Pages

Sunday 5 January 2014

චිත්‍ර කථාව සහ මම (පළමු කොටස)......



මම මේ සටහන මෙහෙම ආරම්භ කරන්නම්. මගේ මතකයේ හැටියට එදා 1972 වසරේ දිනක උදෑසනකි. මට එවකට අවුරුදු හතරක් පමන හා මා නැඟෙණියට අවුරුදු තුනක් පමන විය. 

එදින අප මහා සතුටකින් අපගේ ළපටි සිත් පුරවාගෙන දෙමව්පියන් සමඟින් මතුගම යටඳොළ වත්තේ විසු අපගේ ලොකු අම්මාගේ නිවස වෙත යන්නට යොදා ගෙන තිබිනි.

පාසල් ගුරුවරියක වූ අප මෑණියෝ රජයෙන් ලැබූ සුළු වරප්රසාදයක වූ දුම්රිය ප්රවේශ පත්ර කලින්ම වෙන්කරවා ගෙන තිබුනාය.  ඇයගේ සේවය අණුව අපට දෙවැනි කැලෑසියේ මැදිරියක ගමන් කිරීමට අවකාශ ලැබී තිබිනි.

ගමන යාමට නියම කර ගත් දිනට කලින් දා නංගීට හා මට නින්දක් නොවීය.  ඒ අප හදවත් වල වූ කුතුහලය සහ නින්ද ගොස් දුම්රිය වරදීවී යනුවෙන් වූ අනියත බිය නිසාය.

ඒ කෙසේ වෙතත් උදයේම අවදි වු අප සීතලයේ ගැහෙමින් මුව කට දොවා කුරුළන්ගේ කිචි බිචි නාදය මධ්යයේ බිමට එළිය වැටීමටත් මත්තෙන් දුම්රිය පළට සේන්දු වීමු.

එවකට අනුරාධපුර නවනගරය දුම්රිය පොළ නොතිබුන නිසා අනුරාධපුර මහා ඉස්ටේසමටම අපට යාමට සිඳුවිය. ගමන පිළිබඳව කුල්මත් වී සිටි අපට දුර පිලිබඳව කිසිදු ගැටළුවක් නොවීය.

කෙසේ හෝ නියමිත ප්රවේශ පත්ර ගෙන උදෑසන 5.05 ට කොළඹ කොටුව බලා පිටත් වූ රජරට රැජින දුම්රියේ අසුනකට බර වූ පසු මගේ සිතේ දුම්රිය වරදීවි යැයි තිබු අනියත බිය මහා විශාල විදුලි පහනක් අබියස දැල්වූ කුඩා ඉටි පන්දමක එළිය සේ පසු බා ගියේය.

දුම්රිය ගමනාරම්භ කරන ලදී. ඉස්ටේසමේදි හා දුම්රියේදී ඇසු දුටු දේ පසුව සටහනකින් ඔබ වෙත ගෙන එන්නෙමි. 

තාත්තා බෝතලයක දමා ගෙන උණු උණු කිරි තේ රැගෙන ආවේය. තිබුනු තදියම හා කුතුහලය නිසා වතුර පොඳකුදු නොබී නිවසින් පිටවූ අපට එවෙලේ එය දිව්ය අවුසදයක් බඳු විය. තේ බොන අතර මගේ සිතට පැන නැඟි විසල් පුරස්නයකි." මේ වේඟයෙන් දුවන දුම්රියේ සිට තාත්තා හෝටලයකට ගොස් කෙසේ නම් උණු කිරි තේ මිලදී ගත්තේද?" බොහෝ කළක් යනතුරු මා මෙයට පිළිතුර දැන සිටියේ නැත.

කිරි තේ ගෙනා තාත්තා ඊට අමතරව තවත් අමුත්තෙකු රැගන විත් සිටියේය. මීට පෙර කිසි දිනක දැක නොතිබුන එය චිත්ර වලින් පිරි පත්තරයක් විය. කොටින්ම කියතොත් එය "සතුට" පත්රය විය. 



