Pages

Saturday 22 March 2014

ගල් වඩුව, නුඹට දොස් නොකියමි.......


වෙස්ස ගිරිය පාමුල ඇති වන අරණේ
එක පවුලක් විලසින් සිටියා පොරණේ
නර පතිඳුගෙ අණකට නතු වී දෙරණේ
අම්මා ගෙන ගියා නැති වුනි තිබු සරණේ
   
කපා කොටා ඔප දමලා   මවගෙ වත
මණරම් පෙම් වතුන් යුවලක් අඹා ඇත
නොදුටුව නමුඳු කඳුළින් පිරි ඇයගෙ නෙත
දුටු හැම දනෝ තම සිතු පහදවා ගත
 

  
පියා හිරවුනේ මුර ගල් රුවට වැසී
සොයුරා වැතිර ගති සඳකඩපහණෙ පිසී
නැඟෙණිගෙ විලාපය ඇය ගෙන යද්දි ඇසී
හෙලුවා කඳුළු මිස වෙන මා කරනු කිසී
 

  
නුඹගේ විස්කමින් හැම දන තුටුවූවා
උසස් කලා නිමැවුම් යැයි පැසැසූවා
එකටම සිටිය අප පවුලෙන් වෙන්වූවා
අප නැඟු දුක් සුසුම් ගල් තුල සිරවූවා
 
All the photos have been taken from the internet.

40 comments:

  1. I never taught such a thing. Marvellous..

    ReplyDelete
    Replies
    1. මචං මේ වගේ දෙයක් මං කවදාවත් හිතුවේ නැහැ. ඇත්තටම ජීවිතේටම හිතල නෑ ඔය විදියට. නියමෙට තියෙනවා.. මට වටින්නේ මේ අදහස.. අගෙයි ගුණේ..

      Delete
    2. ගොඩක් ස්තූතියි දේශක තුමා. මට නිකමට හිතුනා එකට තිබුන ගල් පර්වතයක් මෙහෙම කෑලි වලට කඩලානේ එක එක නිර්මාණ කලේ කියලා. ඒ වගේම යටි අදහසකුත් අපට ගන්න පුළුවන් අසරණ පවුලකට සසඳලා. මං දන්නවා උඹ මේ නිර්මාණ දිහා හොඳ පුළුල් ඇහැකින් බලන බව.

      Delete
  2. අනේ මන්ද මචෝ ...හැමදාම කියන එකම කොටලත් බැහැ ....
    උඹ මේ සරලව තේරුම් ගන්න හැකි විදියට කවි ලිවිල්ල නම් පස්ටය ...
    දිගටම ඉඩ ලැබෙන පරිදි අපිට දීපන් රසට....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි මචෝ! හැමදාමත් වගේ උඹගේ ඇගැයීම මට විශාල ශක්තියක්! ජය!!

      Delete
  3. ඇත්තටම ඔයිට ආසන්න දෙයක් වුනා වෙන්නත් පුලුවන්. මට කොහොමත් ඔය රජ කාලේ වෙච්ච දේවල් එච්චර දිරවන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හෙන්රි මං මෙහි දෙන්න උත්සහ කරපු පණිවුඩය තේරැම් ගත්තට. ජයම වේවා!!

      Delete
  4. වෙනස්ම ඇහැකින් දකිනව විතරක් නෙමෙයි ඔයාගෙ වදන් වල සංවේදීකම ඇස් වලට කඳුලු ගේනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නඟේ ඔයාගේ ඇගැයීම මට විශාල හයියක්!

      Delete
  5. නාලන්දා ගෙඩිගේ ගලවලා වෙනත් තැනක හයිකෙරුවා (එය ගොඩ නැගීමක් නෙවෙයි හයි කිරීමක්) මතකද? මම ඒ කාලේ පාසල් ශිෂ්‍යයෙක්. මමත් හිතුවා මේ අපරාදය නොකර ඔය මහවැලි ජලාශය වෙන තැනකට හරවන්න බැරිද කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මචං! මේ ගල් පර්වතය එක තැනක තියෙන්න ඇති. අපි හිතුවට ඒවා අජීවි වස්තු කියලා ඒත් අපි සොබාදහම වෙනස් කරන එක තමයි කරලා තියෙන්නේ. ගල් කුළක් තුලට ආරෑඩ වෙලා ඒකයි මට සමාජයට දෙන්න ඕන උනේ. එය තේරැම් ගත්තට ස්තූතියි! දැන් මට හිතෙනවා මගේ උත්සහය සාර්ථකයි කියලා. උඹට ජය !!

      Delete
  6. නිර්මාණාත්මක සිතිවිල්ල හරිම අපූරුයි...

    ReplyDelete
    Replies
    1. මාව අගය කලාට ඔයාට ගොඩක් ස්තූතියි තුෂානි! ජය!!

      Delete
  7. මම හිතාන උන්නේ කළුගල් වලට පණ දෙන්න පුළුවන් කැටයම් ශිල්පීන්ට විතරයි කියලනේ. බලාගෙන ගියාම එහෙම කරන්න පුළුවන් කවියන්ටත් අපේ චන්දන වගේ .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලකේ උඹගේ සොඳුරැ ඇගැයීම ගැන ස්තූති කරන්න මට වචන නෑ මචං!!

