Pages

Sunday 12 January 2014

දුම් බොන තාත්තාට අසරණ පුතාගෙනි......


තාත්තාගේ හිත රිඳුවට මා හට දැන් සමා වෙන්න
දුම් ගේන්න දුන්න සල්ලි තාමත් මගෙ අතේ මෙන්න
තීරණයක් ගතිමිය යළි කිසිඳා දුම් මිල නොගන්න
මට බනින්න පහර දෙන්න ඒත් එපා දුම උරන්න
   
පාසල වෙත ගිය දිනයේ ගුරුතුමියත් මට රැව්වා
පුතේ නුඹේ හිස කෙස්වල සිගරට් ගඳ යැයි කිව්වා
පංතියේ උං එකතු වෙලා දුම් ගුඩ්ඩැයි කෑ ගැහුවා
පාසල් යන්නටත් බැරිව ඉකි ගහලා මං ඇඬුවා
   
නංගි මතින් වැනෙන අයුරු දුම් පටලය තුලින් පෙනේ
සිගරට් දුම වැදී ඇයට නින්ද නොයා තියෙද අනේ
පාඩම් පොත පෙනෙන්නෙ නෑ නෙතු විෂ දුම් පිරෙනු දැනේ
ඔබ කහිනා හඬ පමණයි දුම අතරින් මට ඇසුනේ
   
ඔබෙ වටිනා ජීවිතයෙන් ඇයි තාත්තේ පලිම ගන්නේ
ඔබත් සමඟ අපත් ඇයිද අපායටම ඇද දමන්නේ
ඇඟැට කෑම නැතිව මුදල් දුමටම පුච්චා හරින්නේ
පරක්කු නෑ නවතයි නම් ඔබේ පෙනහළුයි කියන්නේ
   

Photo credit: Birminghammail.co.uk
                     Baltimoretimes-online.com

15 comments:

  1. ඔන්න ඔය සිද්ධිය ලැන චීන ළමයි ලියපු රචනාවක් මම කියෙව්වා ඒ වගේ හුගක් තිබ්බ පොතක.. මරුවට තිබ්බා. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශක තුමා! මේකට ඇබ්බැහි උනොත් මිඳිලා අහවරයි! හොඳ වෙලාවට මධු විත ටිකක් තොල ගෑවට ඔය පුරැද්ද නෑ. උඹට ජය!!

      Delete
  2. සහතික ඇත්ත කතාව.
    පවුලේ තාත්තා දුම් බීවහම ඒවයින් දුක් විඳින්නේ ළමයි. ඒ වගේම සමහර මිනිස්සු පිරිසක් ඉන්නැද්දිත් ඔහේ සිගරට් එකක් පත්තු කරගෙන ඒ මිනිස්සුන්ටත් විස පතුරනවා !

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මල්ලී! ඒත් මං හිතන්නේ තරැණ පරපුර අඩියක් ගැහුවට ඔය ජරා පුරැද්දට වැඩිය ඇබ්බැහි වෙලා නෑ කියලා. ඒත් මේ රටවල හරිම වැඩියි. ගෑණු පිරිමි කියලා වෙනසක් නෑ. ජය!!

      Delete
  3. අලුත් පරපුරේ බොහෝ දරුවොන්ට නම් ඔහොම කවි ලියන්න ඕන වෙන්නේ නැහැ. අපේ තාත්තලාගේ සමකාලීනයන්ට සාපේක්ෂව නව පරපුර දුම්බීම අඩුයි නේ. අපේ තාත්තාගේ දුම් බීම නවත්වුවේ මම තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කළු මල්ලී! ඒක නම් ඇත්ත. අපේ තාත්තලට ඉස්සර වැසිකිලියට යන්නත් සිගරට්ටුවක් ඕන උනා. අපේ තාත්තත් පසු කලෙක දුම් බීම නැවැතුතුවා. ඒත් එතකොට වෙන්ඩ ඕන හානිය වෙලා ඉවරයි!

      Delete
  4. අපේ තාත්තත් බොනවා.. හැබැයි මම ඉන්න තැන බොන්නේ නෑ.. මම බනින හන්දා.. දවසක් මම මූණටම කිවුවා කියන දේ අහන්නේ නැත්නම් ඔයා බීලා ලෙඩ වෙන්න අපිව ලෙඩ නොකර කියලා.. දැන් මම ඉද්දී ගෙයින් එලියට යනවා බොන්න..

    ReplyDelete
    Replies
    1. ඒකනේ මල්ලී දරැවෝ තමයි දුක් විඳින්නේ. අපේ තාත්තා පසු කලේදි නැවැත්තුවා. හොඳ වෙලාවට මට පුරැඳු උනේ නෑ. මේ රටවල ගෑණුත් බොනවනේ. හිතන්න කොච්චර ගඳද? ඉස්සර ලංකාවේ හෝල් එකක චිත්‍ර පටියක් බලලා ආවම මුළු කොන්ඩෙම සිගරට් ගඳයි.

      Delete
  5. මොනවා උනත් ලංකාවේ මේ වෙද්දී දුම් බීම සෑහෙන අඩුයි අයියේ...ඔයාගේ කවිය කියවද්දී මතක් උනේ පොඩි කාලේ මමත් තාත්තට ඔය වගේ කියලා තියෙනවා... ඊට පස්සේ තාත්ත සිගරට් බොන එක නැවැත්තුව.... හිතට දැනෙන කතාවක් අයියේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇඟැයීමට මල්ලී! ලංකාවේ ඒක අඩුවෙන එකනම් සතුටට කාරණයක්. මේක අපේ තාත්තලාගේ කාලේ ආපු විලාසිතාවක්... හැමෝම වග විභාගයක් නැතිව ආදරයෙන් වැළඳගත්තා. උඹට ජය!!

      Delete
  6. බොහොම අර්ථවත් පද ගෙතුමක්...පොඩි ළමයින්ව වඩාගෙනම සිගරට් බොන මී හරක් වර්ගයකුත් ඉන්නවා...උන්ට උපතින්ම මොළය පිහිටලා නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා මල්ලිගේ ඇඟැයීමට! වැඩි දෙයක් ඕන නෑ බඩ දරැ අම්මලා තව දරැවෙකුත් වඩාගෙන සිඟරට් එකකුත් කටේ ගහ ගෙන යනවා මං අනන්ත දැකලා තියෙනවා. උන් උන්ම විනාශවන ගමන් පොඩි එවුනුත් වල පල්ලට දක්කනවා.
      ජය!!

      Delete
  7. දුම් බොන්න එපා කියන එක වෙන්න ඇති ලෝකේ වැඩියෙන්ම දෙන අවවාදය හා වැඩියෙන්ම අහන්නේ නැති අවවාදය,

    ReplyDelete
    Replies
    1. ඔව් බං බොන්ඩ එපා කියලා මෙච්චර දැන්වීම් දාද්දිත් අළෙවියේ අඩුවක් නෑ. පැකට් එකේ පවා ගහලා තියෙනවනේ.
      මං බැළුවෙ උඹලා කෝ කියලා. මාත් හරිම බිසී උනා. යාළුවන්ගේ පෝස්ටු ගොඩ ගැහිලා....
      උඹට ජය!!

      Delete
    2. මම නම් බිසී වුනාට වඩා පහුගිය නිවාඩු දවස් ටික අල්ලලා ගියා පොඩි ට්‍රිපක් ,ඉන්ටනෙට් තියා ෆෝන් වත් වැඩ කරන්නේ නැති පැත්තක

      Delete