Pages

Friday 6 June 2014

කෙසේ පිළිතුරු සොයමුද...?

දිනය: 2014 පොසොන් මස තුන්වැනි අඟහරුවාදා

ස්ථානය: එංගලන්තයේ බර්මින්ග්හැම් නුවර එජ්බැස්ටන් ක්රීඩාංගණය

එංගලන්නය හා ශ්රී ලංකාව අතර පස්වැනි හා අවසාන තීරණාත්මක අන්තර්ජාතික ක්රිකට් තරගය....


එංගලන්තයේ කිසිවිටෙක විශ්වාසයේ තැබිය නොහැකිවූ කාලගුණය මෙදිනත් මොනවට සනාථ කරමින් කඩින් කඩ මඳ වැසි ගතිය ඇතිවෙමිනුයි පැවතුණේ. ලංඩනයෙන් ඈත්වූ පිටියක් නිසාවෙන්ද සතියේ මැද වැඩ දිනයක් වූ හා කාලගුණයේ තිබුණු අකාරුණිකභාවය නිසාවෙන්ද ලාංකීය නරඹන්නන් වැඩිපුර ප්රමාණයක් ක්රීඩා මංඩපවල දකින්නට සිටියේ නෑ.


නියමිත වේලාවට කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම කාලගුණය ගැනද ඊට පසුව එන ඔවුන්ම හදාගත් ඩක්වත් හා ලුවිස් න්යායද සැලකිල්ලට ගනිමින් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා.

පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් අපගේ දක්ෂ පන්දු යැවීම් හමුවේ ඉතාමත් සුපරික්ෂාකාරී පිතිහරඹයක නිරත වුණා.

මුලින්ම මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ බෙල්ද ඉන්පසුව පිළිවලින් බැලන්ස්,ජෝ රූට් හා කුක්ද දැවී ගියා. 

ජෝ රූට් හා කුක් දැවී ගියේ තරගාවලියේ වැඩිම විකට් ලාභියාවූ සචිත්ර සේනානායකගේ අනර්ඝ පන්දු හමුවේ. එදින උදේ සිටම විස්තර විචාරකයන්ගේ කතා බහට ලක්වූයේ සචිත්ර. එයට හේතුව වූයේ ඔහුගේ පන්දුයවන ඉරියව්වෙහි වූ යම්කිසි සැකසහිත භාවයක්.

එදා ඕස්ට්රේලියාවේදී එවකට නැඟී එන තරුණ මුරලිගෙන් එල්ලවිය හැකි තර්ජනය කලින්ම දුටු සුද්දෝ මුරලිගේ ක්රීඩා දිවිය විනාශ කිරීමට මාන බැලූ අයුරු මට සිහිවෙනවා. අපගේ එඩිතර නායක අර්ජුන හා මුරලිට උපතින්ම ලැබී තිබූ ඔහුගේ අතෙහි වූ විකලංඝ භාවයට පින්සිදුවන්නට ඔවුනගේ එම උත්සහය ව්යාර්ථවී ගියා.


මේ තරගාවලියේදී ඔවුන් තවත් නැඟී එන අනාගතයේ ඔවුනටම තර්ජනයක් විය හැකි ක්රීඩකයෙකු දුටුවා. ඔහු පන්දුවට පමණක් නොව පිත්තටත් එකසේම හපනකු බැව් ඔවුන් දැනසිටියා. සචිත්ර විනාශ කිරීමේ පළමු පියවර ආරම්භ වුණා. චෝදනාව වූයේ සචිත්ර පන්දුව දමා ගසනවා යන්නයි. එය විභාග කරනතෙක් දින විසි එකක් යනතුරු සචිත්රට ක්රීඩා කිරීමට අවසර ලැබී තිබුණා.


