Pages

Friday 14 February 2014

වැලන්ටයින් මහතා වෙත ඉතා ආදරයෙනි......

Photo credit: happy-valentinesday.org

අවුරුද්දට සැරයක් එන වැලන්ටයින්


පුතේ
උඹ ගැන මට බොහොම දුකක් කකියනවා හිතේ
අපෙ අම්මලා උඹෙ නමවත් අහල තිබුනෙ නැතේ
මුදළාලිලා කරකවනවා ආලය හැම අතේ
   
කුඹුර කොටා ගෙට එන කළ ගොවි රජු හැම දිනේ
පිළිගත්තා ගෙවිළිය විත් වෙනසක් නෑ අනේ
ඔහු අත මල් කළඹ නැතත් ප්රේමය ඉති රුනේ
වැලන්ටයින් හැම දිනයෙම ගෙපැලේ රජ වුනේ
   
මුහුඳු ගිහිං එන සැමියා මාළු කූරි ගෙනා
පිලී ගඳක් තිබුනට එහි ආලය පැති රුනා
වැලන්ටයින් මල් නැතුවට ඇඹෙණිය සැනැ සුනා
දෙන්නා එක්ක උයං කාලා එක තුරුලටඋනා
   
වැලන්ටයින් මහත්තයෝ නුඹ නාවට මෙහේ
සැබෑ හදේ පෙම් හැඟුමන් හැමදාමත් ගැහේ
මුලා වෙලා ඇයි නගින්නේ මුදළාලිගෙ ගහේ
තවමත් නම් පරක්කු නෑ යන්න නුඹට සහේ
   

32 comments:

  1. ෂා නියමයි අයියේ ,, ඇත්තමයි දවස පුරා දැක්කා ගොඩක් වැලන්ටයින් කතන්දර කවි,, ඒ අතර ඔයාගේ එකත් ඉතාම ඉහලයි.
    අර එදා විදියට වඩා මේක තමයි නියම,,

    //මුහුඳු ගිහිං එන සැමියා මාළු කූරි ගෙනා
    පිලී ගඳක් තිබුනට එහි ආලය පැති රුනා
    වැලන්ටයින් මල් නැතුවට ඇඹෙණිය සැනැ සුනා
    දෙන්නා එක්ක උයං කාලා එක තුරුලට උනා

    මං ආසම කවිය

    ReplyDelete
    Replies
    1. ඇගැයීමට ඔයාට ගොඩක් ස්තූතියි නඟේ! ඔයාට ජයම වේවා!!

      Delete
  2. නියමයි මචන්....
    උඹ උප හැරෙනට ගෙනල්ල තියෙන ගැමි සුවද නිසා තඩි දැනෙනවා හිතට.
    පස්ට එකේ සුපිරිය බං...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි! මචං උඹගේ ඇගයීම මට ශක්තියකි..... ජය!!

      Delete
  3. නියමයි අයියේ.. ඇත්ත, අද වැලන්ටයින් කියලා දෙයක් නෑ.. කෙරෙන්නේ වෙන වෙන දේවල්.. ඇත්තටම ආදරේ අයට මොකටද ඉතින් වෙනමම දවසක් ඕකට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ් මල්ලී. ආදරයත් මුදලට යට වෙලා. පිවිතුරැ ආදරයට ඔය විකාර ඕන නැහැ. මලයට ජය!!

      Delete
  4. ලස්සන අර්ථවත් කවි පෙලක්.. කෝකත් දැන් වාණිජකරණය වෙලා. අපිට කිසිසේත්ම අදාල නැති දේවලුත් බලෙන් ඔලුවට පටවනව මුදලාලිලා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචං! වැඩේ කියන්නේ අපි මේ රටවල වැරදි දේමනේ බදා අල්ල ගන්නේ... වෙලාවට වැඩ කිරීම, තමාගේ වාරය එනතුරැ පෝලිමේ සිටීම , විනීතව හා නීති ගරැකව රිය පැදවීම වැනි හොඳ ගුණ අපි කවදාවත් පුරැදු වෙන්නේ නෑ. මාව ඇගැයූවට ස්තුතියි මචං! ජය!!

      Delete
  5. ඇත්ත වැලන්ටයින් කියලා දවසක් ඉස්සර තිබ්බද වැලන්ටයින් කියන්නේ තනිකර වාණිජ අරමුන්ක් තියෙන දවසක් ආදරය කරන්න එක දවසක් මොකටද විශේෂ වෙන්නේ මේවා බටහිරින් ආපු පුහු දේවල්

    අපිත් එක්කත් එකතු වෙන්න http://www.sinhalahelp.com

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සුනෙත්! ඔබව මම ඉතාමත් ආදරයෙන් සඳුන් සෙවනට පිළිගන්නවා. ඔබගේ බ්ලොගයටත් පිවිසෙන්නම්. ජය!!

      Delete
  6. හරියට හරි මචන් ඔන්න ඔය කියන ආදරේ හැම පැලකම තියෙනවා මොන විදිහකට හරි . ඒකට සරුව පිත්තල සැමරුම් දින ඔනෑ නෑ . අදහස ඉස්මතුවෙන විදිහට කවිය ලස්සනට වදිනවා . සතුටුයි මචන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලකයෝ! උඹගේ ඇගයීම මට විශාල ශක්තියක්. අපි මචං බටහිරින් එන අසූචි ගොඩක් මිසක් හොඳ දෙයක් කවදාවත් බදා වැළඳ ගත්තේ නෑනේ. මම අර කලින් පිළිතුරක ලිව්වා වගේ කොච්චර නම් හොඳ දේවල් තියෙනවද අපිට ඒ රටවලින් ගන්න. උඹට ජය!!

