014

හැඟුමන් පරදා බුද්ධියෙන්......



යුද ගිනි නිවී පස් වසරයි ගත වූයේ
කුස ගිනි පමණි ගින්නක් සේ මතු වූයේ
මරණයෙ ශීත සාමෙන් උණුසුම් වූයේ
මගෙ රට දියුණු වී එන ලකුණකි පෑයේ
   
ධර්මදාස සිංහල ගීයක් ලියුවා
කන්දසාමි මනරම් තනුවක්යෙදුවා
මොහොමදු අයිය හරි රහ කර එය ගැයුවා
මුළු සිරි ලකම තාලෙට අත් පුඩි තැළුවා
   
ගංදිය ගලා ජන කැල හෙම්බත් වෙද්දී
පන්සල් පල්ලි සෙවණේ හැම රොක් වෙද්දී
එක පත අනා කා සොයුරන් සේ ඉද්දී
දුටුවේ එකම සිහිනෙකි රෑ නිදි යද්දී
   
සිරුරේ දුවන්නේ එක රුදිරය නොවෙද
දුප්පත්කමයි ඇති පොදු ගැටලුව නොවෙද
සොහොයුරු පෙමින් බැදුනේ අප සැම නොවෙද
සිරිලක් මවගේ වටිනා දරුවන් නොවෙද
   
අනුන් බහට ඇයි අප සැම නතුවන්නේ
බොරවුණු දියේ මාළුයි උන් ඩැහැගන්නේ
නැතිවුණු දිනේ සාමය මරු රජයන්නේ
ඔළුවෙන් ක්රියා කොට රට දැය සුරකින්නේ
   

37 comments:

  1. ඔලුවෙන් ක්‍රියා කරන්න නම් අපේ පාලකයෝ ඔලුව පාවිච්චි කරන්න එපයි, මේ පාලකයෝ දෙන ගුණ්ඩු කාලා දුක් විඳින්නේ මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. උඹ හරි පව්ලූෂා මලේ. හැමදාම පාලකයෝ කලේ එවාලගේ බඩ වඩා ගත්තු එක පමණයි. ලැබුණු නිදහසෙන් පසුව මම නම් හිතාගෙන හිටියේ වුණු වැරදි හදාගෙන රට ඉදිරියට යයි කියලා. හරිම දුකයි.

      Delete
  2. සුපිරි කියන්නෙ මල් හතයි කාලේකට පස්සෙ දැක්ක හිතට දැනුනු කවි පංතියක් .....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝදර මගේ කවි රස විඳලා මාව අගය කලාට. අපේ රටේ සාමය ඉතිරේවා!

      Delete
  3. හුග කාලෙකින් ඇවිත් අපූරු කවියක් ලියල තියෙන්නෙ...
    අපේ මිනිස්සු ජාති ආලෙං අන්ධ වෙලා... ඊටත් වඩා නාන සිර බණ වලිං ඔළුව කුරුවල් වෙලා...
    එකට හොදට හිටියොත් හෙණ ගහයි කියල බයද දන්නෑ

    ReplyDelete
  4. කාලෙකින් ඇවිත් අපූරු කවියක් ලියල තියෙන්නෙ...
    අපේ මිනිස්සු ජාති ආලෙන් අන්ධ වෙලා...
    නානසාර බණ වලිං ඔළුව කුරුවල් වෙලා...
    සහයෝගෙන් එකට හිටියොත් ෙහණ ගහයි වෙයි කියල බයද නද්නෑ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්! මේ හැමදේම පිටුපස අපේ රට දියුණු වෙලා සමගියෙන් ඉන්නවා පේන්න බැරි නරැමයෝ ඉන්නවා. දෙපක්ෂයම පිටුපස. ජාති භේදයක් නැතිව දුක් විඳින අප සැවොම ඒ ගැන සිතා ක්‍රියා කල යුතුයි. ජය!

      Delete
  5. කාලෙකින් ඇවිත් අපූරු කවියක් ලියල තියෙන්නෙ...
    අපේ මිනිස්සු ජාති ආලෙන් අන්ධ වෙලා...
    නානසාර බණ වලිං ඔළුව කුරුවල් වෙලා...
    සහයෝගෙන් එකට හිටියොත් ෙහණ ගහයි වෙයි කියල බයද නද්නෑ

    ReplyDelete
  6. සුපිරි කවි පන්තියක්.. යුගයේ අවශ්‍යතාවය ඉටු කිරීමක්..

    අද අවශ්‍ය මෙවන් කවි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන් ගොයියෝ! අපි මේ හැර කුමක් කරමුද? උඹත් හරවත් ලිපි මගින් ඒ සේවය දැනටමත් කරනවා. ජය!

      Delete
  7. ඔය යථාර්තය හැම හිත දළුලනවා නම්…………

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම ඒ ලෙස පතමු.