මෙම තරගයේදී සචිත්රගේ පළමු ගොඳුරවූ ජෝ රූට්ගේ දැවීයාම විනිසුරු විසින් නිෂ්ප්රභා කළා. තමන්ගේ අත වැදි පන්දුව තමන්ටම නොදැනුණ ලෙසට හැසිරී සංඝාට එම උඩ පන්දුව රැක ගැනීම අසීරුවන සේ එයට බාධා කරමින් රූට් මහතා ක්රීඩාවේ මහත්මා ගුණ මනාවට ප්රදර්ශනය කළා. කෙසේ හෝ තුන්වැනි විනිසුරු විසින් දැවීයාම ස්ථීර කිරීමෙන් අනතුරුව රූට් ක්රීඩාගාරයට රූටා ගියා.


ඉන්පසු එලැබියේ තරගයේ තීරණාත්මක අවස්ථාව හා ජවනිකාව. එවෙලේ සචිත්ර විසින් තරගයේ 43 න් වැනි පන්දුවාරය ක්රියාත්මක කරමිනුයි පසුවුනේ. එවෙලේ පන්දු යවන අන්තයේ සිටියේ මීට පෙර තරගයේ වීරයාවූ ජොස් බට්ලර්. කුස්සියේ හිටි කුක්ලා හා බට්ලර්ලා අපේම පන්දුයවන්නන් විසින් සඳලුතලයට ඔසවා තැබීමේ ප්රතිඵලයක් වශයෙන් බට්ලර්, මාස්ටර් කෙනෙකුටත් වැඩියෙන් පිම්බීයි පසුවූයේ.


ජොස් බට්ලර්ට මීට පෙර තරගයේදී හා මෙම තරගයේ 41 වැනි පන්දුවාරයේදී පන්දුයවන්නා විසින් පන්දුව අතින් නිදහස් කිරීමට පෙර තම සීමාවේ නොසිට ලකුණු සඳහා දිවයාම ආරම්භ කිරීමට එරෙහිව අනතුරු හඟවා තිබුණා.

43 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදි ජොස් විසින් එම වරදම කිරීමේ ප්රතිඵලයක් වශයෙන් සචිත්ර විසින් පන්දුව නොයවා එම අන්තයේ බේල්ස් ඉවත්කිරීමෙන් ඔහුව දුවද්දී දැවීයාමට හසු කළා. එහිදී සචිත්ර අනුගමනය කළේ සුද්දන් විසින් පනවා තිබූ ක්රිකට් නීතියක් අකුරටම අනුගමනය කිරීම පමණයි. එහිදී ශ්රී ලංකා පිලේ නායක මැතිව්ස් විසින් එම දැවී යාම අනුමත කිරීමෙන් අනතුරුව නීතිය උල්ලංඝනය කිරීමේ වරදට දැවී ගිය බට්ලර් තරහින් පුපුරමින් හා හිස දෙපසට වනමින් ක්රීඩා ගාරයට පල්ලම් බැස්සා.


මෙහිදී වෙන කටයුතුවලදී මෙන් සුද්දගේ නීතිය අකුරටම ක්රියාත්මක කළ අප, මානව අයිතිවාසිකම් කඩ කළ අයුරින් ඔවුන් හැසිරුනා. ඔවුන් එවැනි නීතියක් ක්රියාත්මක කරන විට එය නීතිගරුක මහත්මා ගතියක් බැව්ද අප එයම ක්රියාත්මක කරන විට මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙසද සැලකීම කාටනම් පහදා දෙමුද?
 

ජෝ රූට්ෂේ දැවී නොගිය අයුරින් හැසීරීම අප කළානම් අප මහා බොරු කාරයන්සේ හංවඩු නොගසාවිද? මේවාට පිළිතුරු නැත. එය හරියට හැත්තෑව දශකයේ සිනමා පටයක තිබූ දෙබසක පැනයකට පිළිතුරක් නොමැති බැව් පෙන්වීම සඳහා ඉදිරිපත් කළ උපමවක් මෙනි. 
" කුරුල්ලෙකුගෙන් අහපං ඇයි ඌ සිංදු කියන්නේ කියලා... ඒ උපමාව සුන්දර වැඩිනම් බල්ලෙකුගෙන් අහපං ඇයි පඳුරක් දැක්කම කකුල උස්සන්නේ කියලා.. ඕවට උත්තර නෑ මල්ලී." ඒ වගේ මේවට උත්තර නැත. උත්තර දිය යුත්තේ පන්දුවෙන් හා පිත්තෙන්ම පමණකි....