      Delete
  8. සඳකඩපහනේ කොහෙද සොයුරෙක් ඉන්නෙ ?

    ReplyDelete
    Replies
    1. මචෝ එකට තිබුනු ගල් කුළක් එක එක නිර්මාණ හදන්න කෑලි කෑලි අරන් ගියා කියලා උපකල්පනය කරලා මේක ලිව්වේ යටි අදහසක් ඇතිව. ඉතිං අයියා කියලා හිතන ගල් කෑල්ලෙන් තමයි සඳකඩපහණ හදලා තියෙන්නේ මුර ගල තාත්තා කියලා හිතන ගල් කෑල්ලෙන් වගේ.

      Delete
    2. දැන්නේ තේරුනේ බන්...මට ඔය ඉලව් කවි තේරෙන්නෙම නෑ බන්.. ස්තූතියි..

      මරු අදහසක්..

      Delete
    3. ස්තූතියි සෙන්නා! දැන් තේරැනානේ. උඹට ජය!!

      Delete
  9. වෙනස්ම සිතුවිල්ලක්. හරිම අගෙයි සහෝදරයා..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරයා ඔබගේ ඇගැයීමට!!

      Delete
  10. මේකෙ තියන Popular Posts ටික Lay out වලට ගිහින් දකුණු පැත්තෙ About Me වලින් පහලට ඇදල දාල Save කරන්න. දැන් තියන විදිහට තිබුනම කෙනෙක් ගෙ අවධානය යොමු වෙනව අඩුයි නේද ?

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්නම් මචං. ස්තූත්යි ඒ ගැන සැලකුවටත්!

      Delete
  11. කලාතුරකින් දකින්න වෙන විධියේ නිර්මාණයක් චන්දන.කළුගලකට පන දීලා තියෙන්නෙ අපූරුවට.........

    ReplyDelete
    Replies
    1. මාව අගය කරාට ඔයාට ගොඩක් ස්තූතියි! ඔයාලගේ අදහස් දකින කොට මගේ උත්සහය සාර්ථකයි නේද කියලා නිහතමාණිව සතුටු වෙන්න පුළුවන්. ජය වේවා!!

      Delete
  12. හීනෙකින් වත් ගලක් දිහා මෙහෙම සංවේදීව බලන්න පුලුවන්ද අපට ? බෑ එත් චන්දන සහෝදරයාට පුළුවන් අදත් අති විශිෂ්ටයි සර්

    ReplyDelete
    Replies
    1. හදවතින්ම මගේ ස්තූතිය පිළිගනින් මලේ! ජය!!

      Delete
  13. මේක නං ගින්දර නිර්මාණයක් කීවොත් මදිද මංද... ඒ තරං පස්ටයි...
    සයුම් හැගීම් ගලපල ඇස් අග තෙත් කරන්න සමත් අගනා නිමැවුමක්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මහේෂ් සහෝදරයා මාව අගය කලාට!!

      Delete
  14. පුදුම සිතුවිල්ලක් නොවැ මේක....මට ෂුවර් මේ වගේ අප්‍රාණික පාශානයක් ගැන කවුරුවත් මීට පෙර විස්සෝප වෙලා නෑ කියලා...කදිමයි....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සිරා මලේ මාව ඇගැයූවට!!

      Delete
  15. අගයන්න වචන නෑ අප්ප.. ඒතරං ලස්සනයි..!!

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි සංචාරකයා මාව අගය කළාට. ඒ වගේම ඔබව ඉතාමත්ම සෙනෙහසින් සඳුන් සෙවනටත් පිළිගන්නවා. ජය!!

      Delete
  16. Replies
    1. ගොඩක් ස්තූතියි මොණරි නඟේ ඔයාට!!

      Delete
  17. මේක ගුණේ අයියාගේ කවි බෙදනා කාමරේ...

    තවත් සියුම් සිතිවිල්ලක්..ඇත්තටම කළුගල් පර්වතයක් දිහා මේ තරම් හෘදයාංගම ඇහැකින් බලන්න පුළුවන් නිර්මාණයක් කරපු එකා උඹ විතරද මන්දා..මෙහි යටි අරුත තුලින් කියාපාන්නේ උඹේ සංවේදි මිනිස් හිතයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි මචං! උඹගේ වදන් මට අතිමහත් ශක්තියක්! මම සාර්ථකයි කියලා නිහතමාණීව සතුටු වෙන්න පුළුවන්... උඹට ජය!!

      Delete
  18. ඔබ බොහොම අපූරුවට කෙනෙකුට අසුනොවෙනා වර්ගයේ නිමිති කවියට පාදක කරගන්නවා.කියවද්දි ඇත්තටම සී සී කඩ විසුරුවපු පවුලක් ගැන අහද්දි වාගේ හිත සංවේදී වෙනවා.ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි තනි තරැවේ ඔබගේ ඇගැයීමට!!

      Delete