කියැවීමට මළපොතේ අකුරක් වත් නොදැන සිටි මා එහි වූ චිත්ර මුල සිට අගටත් නැවත අග සිට මුලටත් දෑසින් උරා බීවෙමි. 

මා මේ කියන්නට යන කථාවේ ආරම්භය මෙලෙස ඇරබිනි. එදිනේ චිත්ර කථා පිස්සෙකු ලොවට බිහිවුනි.

එදිනේ පටන් සෑම අඟහරුවාදා දිනයක්ම එනතුරු මා පෙර මඟ බලා සිටියේ තමාගේ කුළුදුල් පෙම්වතිය එන තුරු පෙර මඟ බලා සිටින නව යොවුන් පෙම්වතෙකු පරිද්දෙනි. තාත්තා හෝ අයියා කෙනෙකුන් විසින් සතුට පත්රය ගෙනා අතර එහි නැවුම් සුවඳ විඳිමින් ඇස් වලින් පින්තූර කියැවීමට මම ලොල් වීමි. කොටින්ම මම ඊට ඇබ්බැහි වීමි. දැන් කාළයේ ළමුන් ඇබ්බැහිවන දෑ වල ඇති නපුරු හා භයානක කම දකින විට මගේ තිබුනේ ඉතාමත් අහිංසක ඇබ්බැහි වීමකි.

ඒ අඟහරුවාදා දිනය මට අද මෙන් මතකයේ ඇත. අවදිවූ හෝරාවේ සිටම සතුට පත්රය ලැබෙන තෙක් පෙර මඟ බලා සිටි මට රාත්රියේ ආහාරයෙන් පසුවද එය ලැබෙන අයුරක් නොපෙනිනි. එදා වැඩ අධික දිනයක් බැවින් තාත්තාට සතුට පත්රය ගෙදරට එවීමට නොහැකි වී තිබිනි. ඔහු රාත්රී අටට පමණ නිවසට ගොඩවිය. මට මතක හැටියට අම්මා ඔහුට මාගේ අසහනය කලින්ම දන්වා තිබිනි. 

ගෙදර ආ තාත්තා මඳ වේලාවකින් සතුට පත්රයක් මා අත තැබීය. පින්තූර බලා දෙනෙතේ ඒවා සිතුවම් කරගෙන සිටි මට මුල් පිටුව දුටු විටම එය පරණ පත්රයක් බැව් දැනීමට තප්පරයකුඳු ගත නොවිනි. පත්රය වීසිකර දැමූ මා හඬමින්ම එදා නින්දට ගිය බව මට මතකය. එදායින් පසුව පුත්රයා එසේ රවටනු බැරි බැව් තාත්තාද සිහියට ගත් අතර නොවරදවාම මට පත්රයද ලැබෙන්න සැලැස්වූ බැව් එතුමාට පිදෙන සෙනෙහසත් සමඟ ස්තූති පූර්වකව සිහිපත් කරමි.

මුලදී පින්තූර වලින් සැනසුනු මා හට කථාවද දැනගැනීමේ දොළ දුකක් ක්රම ක්රමයෙන් පහල විය. අකුරු හරියට නොදත් මා හට එය ඒබරං ආතා ඉංගිරිසි පත්තරය කියවනවා වැනි මහා භාරදූර කාරියක් විය.

මට පත්තරය කියවා දීමේ කාරියට බිලිවූයේ එවකට අම්මා පාසල් ගිය පසු අප මිත්තණියට උදව් පදව් කරමින් අපවද බලා ගත් අනුලාටය. පොත් පත්තර කියැවීමට මහත් ගිජු වු ඇය එම කාරිය දේව කාරියක් සේ මහත් භක්තියකින් යුක්තව කිරීමට දෙවරක් නොසිතා ඉත සිතින්ම කැමති වූවාය. 

එතැන් පටන් ඇය අනෙකුත් වැඩ රාජකාරියන් අවසන් වනතුරු පත්තරයේ චිත්ර කියැවූ මා ඉනික්බිතිව ඇය පස්සේ වැටුනේ ඉඳිකට්ට පසුපස වැටුන නූලක් මෙනි. ඇයට පිං සිදු වන්නට ඒ කථා මට හොඳින් තේරුම් ගත හැකිවිය. 