36 comments:

  1. අන්න කථාව. එචචරයි ඇහුනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංජීව මෙන්ඩිස් සොයුර! ඔබව සඳුන් සෙවනටත් ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. ජය!

      Delete
  2. ඒක හොද අවස්ථාවක් තමයි. අපි ඔනැම තැනක ගිහින් බය නැතිව කතා කරන ජාතියක් කියල ප්‍රදර්ශනය කරලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඇත්තනේ වෙද මහත්තයා. නීතියට අනුව වැඩ කරාට පස්සේ මොනවටද බය වෙන්නේ. අවශ්‍යය තැනදී ඔළුව උස්සගෙන හා කොන්ද කෙළින් තියාගෙන නොසිටියොත් ඕන කෙනෙක් ඔළුවටම අත හෝදන බව අපි දන්නවනේ.

      Delete
  3. චන්දන මලයා. උඹ මේ පෝස්ට් MS Word එකක අලවල නේද බ්ලොග් එකේ අලවන්නේ?
    එහෙම නම් ඒ වැඩේ අතෑරපං. ඒක තමයි මේ ස්පෙලිං අඤ්ඤකොරොස් වෙලා තියෙන්නේ.
    MS Notepad එකක අලවපං. වර්ඩ් එකේ අලවන්නම උඹේ මුරණ්ඩු හිත වද දෙනවා නම් අලවනකොට text only වත් අලවන්න වෙනවා. මේ ලෙඩ දෙන්නේ වර්ඩ් ෆෝර්මැටිං.

    ReplyDelete
    Replies
    1. අනේ හෙන්රි අයියංඩි මට ඔය බඩ කඩුත්තු තේරෙන්නේ නෑ. මම අයි ෆෝනයේ සිංහල ඇප් එකෙන් සිංහල කොටලා ඒකෙම මගේ බ්ලොග් එකේ ඇප් එකට ගිහින් අලවනවා. MS word පැත්තේ යන්නේ නෑ ඕං. ඒත් ru සහ re අකුරැ හදන්න ලැප් ටොප් එකෙන් බ්ලොග් එකට ලොග් වෙලා පෝස්ටුව සංස්කරණය කරනවා. කවි කෙලින් කර ගන්නෙත් එහෙමයි. කෙසේ වෙතත් උපදේශයට උඹට පිං. ජය වේවා!

      Delete
  4. https://www.facebook.com/photo.php?v=238705646319704&set=vb.166001613590108&type=2&theater

    ReplyDelete
    Replies
    1. මේක මාත් දැක්කා. ඒක පොඩි ලමයිවත් කරන්නේ නැති දෙයක්.

      Delete
    2. ස්තූතියි මාතලන් ගොයියෝ!

      Delete
  5. අපේ කලු සුද්දෝ සෙට් එකකුත් සෑහෙන්න දගලනවනේ සචිත්‍ර කරපු දේ වැරදි කියන්න.. නීතියට එහා ගිය මොකක්ද මෙවුවා එකක් ගැන කතා කරනවා. අනේ මෙහෙම මිනිස්සු ..

    හොද ලිපියක්,,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අපූර්වි නංගී! ඒක තමයි අපේ කළු සුද්දෝ හැමදාම කළේ ඒකනේ.

      Delete
  6. කතාව නම් සහතික ඇත්ත..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තුෂානි නංගී!

