සුදු පුතේ මට කියන්නට නම් බොහොම දේවල් | තියෙනවා |
ළඟදි පැළඳුව කළු කබායෙන් මාව හැඩටම | පෙනෙනවා |
තැනින් තැන කිසි පැලැස්තර නෑ එකම තලයට | දිවෙනවා |
ඔපෙන් යටවුණු ලේ කඳුළු ගැන හිතෙද්දී නෙතු | තෙමෙනවා |
මමත් උඹ වගෙ පැඟිරි කාලේ ගලුයි බොරළුයි | පෙරෙව්වේ |
ගොනුන්ගේ කුර වලට පෑගී තරහිනුයි මං | එරෙව්වේ |
ගැලේ රෝදය ඉලේ වැදිලා 'කිරිස්' හඬ කන් | පිරෙව්වේ |
සුද්දා මගෙ ඇඟ පුළුල් කරලා මාව නොමරා | මැරෙව්වේ |
සිනිඳු සියුමැලි පාද පහසක් විඳපු දවසක් ළඟ | නැතේ |
විදුලි වේගෙන් දුවන වාහන හඬට කන් බිහිරිව | යතේ |
ළඟදි දිනයක ගියපු වේගෙට රිදුම් එයි තවමත් | ගතේ |
පිටේ හම ගැලවිලා යාදෝ බියවුණා හොඳටම | පුතේ |
සුදු ඉරියි කහ ඉරියි ඇඳලා ගත මගේ සරසා | ඇතේ |
පදිකයින් යටවී මියෙද්දී කල එවුන් ඉගිලී | යතේ |
අනුන් වට්ටා තමන් රජ වෙයි චාරයක් කොහෙවත් | නැතේ |
කුමක් කරමිද අසරණයි මා දුක් කඳුළු සඟවමි | නෙතේ |
Saturday, 10 May 2014
පුතුට කියන වඟ නම්......
Subscribe to:
Posts (Atom)