එක් කාරණයක් මේ අවස්ථාවේ නොකියාම බැරිය. එයනම් එකල තිබූ චිත්ර කථාවල තිබූ අමිල ගුණයයි. පවුලේ සැමටම එකට කියවිය හැකි හරවත් කථාවන් එහි විය.කිසිවිටෙක අනවශ්ය හුදු රාගය හෝ කාමය අවුස්සන කිසිදු කථාවක් එහි නොවීය. සෑම කථාවකම වාගේ අප හැමට උගත හැකි යමක් හෝ සමාජයට දෙන යහපත් පවිවුඩයක් ගැබ්වී තිබුනි.

පසු කළෙක හතු පිපෙන්නා සේ බිහිවූ චිත්ර කථා හුදු වෙළද ආදායම ගැනම සිතූ හෙයින් පත්රවල ප්රමිතියත් බාල වී මහා කුණුහරුපයක්ම පමනක් සමාජයට දීමට මාන බැලූ අතර චිත්ර කථාවේ පරිහානියටද අත්තිවාරම දැමීය. මේ ගැන සවිස්තරව පසුව ලියමි.

මෙම සටහන එක කොටසකින් ලියා නිම කෙරුමට සිතා සිටියත් ලිවීම පටන් ගත් පසු නොසිතූ අයුරින් දීර්ඝ වීම නිසා කොටස් දෙකකින් පළ කෙරුමට සිදුවිය. 

ළබන සතියේ ඉතුරු කොටස බලාපොරොත්තු වන්න.ඔබ සැමට ජය වේවා!!

41 comments:

  1. මාත් කීප විටක් චිත්‍ර කතා පත්තර ගැන මගේ මතකයන් මුණු පොතේ ලියා තියෙනවා..ඔයාගේ කතාව ඊට වඩා බොහෝ දේ වලින් සම්පුර්ණයි ,,,

    ඒක නෙමේ දැන් හාෆ් සෙන්චරිය අත ලග නේද ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අපූර්වී! තව බොහෝ විස්තර දෙවැනි කොටසේ තියෙනවා. ඒකත් කියවන්න එන්න හොඳේ....
      ළමයා ඒක අල්ලා ගත්තා නේද? අපරාදේ ඉස්කෝලෙට ඇතුල්වුන අවුරැද්ද දැම්මේ..

      Delete
  2. සත්තකින්ම. මමත් චිත්‍ර කතා පිස්සෙක්. සතුට තමා මමත් ආසාවෙන්ම බලපු එක. ඊට අමතරව, සිත්තර, සත්සිරි, මධුර වගේ තව ගොඩාක් තිබුනා.. සතුට ආවෙ බදාදා නේද ? දයා රාජපක්ෂගෙ මුත්තයියා පාර එහෙම මට තාමත් හොඳටම මතකයි. ටෝගා, ප්‍රාග්, යුනිකෝ.. අප්පා මතක කෝටියයි. ඉස්සර අපි කතා එකතු කරලා පොත් හිටන් හැදුවා. මතක් වෙද්දිත් සතු‍ටුයි ඒ වගේම දැන් නැති නිසා දුකයි.

    දැන් අලුත් ප්‍රවනතාවයක් තියනවා. මම මේ ළඟදි ගියා දයාවංශ එකට. පොත් ‍තෝර ‍තෝර ඉන්නකොට එක පාරටම හම්බුනා අමුතු පොතක්. ඒක චිත්‍රකතා පොතක්. අනුර ශ්‍රීනාත්ගෙ "පිස්සු නැත්නම් ශෝක් පුතා"කියලා අපූරු චිත්‍ර කතා පොතක්.. මම ඒ වෙනකොට ‍තෝරගෙන තිබුන පොත් ඔක්කොම පැත්තකින් තියලා ඒක අර ගත්තා. ඊට පස්සෙ ගිය වෙලාවක දැක්කා තවත් චිත්‍ර කතා පොත් වගයක්.. පත්තර නැති එකේ එහෙම හරි චිත්‍ර කතා කියවන්න ලැබෙන එක ජාති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා! අපි එකම රෑනේ කුරැල්ලෝ.
      දෙවැනි කොටසේ කථා ගැන ගොඩක් විස්තර තියෙනවා.
      මිහිරයි , සතුටයි ලේක් හවුස් එකෙන් පළකරේ. මිහිර ආවේ සඳුදා. සතුට අඟහරැවාදා. නීතිමය හේතුවක් මත සතුට නම වෙන සමාඟමකට දෙන්න උනා. එතකොට අඟහරැවාදා ආපු සතුටම මධුර නමින් අඟහරැවාදා ආවේ. ඊට පස්සේ සතුට කියලා වෙන පත්තරයක් අර සමාගමින් කලා. ඒක මං හිතන්නේ බඳාදා එන්න ඇති. සිකුරාදාට දෙවැනි කොටස පළකරනවා. ඒකත් කියවන්න එන්න කියලා මම ආරාධනා කරනවා.