      Delete
  7. //////උත්තර දිය යුත්තේ පන්දුවෙන් හා පිත්තෙන්ම පමණකි....///////
    සහතික ඇත්ත! ඕක තමයි කරන්න ඕන.

    කොහෙද යකෝ චුත වෙලා හිටියේ..... බට්ලර්ගේ පස්සෙන් පැන්නුවාද...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරෑ මචෝ! නොසෑහෙන්න බිසී වුනා. බ්ලොගයට ගොඩ උනේම නෑ. මුහුණු පොතේනම් කවි කුරැටු ගානවා. කතා කරන්නත් බැරි වුනා.
      උඹගේ පෝස්ටුනම්‍ ඊ මේල් එකේ එන නිසා අවසාන එක හැර කියෙව්වා. කොමෙන්ටු නොකෙටුවට. ජය!

      Delete
  8. ඇත්තම්යි කොයි පැත්තෙන් බැලුවත් අපිටමනෙ වෙන්නෙ. උන් තාමත් හිතන් ඉන්නව ඇත්තෙ, ලංකාව තාමත් තියෙන්නෙ උන්ගෙ යටත් විජිත කාලෙ වගේ කියලා. ඇඟේ ලේ නටනවා. මේ ගැන කියවපු තුවෙනි පෝස්ට් එක මේක. පෝස්ට් තුනේදී මේ එකම සිද්ධිය තුන් ආකාරයකට දැනුනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ් මල්ලී. ඒකනේ හැමදේම අපි කලොත් තමයි වැරදි. එයාලට කරන්න හොඳයි. එවෙලෙම කතා නොකලොත් ඔළුවටම අත හෝදනවා. අපි ඒ අයත් එක්කනේ වැඩ කරන්නේ. ජය!

      Delete
  9. දුක කියන්නෙ ලංකාවෙම සමහර කඩේ යන කට්ටියකුත් මේ කරපු දේ වැරදියි කියන්න හදන එක..
    Well said...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංචාරකයා! ඔය කඩේ යන අය හැමදාම හැම සිද්ධියටම හිටියනේ. ගනං ගන්න හොඳ නෑ. අපි හරියට වැඩේ කරාම ඉවරයි. ටෙස් තරග දෙකම සචිත්‍රත් නැතිව දිනලා පෙන්වන්න ඕනේ. ජය!

      Delete
  10. / මේ තරගාවලියේදී ඔවුන් තවත් නැඟී එන අනාගතයේ ඔවුනටම තර්ජනයක් විය හැකි ක්රීඩකයෙකු දුටුවා. ඔහු පන්දුවට පමණක් නොව පිත්තටත් එකසේම හපනකු බැව් ඔවුන් දැනසිටියා. සචිත්ර විනාශ කිරීමේ පළමු පියවර ආරම්භ වුණා. චෝදනාව වූයේ සචිත්ර පන්දුව දමා ගසනවා යන්නයි. /

    චන්දන..ආවේගශීලී වෙන්න එපා බං..සුද්දො අපට කෙලවන්න බලාගෙන ඉන්නවයි කියන ජාතිවාදී මානසිකත්වයෙන් මිදිල මේ ප්‍රශ්නෙ දිහා බලපං…

    හරියටම මේ වෙලාවෙ මේ කේස් එක ඇදපු එක ගැන මටත් යම් සැකයක් තියනව. ඒක පැත්තකින් තිබ්බාවෙ.. ඒත් මල්ලි සචිත්‍රගෙ පන්දු යැවීමේ ඉරියව්ව ගැන මටනම් පොඩි සැකයක් තියනව ඇත්තම කිව්වොත්.