      Delete
  8. ඔය මනුස්සකම නැති එකා කෝමත් ගොත්‍රිකයෙක් බං..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ජාතිවාදියා අවසනදී ඔවුවොවුන්ගේ මස් පවා අවසනදී කෑමට තරම් නින්දිත වෙනබවයි පත පොතේ කියැවෙන්නේ.

      Delete
  9. ඔහු ජේසුස් අදහාවි
    ඇය අල්ලා අදහාවි
    අපි බෞද්ධ දර්ශනය අනුගමනය කරමු.

    ReplyDelete
    Replies
    1. ජාති ආගම් ප්‍රශ්න නැතිව හැමෝම ලංකාවේ වැසියන් කියලා නොහිතන එකනේ ප්‍රශ්නේ? එහෙම අතීතයේ හිතුවා. ඒත් දේශපාලකයෝ හා විදේශීය බලපෑම් ඔළු ටික කෑවා....

      Delete
  10. කවි ටික කියෙව්වම මට මේ සින්දුව මතක් උනා
    http://www.youtube.com/watch?v=5ZMfFBjhc40

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මැලේ රාළ!

      Delete
  11. අඳුරු අවාසනාවන්ත යුග ගණනාවක අත්දැකීම් තියාගෙන ඒවා රිපීට් වෙන්න යන මේ වෙලාවෙත් සමාජයට පණිවිඩයක් දෙන්න බැරි මම ඇතුළු අපේ පරපුරේ මිනිස්සු ගැන මටම ලැජ්ජයි. ඒත් උඹ මේ කවි ලියලා හරි කරන්ට හදන්නේ අපි වෙනුවෙන් යමක් කියලා හිතෙනවා. ස්තුතියි මචන්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තිලකේ! අපි වෙන මොනවා කරන්නද? අපි ලියන දෙයක් දැකලා කියවලා එක මිනිහෙකුගේ හරි හිතක් වෙනස් වෙනවා නම් ඒකත් සතුටක්. උඹට ජය මචං!

      Delete
  12. පට්ටම පට්ටයි. පට්ටේ හොදම එක..... එළම තමා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නලින්!

      Delete
  13. // ඔළුවෙන් ක්‍රියා කොට රට දැය සුරකින්නේ//
    වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියනවනේ..

    හැමදාමත් වගේ ලස්සන පද වැලක්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තුෂානි!

      Delete
  14. කවිය හරිම අගෙයි. චන්දන ආයෙමත් මේ අදුරු යුගය නොඑන්න අපිට කරන්න පුළුවන් දේ අපි කළ යුතුයි. ඒ වෙනුවෙන් වූ ඔබේ කවියට අපගේ ප්‍රණාමය...............

    එක පත අනා කා සොයුරන් සේ ඉද්දී
    දුටුවේ එකම සිහිනෙකි රෑ නිදි යද්දී

    හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කුරැටු ගෑ ගී පවුර. අප මේ කුරැටුගානා දෙයින් ජාතිවාදී ගින්නට අමා පැන් වැටේවා!

      Delete
  15. යුගයට අත්‍යාවශ්‍ය වූ කවි පෙළක්........

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි!

      Delete
  16. >>ධර්මදාස සිංහල ගීයක් ලියුවා
    කන්දසාමි මනරම් තනුවක් යෙදුවා
    මොහොමදු අයිය හරි රහ කර එය ගැයුවා
    මුළු සිරි ලකම තාලෙට අත් පුඩි තැළුවා<<
    මේ පෙළ හතර හිතට තදින් වැදුන......
    පට්ට කවි ටික මචෝ.....

    ReplyDelete
    Replies
    1. උඹට ගොඩක් ස්තූතියි කෙන්ජි!

      Delete
  17. කිරි මදුවැල් කිරි මදුවැල් කිරි අම්මේ
    ආයිත් මුං මරාගන්නව ලක් අම්මේ
    ලෝකෙම වටවෙලා බැට දෙනවා අම්මේ
    ඒගැන නොසිතන්නෙ වරදකි මුගෙ ජම්මේ

    ReplyDelete
    Replies
    1. මේ ඔක්කොම කුමන්ත්‍රන!

      Delete
  18. මිනිස්සුන්ට ඔළුව තියෙනව.. රට කන්න ඉන්න අය ඒවා වෙනස් කරන්න දගලනවා..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත දිනේෂ් මලේ!

      Delete
  19. විශිෂ්ට නිර්මාණයක් ..!

    // සොහොයුරු පෙමින් බැඳුනේ අප සැම නොවෙද
    සිරිලක් මවගේ වටිනා දරුවන් නොවෙද //

    මමත්වය නැති කරලා, අපි හැමෝම මේ විදිහට හිතනවා නම් මේ ජාති , ආගම් ප්‍රශ්න නැතිවේවි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔබට! අප සැවොම එසේ ප්‍රාර්ථනා කරමු!

      Delete
  20. උඹට තව ලියන්න වෙයිද....පාප් තුමා ලංකාවට එන්න කිට්ටු වුනාම. You can lead a horse to water ,but you can't make him drink.

    ReplyDelete