      Delete
    2. ඔව් සතුට පස්සෙ ගැහැව්වෙ විජය ප්‍රකාශනයක් හැටියට. මොන හේතුවකට හරි ඔවුන් එකම දවසෙ ඔක්කොම කතා ටික නතර කරලා පත්තරේ වහලා දැම්මා.

      Delete
    3. මමත් ඔබ දෙපලගේ සමකාලීනයෙක්. ඒ කාලේ අපි සතියේ දවස් ගෙවෙනකම් කොයි තරම බලාගෙන ඉඳලා තියෙනවද? මගේත් චිත්‍රකතා අත්දැකීම ගොඩයි. වෙලාවක ලියන්නම්. මේ ලිපිය මා ඒ අතීතයට ගෙන ගියා.

      Delete
  3. පුබුදුපුර යසසිරිපුර ජයසිරිපුර එහෙම හැදීම එක්ක නේද නව නගරේ ස්ටේසම හැදුණේ අයියේ ..?මාත් නදන් එක කිට්ටුව සෑහෙන කාලයක් උන්නා..සිගේරා එහෙම දන්නවැයි?

    ReplyDelete
    Replies
    1. සහන් මලයා කොයි කාලෙද හිටියේ? මම දන්නවා සිගේරා කෙනෙක්. එයා ගුරැවරයෙක්. අපේ ගෙවල් දෙවැනි පියවරේ වතුර ටැංකිය කිට්ටුව. ඒක නෙමේ මල්ලී ආපහු ඇවිත්ද? මට ආයිත් කථා කරන්න ලැබුනේ නෑ.

      Delete
    2. මම කියන්නේ අපේ මහ ඇමති තුමාගේ මාමණ්ඩි සිගේරා ගැන... මම ගියා දැන් ටික දොහකට කලියෙන් මහ ඇමති තුමාගේ 3 මාසේ බණට. බණත් අහලා (කෑම ඩින්ගකුත් අරන් පින් තකා) සිත පහන් කරන් ආව.

      Delete
  4. මටනම් වැඩ්ය චිත්‍ර කතා කියවන්න ලැබිලා නෑ.. ඒත් පොඩි කාලේ අක්කා උස්සන් ආව සිත්තර පත්තරේ නම් කියවලා තියෙනවා..

    ඊට පස්සේ ඉතාලි ආවම කාටුන් පත්තර නම් අහල පහල ගෙවල් වල පොඩි එවුන්ගෙන් උස්සන් ඇවිත් කියවලා තියෙනවා වගේම තාමත් අහු වුනාම උස්සන් එනවා...

    ReplyDelete
    Replies
    1. ඒක උනේ මල්ලී 1982 රෑපවාහිණිය ඇරඹීමත් සමඟ බොහෝ පිරිස් පොත් පත්තර වගේම සිනමාවෙන්ද ඈත්වුනා. ඒ වගේම ඒ කාළය වනවිට තිබුන තරඟය නිසා කථාවල ප්‍රමිතිය හා බොහෝ කාමුක කථා(අළෙවිය වැඩිකර ගැනීමට) වෙළඳ පොළට ආවා. ඒකෙන් චිත්‍ර කථාවට ඇති ඉල්ලුම නැතිවුනා.
      මල්ලී ඊළඟ කොටසත් කියවන්න එන්නකෝ ගොඩක් තොරතුරැ ඒකේ තියෙනවා.