    " අම්මට උඩු මේ යකා බෝලෙ දමල ගහනව නේද බං? " මම එහෙම කිව්වෙ මේ සීරීස් එකේ සචිත්‍ර ක්‍රීඩා කරපු පලවෙනි මැච් එක බලද්දි. මගෙ ඇහේ දෝසයක්ද මන්ද බං උඹල කාටවත් නොපෙනෙන දෙයක් මට පේන්නෙ..ඒත් මට හිතෙන්නෙම සචිත්‍රය දමල ගහනව කියලමයි. මම දන්නෙ නෑ මෙහෙම කියන එක ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් කොච්චර දුරට හරිද කියල. ඒත් ඉතිං මට එහෙමයි හිතෙන්නෙ. මොකදෑ කොරන්නෙ? කරුමෙ තමයි... :(

    ReplyDelete
    Replies
    1. නෑ රවී අයියේ මම එහෙමම හිතුවා නෙමෙයි. ඇයි අපි ගැන ඒ අය මේ විදිහට හිතන්නේ. එයාලා කරනදේවල් ගැන කවුද කතා කරන්නේ.
      සචිත්‍ර එකක් දෙකක් පන්දු දමලා ගහනවා වගේ මටත් පෙනිලා තියෙනවා. ඒත් අපි විභාගය වෙනකන් ඉවසමුකෝ. ජය!

      Delete
    2. රවී මමත් වැඩිය කතා කරන්න යන්නෙ නැත්තේ අපේ කට්ටිය කතාව පටන් ගන්නෙම 'සුද්දා' කියලා නිසයි. සචිත්‍ර දමලා ගසනවා කියන චෝදනාව මතු වුණේ මම හිතන්නේ සචිත්‍ර 19 පහල ලෝක කුසලානයට සෙල්ලම් කරන කාලේ ඉඳන්.

      අනික මුරලිට ඉන්දියාවෙන් කොච්චර විවේචන එල්ල වුණාද කියලා කාටවත් මතක නැහැ. මුරලිව පරීක්ෂණ වලට අරං ක්ලියර් කලේ ඕස්ට්‍රේලියාවේ යුනිවර්සිටියක්, ඒ එක්කම පේන්නෙ නැති වුණාට අනිත් බෝලර්ලාත් අංශක 12, 13 නමනවා කිව්ව්ත් එයාලමයි. මුරලිගෙ විකට් 800ම රනවුට් කියලා නම් කරන්න ඕනේ කිව්වේ බිෂන් බෙඩී ද කොහෙද... අම්පයර්ලා හොරට අවුට් දීපු / නොදීපු ඒවා කතා කරනවා නම් අපිට වැඩිම උදාහරණ තියෙන්නේ ඉන්දියාවෙන් , පකිස්තානෙන් ද? නැත්නම් එංගලන්තෙන්, ඕස්ට්‍රේලියාවෙන් ද? මුරලි සංගාට සුභ පතන්න ක්‍රීස් එකෙන් එළියට ගියාම අවුට් කලේ බ්‍රෙන්ඩන් මැකලම්, උන්නැහේම තමයි, අකිල ධනංජයගේ මූණේ බෝලෙ වැදුන වෙලාවේ ලකුණු නොදුවා අකිල කොලුවා ලඟට ගිහින් බැලුවේ. අන්තිමේ ලකුණු සම වෙලා නවසීලන්තේ අහක් වුණා... මාතලන් දාලා තියන වීඩියෝ ලින්ක් එක බලන්න... මැතිව්ස්ට මලාට ඒ රන් එක දුවන්න පුළුවන්ද? බෝලර් විකට් එකට දුවගෙන එන එක වැරදිද? ඕන හැටිය ස්ට්‍රෝස්ට තිබ්බෙ නැද්ද මැතිව්ස්ට කතා නොකර ඉන්න... මන්කාඩ් සිද්ධියේදි ඒක සාධාරණීකරණය කරපු හයි ප්‍රොෆයිල් ක්‍රිකටර් බ්‍රැඩ්මන්. ඒ නිසා අදත් පොර ලියපු ඒවා අරං උපුටා දක්වනවා. හැබැයි ඕස්ට්‍රේලියාවෙදි මහේල කිව්වද තිරිමාන්නව එහෙම අවුට් කලා නම් ඒක වැරදි නැහැයි කියලා? තිරිමාන්න කිසි ලැජ්ජාවක් නැතුව ඒ සිද්ධියෙන් පස්සෙත් ඒ මැච් එකේම ඒ වැරද්දම ආයෙ ආයෙ කලා...