      Delete
  7. මගේ ලිපියෙ කමෙන්ටුවක් විදියට අමුනා තිවුනු පදවැල හොයාගෙන ඔන්න සඳුන් සෙවණට පයතැබුවා. සහතික ඇත්ත, වැලන්ටයින් නාමයෙන් අද කාලෙ ආදරේ ඇරෙන්න අනිත් හැමදේම සිදුවෙනවා 14 වෙනිදාට....

    ReplyDelete
    Replies
    1. ඒක හරියටම හරි නංගී. පිවිතුරැ ආදරයට ඔය මොනවත් ඕන නැහැ. දිනෙන් දින අතු ඉති දාලා වැඩෙන වෘක්ෂයක් සේ වැඩි දියුණු වෙනවා. මගේ කවි රස වින්ඳට ස්තුතියි! ජයම වේවා!!

      Delete
  8. හීන උතුරං
    ආවත් වැලන්ටයින්
    සල්ලි නැතුවැං
    මගෙ ගෙපිල තහනං...
    මගෙ සදවතී
    තරහ නෑ බොලං
    උඹ මෙහේ
    නාවාට ඉතිං......



    ආවෙ අදයි මේ පැත්තෙ... ඔබෙ කොමෙන්ටුව දිගේ එන්න හිතයි හැමදාමත් කවි පුස්ඹ දිගේ.....

    ReplyDelete
    Replies
    1. මහේෂ් ඔබව සඳුන් සෙවනට ඉතාමත් සෙනෙහසින් පිළිගන්නවා! ඇගැයීමට ස්තූතියි! ඔබගේ නිසදැසත් අපූරැයි..

      Delete
  9. වැලන්ටයින් දිනය , මේ තරම් කතාබහට ලක්වෙන්නට ලොකුම හේතුව ඔබ කියන විදියටම “මුදළාලිලා කරකවනවා ආලය හැම අතේ“ .. නැත්නම් මේකත් තවත් දවසක් විතරයි ..

    ලස්සන නිර්මාණයක් , ස්තුතියි !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මහේෂ් ඔබගේ ඇගැයීමට! ජය වේවා!!

      Delete
  10. බොහොම ලස්සනයි....තවත් කවි කීපයක් එකතු වුනා නම් තවත් හොදයි කියලා හිතුනා...මෙදා පොටේ වැලන්ටයින් දවස පෝය දිනයක යෙදිලා තිබුන නිසා විහාරමහා දේවි උද්‍යානයත් වහලා තිබ්බ බවයි ආරංචි. වැලන්ටයින්ට පින්සිද්ද වෙන්න කී දෙනෙක් අම්මලා වෙන්න ඇතිද කසාද නොබැදම...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මල්ලී... තව කවි කිහිපයක් දාන්න තිබුනා. ඒත් මම දැන් හිතලම කවි 3 හෝ 4 සීමා කරලා තියෙන්නේ. වැඩිම උනොත් කලාතුරකින් පහයි. මිණිස්සු කම්මැලියි දිඟ කවි කියවන්න. ඊටත් වෙලාව. මල්ලිට ජය!!

      Delete
  11. නියමයි මල්ලි...සඳැස් කවි කලාව හැමෝටම පිහිටන්නෙ නෑ..ඒ අතිං උඹ උපන් දක්ෂයෙක්..:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ! අයියාගේ වදන් පෙළ මට ඉමහත් ශක්තියක්!!!

      Delete
  12. හරිම ලස්සන කවි පෙලක් ...වැලන්ටයි නාවට සැබෑ ආදරය කොයි තරම් නම් සුන්දරද ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුෂානි! ඔයාව සඳුන් සෙවනට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා.
      ඔයා හරියටම හරි සැබෑ ආදරයට වැලන්ටයින්ලා ඕනේ නෑ. උවමනා එකිනෙකා කෙරෙහි අවබෝධය, විශ්වාසය හා කැප කිරීම පමණයි. නඟාට ජය!!

      Delete
  13. අද ඉතින් වැලන්ටයින් කියලා කරන්නේ මුදලාලිලාව පෝසත් කරවන එකනේ.. :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ මල්ලී... ඔක්කෝම වානිජකරණය වෙලා. මුලාව පස්සේ හැමෝම දුවනවා....

      Delete
  14. ලස්සනට පද ගලපලා තියෙනව,
    … අහවල් වැලන්ටයින්. පිටින් එන ඕන මගුලක් අපි බදාගන්නව. දැන් නම් හැබැයි ඔය මේනියාව අඩුද මන්දා

    ReplyDelete
    Replies
    1. ඇගැයීමට ස්තූතියි නදී! ඔයාව සඳුන් සෙවනට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා!
      අපේ වැඩේ බටහිරින් එන ඕන මළදානයක් බඳා ගන්න එකනේ. ඒ මිනිස්සුගේ කොච්චරනම් හොඳ දේවල් තියෙනවද අපි ගන්නේ නැති....
      මං හිතන්නේ මේවා දැන් ලංකාවේ එන්න එන්න වැඩියි කියලා. ලංකාවේ ඉන්න අක්කා කෙනෙක් කිව්වා එදා රෝස මල් මිල පාලකයක් නැතිව අසීමිතව ඉහල දමලා තිබුනා කියලා.
      ඔබට ජය!!

      Delete
  15. කාලෙකින් සැමරුවෙ නැහැ අෆ්ෆා..

    ReplyDelete
  16. වැලන්ටයින් ඕන නෑ ආදරේ කරන්න. ආදරේ ඕන නෑ වැලන්ටයින් දිනේට .එකනේ වෙලා තියෙන්නේ , අපුරු කවිපෙළ හැමදාමත් වගේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මලේ! ස්තූතියි ඇගැයීමට!
      උඹට ජය!!

      Delete