      Delete
  5. මෙන්න මේකයි අවුල.. උඹත් අර හැලපයා, අරූ වගේ සමහර දේවල් පස්සේ ලියන්නං කියන්න පුරුදු වෙලා.. චිත්තර කතා මට පෙන්නන්න බෑ බං.. බලන එකමයි වැඩේ..

    අඩේ අපි දෙන්නගෙම ටෙම්ප්ලේට් එක එකමයි නේද??

    ReplyDelete
    Replies
    1. මේකයි දේශක තුමෝ කථාව දිග්ගැහෙනවා හිතේ තියෙන ඒවා ගඟ ගලනවා වගේ ගලාගෙන එනකොට. අපේ පාඨකයට තියෙන සීමිත කාළයට ගැලපෙන්න කොට කරා.
      ඒකනේ බං අපි ඒකනේ එකට සෙට් වෙන්නේ. සමහර දෙබස් පවා මට මතකයි. ඉස්සරහට රිදී තිරයට බැඳි මගේ ආලය ගැන විස්තරයකුත් ලියන්න හිතං ඉන්නවා. එතනදිත් උඹයි මමයි එකයි කියලා හොඳටම ෂුවර්!! උඹට ජය!!

      Delete
  6. සිත්තර ,සත්සිරි වගේ පත්තර යන්තන් මතකයි.. ඒත් අපි කියවන්න පටන් ගන්නකොටම වගේ ඔය පත්තර නැතුව ගියාද මන්දා...කොහොම හරි ටෝගා යුනිකෝ වගේ කතානම් බැලුවා මතකයි හොඳටම.

    ReplyDelete
    Replies
    1. මම දිනේෂ් මලයට කිව්වා වගේ පව්ලූෂා පුතේ රෑපවාහිණියේ සංක්‍රමනවත් සමඟම පොත් පත්තර, රේඩියෝව විතරක් නෙමේ සිනමාවටත් කණ කොකා හැඬුවා. අපේ චිත්‍ර ශිල්පියෝ හා සිනමා කරැවන් ජනතාවගෙන් ඈත්වුනා. රටේ තිබුන යුද වාතාවරනය මෙය තවත් උග්‍ර කලා. ඒකයි පව්ලූෂා පුතාට මේවා මිස් වුනේ.
      උඹට ජය මලේ! දෙවැනි කොටස බලන්න වරෙං..

      Delete
  7. චිත්‍ර කතා අතීතයක්... !
    මම නම් කැමිලස්ගේ චිත්‍ර කතා පත්තරේ ඇරෙන්න වෙන චිත්‍ර කතා නං කියවලා නෑ

    ReplyDelete
    Replies
    1. මල්ලිලාට ඒ රසවත් කලේ මිස් වුනා. රෑපවාහිණියත් විවෘත ආර්ථිකයත් එක්ක සියල්ල වෙනස් වුනා. මල්ලී දෙවන කොටසත් බලන්න එන්නකෝ. ගොඩක් විස්තර ඒකේ තියෙනවා. කිසි දෙයක් නොබලා මතකයෙන්මයි ලිව්වේ. උඹට ජය!!!

      Delete
    2. ඒ කතාව හරි.. ඒ අතීතයේත් ජීවත් වෙන්න තිබ්බා නම් අපූරුයි කියලා හිතෙනවා...

      Delete
  8. මට මෙහෙම ලොකු මතකයක් නෑ. හැබැයි මොකක් හරි පත්තරේක අන්තිම පිටුවෙ තිබ්බ චිත්‍ර කථාවක් වහ වැටිල කියෙව්ව මතක යි. ඒකෙ හිටියෙ සත්තු කියල විතර යි මතක :-)

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ දිලිනි නඟේ පළවුන කොයි කථාවත් හොඳයි! ඊටත් අපට වෙන
      දෙයක් තිබුනේ නෑ රස විඳින්න. පොත්,පත්තර, ගුවන් විදුලිය හා සිනමාව පමණයි. ඉතිං අපි ඒවාට වහ වැටුනා. අපට නරකක් උනෙත් නෑ. දැන් එහෙමද TV, internet, games ඔය ආදී රටේ නැති ඒවා. දියුණුවන තාක්ශනය හොඳයි අපි ඒක හරියට පාවිච්චි කරනවානම්.
      දෙවැනි කොටසේ ගොඩක් විස්තර තියෙනවා බලන්න එන්න කියලා මම ආදරයෙන් ඉල්ලනවා.