      අපිට වෙලා තියෙන්නේ අපිට අප්සට් යමක් වෙච්ච ගමන්ම බලන්නේ අනිකාගෙ පාට දිහා, පාට අවුලක් නැත්නම් වෙන මොකක් හරි අවුලක් දිහා... ප්‍රශ්නේ දිහා නෙමෙයි. අර අවුට් දෙන්න ඇඟිල්ලක් උස්සලා පස්සෙ ඔලුව කහපු අම්පයර් සුද්දෙක් වුණානම් කොහොමද? අනික සෙල්ලම් කරන්නේ එංගලන්තේ වුණාට, මැච් එකේ ඔක්කොම නිළධාරීන් එංගලන්ත කාරයෝ නෙමෙයිනේ... දැන් මේක දකුණු අප්‍රිකාවයි, එංගලන්තෙයි, නවසීලන්තෙයි එකතුවෙලා ගහපු කුමන්ත්‍රණයක්ද? මොකද නිළධාරී සැට් එක ඔය රටවල් තුනෙන්.

      මේ සිද්ධියේදි සචිත්‍ර / මැතිව්ස් හරි කියන මතයේ මම ඉන්නේ. ඒත් මට කණගාටු අපේ කට්ටිය ප්‍රශ්නය අල්ලගන්න කොණ...

      Delete
  11. හොද ලිපියක් මචෝ....
    අපි මාතලන් ලොක්කගෙ ලිපියෙන් ගොඩක් කතා කලා වගේ ම නොදන්නා කාරණා කීපයකුත් දැන ගන්න ලැබුන....
    නිවාඩුව ඒ ලිපියත් කියවන්න....හුග දෙනෙක් විස්තර කියල තිබ්බ කමෙන්ට් වලින්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි මචෝ. මම ඒ ලිපියත් කියෙව්වා. හුඟ කාලයකින් බ්ලොගය මිස් උනා බං. උඹලගෙත් පෝස්ටු සෑහෙන්න කියවන්න බැරි වුනා. ජය වේවා!

      Delete
  12. Replies
    1. පවුලූෂා මලේ උඹේ කොමෙන්ටුවක් මට ලැබුනේ නෑ. ස්තූතියි උඹට ලිපිය කියෙව්වට!

      Delete
  13. දුක හිතනව අපේ සමහර වෙන්න සුද්දො දැක්කම...උංට රැජිනගෙ රටේ උං තරං වෙන එකෙක් වත් නෑ..
    අපේ උංට හෙණ පිට හෙණ ගැහැව්වත් කමක් නෑ

    ReplyDelete
    Replies
    1. ඕක මහේෂ් අපේ උන්ට ඉස්සර හිටම්ම තියෙන ගායනේ. ඉංගිරිසියෙන් කතා කලොත් රජ සැලකිලි, තමන්ගෙම රටේදි සිංහලෙන් කතා කලොත් දෙකේ කොලේ ගානට දාන්නේ. කාට කියන්නද?

      Delete
  14. අගේ ඇති කතාව. හරිම වැදගත් විග්‍රහයක් චන්දන........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි මාව අගය කළාට! ජය!!

      Delete
    2. පටලගත්තා නේද???
      දිළිණි නෙමෙයි...... කුරුටු ගෑ ගී පවුර................. හරිය.

      Delete
    3. සමාවෙන්න කුරැටු ගෑ ගී පවුර සිදුවු දෝෂයට...

      Delete
    4. අවුලක් නෑ... අවුලක් නෑ... ඔය නැට්ට පිටින් අලි මැරන එකේ ඕක මොකක් ද චන්දන...... හැක්....

      Delete