      Delete
  9. මමත් ලිපිය කියවන අතරෙ කල්පනා කලේ දෙමාපියො මේ පොඩි එකාට චිත්‍ර කථා බලන්න ඉඩ දුන්නෙ ඇයි කියලා...ඒකට පිළිතුර අගින් ලැබුනා...කැමිලස්ගේ ගජමෑන් තමයි මම කැමතිම කාටූනය...

    ReplyDelete
    Replies
    1. ඒකනේ මලේ ඒවායින් ළමා සිත දූෂනය වුනේ නෑ. ලිවීමේ චිත්‍ර ඇඳීමේ හැකියාව ආසාව වර්ධනය උනා. මේකෙ දෙවැනි කොටස බලපංකෝ මම ගොඩක් විස්තර කථා ගැන ලියලා තියෙනවා. මතකය අළුත් වෙයි. මට මතකයි ගජමෑන් ගියේ මැද පිටුවේ...

      Delete
  10. අපිට තේරෙන කාලේ ඕවා එතරම් ජනප්‍රිය නැහැ. නමුත් සත්සිරි, සිත්තර නම් දැකලා තියෙනවා. විජය පත්තරේ මල් මාමා ඉන්න කතාව වගේ ඒවා නම් කියවන්න පොඩි දවස්වල ඇබ්බැහි වුනා.

    ReplyDelete
    Replies
    1. ඒකට හේතුව උනේ මල්ලී 80 දශකයේ මැද භාගය වනවිට රෑපවාහිණිය සියළුම මාධ්‍ය ආක්‍රමණය කිරීම හා රටේ තිබුන කළබල වාතාවරනය. චිත්‍ර කථා බලනවා නෙමේ ජීවිතය බේරගෙන ඉන්නේ කොහොමද කියන එකයි මුලට ආවේ. ඔයා ආසවෙයි දෙවැනි කොටසේ මම චිත්‍ර කථා ගැන ලියපුවා බැලුවාම. ජය!!

      Delete
  11. පොඩි කාලේ ඉදන්ම පත්තරේ අවසාන ඉටුවේ තිබ්බ චිත්‍ර කතාව ආසවෙන් කියෙව්වා. ඒක තමයි තියන එකම මතකය

    ReplyDelete
    Replies
    1. ඒක තමා මලේ උඹලගේ කාළේ එනකොට ඒ කළාව කාලා ඉවරයි. දෙවැනි කොටසත් බලන්න වරෙං මලේ...

      Delete
  12. චන්දන........ඔරිජිනල් සතුට ආවේ අඟහරුවාදා තමයි. මේ පෝස්ට් එක මට මිස් වුනා වෙලාසනින් කියවන්න. චිත්‍රකතා පත්තරවලට් හෙනහුරා ගැහුවේ පත්තර මුදලාලිලාගේ තන්හාව සහ තරඟය නිසා. සතුට පත්තරේ තරමටම සිත්තර තිබුනත් එතනින් එහාට සියල්ල ලොස් වුනා නේද?

    ReplyDelete
    Replies
    1. මට දින යකවානු කථා වල නම් චරිත ඉර හඳ වගේ මතකයි අරෑ අයියේ. ඒ කොච්චර සුන්දර කාළයක්ද? ඇත්ත තමයි මුදළාලිලාගේ වස්තු තන්හාව ඒ කළාව නැති කලා.
      මට දුක අපෙන් පස්සේ ආපු උන්ට ඒක නොලැබීම. අපේ දරැවන්ටනම් මොකුත්ම නෑ. වරෙංකෝ දෙවැනි කොටස බලන්න ඒකේ ගොඩක් විස්තර තියෙනවා. උඹට ජය අයියේ!!!

      Delete
  13. ඈ යකඩෝ කොහොමද මට උඹේ මේ පොස්ට් එක මිස් උනේ. එකෙන් කාරී නෑ . මමත් කැමතිම ටොපික් එකක්. ඊළඟ කොටස කියවන්න මග බලන් ඉන්නවා,

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මං බැලුවා උඹ කෝ කියලා. ඒත් හිතුවා නත්තලට ගෙදර ගිහිං ඇති කියලා. මං දන්නවා උඹ කැමති බව. දෙවැනි කොටස හෙට උදේ පළ කරන්නම්..

      Delete
  14. " Very Urgent".....චන්දන.......වහාම රවී ලියන නිදහස් සිතුවිලි බ්ලොගට පලයන්. උඹ ආස කරන මාතෘකාවක් රසට සාකච්ඡා වෙනවා. නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරෑ අයියේ මගේ ආයුෂ අවුරැදු කිහිපයකින් වැඩිකරගන්න උදව් උනාට... උඹට ජය!!!

      Delete
  15. චන්දන,

    මම අනුරාධපුරේට ආවෙ 1976 දි. එතකොටනම් නව නගරය ස්ටේෂන් එක තිබ්බ. සතුට ආවෙ 1972 තමයි. සතුටෙ උඹට මතකද අර අනාගතයෙ මොකක් හරි විනාසෙකට පස් සෙ කූඹි මකුළුවො එහෙම මහ විසාලයි. මිනිස්සු කඩු පොලු අරගෙන වටකරල කූඹින්ව මරණ කතාව..මම ඒ කාලෙ ආසම ඔන්න ඕකට..

    ReplyDelete
    Replies
    1. මට ඒ කතාව නම් එච්චර මතක නෑ රවී අයියේ. ඒත් තව ගොඩක් කථා මට මතකයි...

      Delete
  16. You are clever everyday!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඒයි ලක්කනයා සඳුන් සෙවනට ආදරයෙන් පිළිගන්නවා. උඹට මතකද රන්කුරැමිණියෝ අපි එකතු කල හැටි. ආයෙත් මේ පැත්තේ වරෙං.

      Delete
  17. chandana malli mamath kamathima topic ekak. mage langa thawama palamuweni paththare surakshithawa thiyenawa.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියගේ ඇඟැයීමට. සඳුන් සෙවනටත් ඉතාමත් ආදරයෙන් පිළි ගන්නවා. ආයිත් එන ලෙස ආදරයෙන් ඉල්ලනවා.
      අයියට පුළුවන් නම් ඒ පත්තරේ ෆොටෝ එකක් මට එවන්න. මගේ ඊ ලිපිනය chandanagunasekera@yahoo.co.uk

      Delete
  18. මගේ චිත්‍රකතා මතකයත් සටහන් කරන්න හිටියත් අමතක වුණා වෙනත් මාතෘකා ලැබෙනකොට. මට නම් චිත්‍ර කතා බලන්න ගෙදරින් නිදහස ලැබුණේ නෑ. අපි බැලුවේ හොරෙන්. එහෙම බලලා මාට්ටු වුණ දවස කවදාවත් අමතක වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම උඹේ චිත්‍ර කථා මතකය අවදිකරපං සුදීක. අපි ආසාවෙන් බලං ඉන්නවා...

      Delete
  19. මම 60 දශකයේ මුල් උපන් අයෙක්. අපේ ළමා කාලය ගත වුණේ චිත්‍ර කතා එක්කමයි. පත්තරේ මොකක් උනත් චිත්‍ර කතාව විතරමයි බලන්නේ. ලන්දේසි හටන, ශ්‍රී වික්‍රම, සද කුමරිය වගේ චිත්‍ර කතා පොත්...... පසු කාලයේදි බලංගොඩ සරත් මධු ගේ සම්ප්‍රාත්තිය. ඔබේ ලිපි පෙළ තරමක් ප්‍රමාද වෙලා තමයි ඇස ගැටුනේ.........ස්තූතියි!

    ReplyDelete